ත්‍රි'මලයත් වෙසක්‌ සිරි ගනී


කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ සහ ත්‍රිකුණාමලය සමන් මල්ලවආරච්චි


2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවය ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ වෙහෙර විහාරස්‌ථානයන්හිදී මහත් බොදු බැතියෙන් සමරනු ලැබිණ.

දිවයිනේ දස දෙසින් පැමිණි සිය දහස්‌ ගණන් සැදැහැවතුන්ගෙන් ඓතිහාසික සේරුවාවිල පූජා නගරය, විල්ගම් වෙහෙර පුරාණ පින්බිම, ගිරිහඬු සෑය, ආදී පූජා භූමි පිරී ඉතිරී ගොස්‌ තිබූ අතර විශාල වන්දනා නඩ රැගත් වන්දනා බස්‌, වෑන්, ලොරිරථවලින් මහා මාර්ගය ද වෙසක්‌ සිරියෙන් ඉපිල ගොස්‌ තිබිණි.

ත්‍රිකුණාමලය හා කන්තලේ මූලස්‌ථාන පොලිසිවල නිලධාරීන් යන එන සැදැහැවතුන් හා වාහනවලට නිසි ආරක්‍ෂාව හා මග පෙන්වීමද කාරුණිකව සිදුකරනු පෙනෙන්නට තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.