වවුනියාව වෙසක්‌ සිරියෙන් ඇලළෙයි


ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වවුනියාවේ නගරය ආශ්‍රිතව දින තුනක වෙසක්‌ කලාපයක්‌ පිහිටුවා ඇති අතර වෙසක්‌ උළෙලට සමගාමීව විවිධ වැඩසටහන් රැසක්‌ ඒ වෙනුවෙන් දියත් කොට තිබේ.

2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරෙන මෙවර වෙසක්‌ සමයේදී වවුනියාව පුරා වෙසක්‌ උත්සව දැකගන්නට ලැබෙන අතර ආගමික වැඩසටහන්, දන්සල්, පහන් කූඩු ප්‍රදර්ශනය, මරණයට නියම වූ ගවයින් නිදහස්‌ කිරීම වැනි වැඩසටහන් ප්‍රමුඛ තැනක්‌ ගෙන තිබේ.

වවුනියාව මඩුකන්ද ඓතිහාසික ශ්‍රී දළදා රජමහා විහාරස්‌ථානයේ විශේෂ වෙසක්‌ පින්කම් මාලාවක්‌ පැවැත්වෙන අතර ඊට සහභාගි වන බැතිමතුන්ට මඩුකන්ද පොලිසිය මගින් දන්සලක්‌ද අම්බලන්ගොඩැල්ලේ ගම්වාසීන් විසින් සිසිල් පැන් දන්සලක්‌ද සංවිධානය කොට තිබේ.

වවුනියාවේ ආරක්‍ෂක අංශ සාමාජිකයන් විසින් වෙසක්‌ පොහොය නිමිත්තෙන් පහන්කූඩු ප්‍රදර්ශනය හා බැති ගී සංදර්ශනය සංවිධානය කොට තිබේ.

දිනසේන රතුගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.