සිරකරුවෝ 844 ක්‌ ඊයේ නිදහස ලබති


චමින්ද සිල්වා - අකිත පෙරේරා

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ රැඳවියන් 844 දෙනකුට ඊයේ (17 වැනිදා) නිදහස හිමිවිය.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක්‌ මත මෙම පිරිස ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරිය බව එම අමාත්‍යංශයේ ලේකම් ඒ. දිසානායක මහතා පැවසීය.

නිදහස ලැබූ පිරිස අතර කාන්තාවන් 13 දෙනෙකු ද සිටින අතර මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු චෝදනා 17 කට අයත් නොවන පිරිස්‌ මෙසේ මුදාහැරි බවද හෙතෙම කීය.

සියලු බන්ධනාගාරවලින් මුදාහරින ලද සියලු රැඳවියන් ආගමික සිද්ධස්‌ථානවලදී වතාවත් සිදුකිරීමෙන් පසු මුදාහරිනු ලැබූ අතර වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැඳවියන් 300 ක්‌ පමණ කැලණිය රජ මහා විහාරස්‌ථානය වෙත කැඳවා ගෙන ගොස්‌ මුදාහැරීමට කටයුතු කර තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.