දරුස්‌මාන් වාර්තා මගින් කෙරෙන
ලිංගික අතවර චෝදනා බොරු

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිමල් ලෙව්කේ


අත්අඩංගුවට පත් කොටි සාමාජිකාවන්ට ආරක්‍ෂක හමුදා නිලධාරීන් ලිංගික අතවර සිදු කර ඇතැයි දරුස්‌මාන් වාර්තාව මගින් කරනු ලබන චෝදනා තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිමල් ලෙව්කේ මහතා පැවැසීය.

2009 වසරේදී උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස කටයුතු කළ තමා යටතේ අදාළ විමර්ශන සඳහා සහභාගි වූයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බවත් එවැනි පිරිසකගෙන් වැරදි සිදුවූවා යෑයි කරනු ලබන චෝදනා පදනම් විරහිත බවත් හෙතෙම සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් කොටි සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස්‌ පොලිසිය, ත්‍රස්‌ත විමර්ශන ඒකකය යන අංශයන්හි නිලධාරීන් සහභාගි වූ බවත් ඔවුන් ඒ සඳහා විශේෂ පුහුණුවලත් අත්දැකීsම් බහුල පුද්ගලයන් බවත් නිමල් ලෙව්කේ මහතා සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.