විනාඩි 05 ක සුළඟක්‌ වැවේතැන්නට හානි කරයි


කරුණාරත්න ගමගේ


පොලෙළාන්නරුව, වැවේතැන්න සහ ලක්‍ෂ උයන ආර්. බී. 02 ප්‍රදේශ හරහා පසුගිය 15 දා පස්‌වරුවේ හමාගිය තද සුළඟක්‌ හේතුවෙන් නිවාස 05 කට පමණ අලාබහානි සිදුවී ගෙවතු වගාවන් රැසක්‌ද විනාශ විය.

වර්ෂාව සමඟ ඇතිවූ මෙම දැඩි සුළං තත්ත්වය විනාඩි 05 කට වඩා නොපැවති බව ප්‍රදේශවාසීහු පැවැසූහ. සුළඟින් විනාශ වූ ගෙවතු වගාවන් අතර අඹ, කෙසෙල්, කොස්‌ පොල් ආදියද වෙයි.

පීදුණු සහ අස්‌වනු නෙළීමට ආසන්න තත්ත්වයේ කෙසෙල් වගාව අක්‌කර 10 ක්‌ පමණක්‌ මෙම සුළඟට හසුවී විනාශ ගොස්‌ ඇතැයි ලක්‍ෂඋයන පලතුරු වවන්නන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.