කුරුණෑගල රෝහලේ වකුගඩු වෛද්‍යවරයකු සිටියත්
අවශ්‍ය පහසුකම් නැහැ



මාවතගම - කාන්තිමාලා උඩගෙදර

වයඹ පළාතේ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු කුරුණෑගල රෝහලට පත්කර ඇතත් පරීක්‍ෂණ හා ප්‍රතිකාර කිරීමට ඉඩ පහසුකම් සලසා නොමැති බැවින් එම පරීක්‍ෂණ හා ප්‍රතිකාර කටයුතු කිරීමේදී අපහසුතා ඇතිවී ඇති බව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය. එම නිසා සායන පැවැත්වීම, පරීක්‍ෂණ කිරීමට හා විශේෂ ප්‍රතිකාර ඒකකයක්‌ ආරම්භ කිරීමෙන් වයඹ වකුගඩු රෝගීන්ට කරන ඉමහත් සේවාවක්‌ බව වකුගඩු රෝගීහු පවසති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.