මතුගම කසළ ඉවත් කිරීම රාත්‍රියේ


විල්සන් විඡේරත්න - ඉත්තෑපාන


මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්. ජී. ලියනරච්චි මහතාගේ උපදෙස්‌වලට අනුව නගරයේ කසළ ඉවත් කිරීම මේ දිනවල රාත්‍රි කාලයේදී සිදුවේ.

එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පාදක වූ නගරයේ තැන් තැන්වල අක්‍රමවත් ලෙස ගොඩ ගැසී ඇති කසළ ඉවත දමන ස්‌ථාන පරීක්‍ෂා කිරීම පසුගියදා සිදුවිය.

මතුගම බාලිකා මාවතට යාබදව ඇති එවැනි ස්‌ථානයක්‌ සභාපතිවරයා විසින් පරීක්‍ෂා කරන අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුලා සිරිමාන්න මහත්මිය සහ ඕවිටිගල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී. ජී. ගම්ලත් මහතාද ඡායාරූපයේ වෙති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.