එළවළු මිල පහත වැටී
රජරට ගොවීන් අසරණයි


රජරට ප්‍රදේශවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයට රැගෙන එන එළවළුÊවර්ග රැසක මිල ගණන් සති කීපයක සිට පහළ වැටී තිබීම හේතුවෙන් බොහෝ ගොවීන් තම අස්‌වනු නෙළීම අතහැර දමා ගොවිපළේම විනාශ වීමට ඉඩහැර තිබීම ෙ€දනීය කරුණක්‌ වී ඇත.

අස්‌වනු නෙළීමට හා ඒවා ප්‍රවාහනය සඳහා වැයවෙන මුදල් හෝ දඹුල්ල වෙළෙඳපොළෙන් ලබාගත නොහැකි බව පවසන ගොවීහු තම අස්‌වනු කිලෝ ග්‍රෑම් 40 ක්‌ හෝ 50 අඩංගු බෑගයක්‌ රුපියල් 100 කට වත් අලෙවි කරගත නොහැකිව ඉවත දැමීමට සිදුව ඇති බවද පවසති.

විශේෂයෙන් කැකිරි, බණ්‌ඩක්‌කා, පිපිCඳ්C¹, මෑ කරල්, රාබු ආදී එළවළු වර්ග රැසක කිලෝවක තොග මිල ගණන රුපියල් 20 කට වඩා අඩුවෙන් පැවතීම මෙම තත්ත්වයට උදාවී ඇත.

වගාවන් ආරම්භ කිරීම සඳහා කණකර ආභරණ උගසට තබා හෝ බැංකුවලින් ණයට ලබාගත් මුදල් හෝ ගෙවා දැමීමට නොහැකි වීමෙන් දඹුල්ල සහ තදාසන්න ප්‍රදේශවල ගොවීන් දැඩි පීඩාවට පත්ව ඇති බව මාතලේ දිස්‌ත්‍රික්‌ ඒකාබද්ධ ගොවි සංවිධානයෙන් ප්‍රකාශ වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.