ඉපැරැණි බිතු සිතුවම් ගැන දුක කියන
ඕවල - කෙහෙල්වල පුරාණ විහාරය



යටිනුවර - යසාන්ති සුධර්මා ගුණතිලක

වසර 200 කට වඩා වැඩි ඉතිහාසයක්‌ ඇති ඉපැරැණි බිතු සිතුවමින් හා ලියකම්වලින් අනූන යටිනුවර කොට්‌ඨාසයේ කිරිබත්කුඹුර ඕවල කෙහෙල්වල පුරාණ විහාරය කිසිවකුගේ අවධානයට යොමු නොවීමෙන් විනාශ මුඛයට පත්වෙමින් ඇත.

මේ විහාරයේ බුදු ගෙය තුළ ඉපැරැණි වටිනාකමින් යුත් බුද්ධ ප්‍රතිමාවන් මේ වන විට අතුරුදන්ව ඇති අතර බුදු කුටියේ සිවිලිමේ ඇඳ ඇති ලියවැල්වලින් සමන්විත චිත්‍ර සියල්ල විනාශ වී දිරා ගොස්‌ ඇත.

මේ බුදුගෙයි අබලන් තත්ත්වය නිසාම 1930 දී යළි පිහිටුවනු ලැබූ බුqදු කුටිය සහිත විහාර මන්දිරයේ වහලය අද වන විට දිරා යැම නිසා සිවිලිම කඩාවැටී වැසි දිනවලට බුදු මැදුර තුළට වතුර ගලා එයි. මේ නිසා බුදු මැදුරේ බිත්ති පුපුරාගොස්‌ විනාශයට පත්ව ඇත. පිහිටා ඇති මෙම විහාර මන්දිරයේ ජාතක කතා ඇසුරින් නිර්මාණය වූ පිළිරූ රැසක්‌ම විනාශ වී යැමට පටන්ගෙන ඇත. ඒ අතර කිසාගෝතමී චරිතය, වෙස්‌සන්තර ජාතකය, සිදුහත් උපත ආදී කතා වස්‌තුන්ට අයත් පිළිම ඇත.

මේ සියල්ල අභාවයට යා නොදී රැක දීමට කවුරුන් හෝ ඉදිරිපත්වන ලෙසට එම විහාරයේ විහාරාධිපති ආචාර්ය අඹුවක්‌කේ සරණතිස්‌ස හිමියෝ "දිවයින"ට අදහස්‌ දක්‌වමින් කියා සිටියහ. මෙම තරමින් හෝ විහාරය රැක ගැනීමට ඕවල කෙහෙල්වල දායක පිරිස පිහිට වන බව ද උන්වහන්සේ සිහිපත් කළහ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.