කඳුබොඩ වැව පාරේ නිවසක
නාන කාමරයේ කසිප්පු ස්‌කාගාරයක්‌

වෙසක්‌ සතියේ බියගම අවට බෙදන්න සූදානම් කර තිබූ කසිප්පු අත්අඩංගුවට


දෙල්ගොඩ -ඩබ්ලිව්. ඩී. විතාන

වෙසක්‌ සතියේ බියගම හා අවට පෙදෙස්‌වලට කසිප්පු බෙදාහැරීමට කඳුබොඩ වැව පාර ප්‍රදේශයේ පිහිටි නිවාස යෝජනා ක්‍රමයක නිවෙසක්‌ තුළ ඉතාමත්ම රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්‌කාගාරයක්‌ මීගහවත්ත පොලිසිය මගින් වටලන ලදී.

මෙහි තිබී ගෝඩා මිලි ලීටර් හත් ලක්‌ෂ විසිනව දහසක්‌ , කසිප්පු ස්‌ප්‍රිතු මිලි ලීටර් විසි දෙදහස්‌ පන්සියක්‌, සිරුරට අහිතකර ඇමෝනියම් සල්පේට්‌ ග්‍රෑම් තුන්සීයක්‌ බැරල් පහක්‌ විශාල ගෑස්‌ උඳුනක්‌, ගෑස්‌ සිලින්ඩරයක්‌, වතුර මෝටරයක්‌ හා තඹ දඟර ඇතුළු පෙරීමේ උපකරණ රැසක්‌ද අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමගම මීට සම්බන්ධ නිවෙස්‌ හිමියාද පොලිස්‌ භාරයට ගනු ලැබීය.

මොහු මේ නිවෙස රුපියල් හය දහසක්‌ බැගින් වූ මාසික කුලියට බදු ගෙන එහි නාන කාමරයක මේ කටයුතු සඳහා සකස්‌ කර තිබූ අතර දැනට මාස දෙකක පමණ කාලයක සිට මේ ව්‍යාපාරය කර ගෙන ඇවිත් තිබෙන බවට පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළි වී තිබේ.

මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මේ සැකකරු 13 වැනිදා ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

මේ වැටලීමට මීගහවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ශ්‍රීනික සංජීව ජයකොඩි, පොලිස්‌ පරීක්‌ෂක ජී.ඩබ්ලිව්. චන්ද්‍රලාල්, සැරයන් ඩග්ලස්‌ (48947), ජයතිස්‌ස, (29333), පො.කො. රත්නමලල (36501), මහ ගමගේ, (88791), කාන්තා පො.කො. නිලක්‌ෂි (8579) හා පොලිස්‌ සහායක සරත් (2618) යන නිලධාරීහු සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.