එංගලන්ත සංචාරයේදී කණ්‌ඩායමට
එක්‌වීම ප්‍රධානම අරමුණයි
- ෂෙවැග්


එංගලන්තය සමගින් පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලියේදී නැවතත් පූර්ණ සුවය ලබමින් කණ්‌ඩායමට එක්‌වීම තම අරමුණ බව ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරු විරේන්ද්‍ර ෂෙවැග් පවසා සිටියි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී උරහිසේ ආබාධයකට ලක්‌වීම මත එය සැත්කමකට භාජනය කිරීමට ෂෙවැග්ට සිදුවූ අතර අදාළ සැත්කමින් අනතුරුව තම ඉදිරි බලාපොරොත්තු පිළිබඳව ඔහු ඉහත අදහස්‌ පළ කර තිබේ.

"මම හිතන්නේ එංගලන්තය සමගින් වන තරගාවලිsයට මම ක්‍රීඩා කළ යුතුයි. අන්න ඒක තමයි හේතුව මත තමයි අයි. පී. එල්. තරගාවලිය පැවැත්වෙමින් තිබියදීම උරහිසේ සැත්කම කරන්න එංගලන්තයට පැමිණීමට" යනුවෙන් ෂෙවැග් අදහස්‌ දක්‌වා තිබේ.

එම උරහිසේ ආබාධයට මීට පෙරත් ෂෙවැග් ලක්‌වී තිබුණු අතර එහිදී ප්‍රථම වරට 2009 වසරේ පැවැති අයි. පී. එල්. තරගාවලියෙදී අදාළ ආබාධයට ප්‍රථමයෙන් ඔහු මුහුණ දුනි. එම අවස්‌ථාවේදීද තත්ත්වය දරුණු අතට හැරුණු අතර එහිදී එංගලන්තයේ පැවැති පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය තෙක්‌ එකම තරගයට හෝ සහභාගිවීමේ අවස්‌ථාව ඔහුගෙන් ගිලිහී ගියේය.

එමෙන්ම එම ආබාධිත තත්ත්වය පසුගිය වසරේදීද නැවත මතු වූ අතර එහිදී දකුණු අප්‍රිකාවේ පැවැති එක්‌දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව ෂෙවැග්ගෙන් ගිලිහී ගියේය. ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී අදාළ ආබාධිත තත්ත්වය තරමක්‌ සුව අතට හැරුණු නමුත් එහිදී ඉන්දීය ජයග්‍රහණය කළ එකම තරගයකදී හෝ ෂෙවැග් පන්දු යෑවීමෙන් වැළකී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.