සංගක්‌කාරගේ ඩෙකෑන් චාජර්ස්‌ පිලට කඩුලු 6ක ජයක්‌


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලිය යටතේ පුනේ වොරියර්ස්‌ පිලට එරෙහිව කඩුලු 6 ක ජයක්‌ වාර්තා කිරීමට කුමාර් සංගක්‌කාරගේ නායකත්වයෙන් යුතු ඩෙකෑන් චාජර්ස්‌ කණ්‌ඩායම සමත්විය.

සමස්‌ත තරගාවලියේ 62 වැනි තරගය ලෙසින් මුම්බායිහි පැවැති අදාළ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පුනේ වොරියර්ස්‌ පිල ලකුණු 136 කට සීමා කිරීමට ඩෙකෑන් පන්දු යවන්නන් සමත්වූ අතර අනතුරුව අදාළ ඉලක්‌කය කඩුලු 4 ක්‌ පමණක්‌ දැවී පන්දු 6 ක්‌ ඉතිරිව තිබියදී රැස්‌ කර ගැනීමට ඩෙකෑන් චාජර්ස්‌ පිල සමත්වූවේය. අදාළ ජය මෙවර තරගාවලියේදී ඩෙකෑන් පිල වාර්තා කළ පස්‌වැනි ජයග්‍රහණය වූ අතර එම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහෙන් 8 වැනි ස්‌තානය දක්‌වා ඉහළට පැමිණීමට ඩෙකෑන් කණ්‌ඩායමට අවස්‌ථාව උදාවිය.

තරගාවලිය අතරතුරදී පුනේ වොරියර්ස්‌ පිලට එක්‌වූ හිටපු ඉන්දීය නායක සව්රව් ලකුණු නොලබා දැවී යැම කැපී පෙනුණි. වොරියර්ස්‌ පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වීමට මිචෙල් මාෂ් සමත්වූ අතර හෙතෙම පන්දු 28 කදී ලකුණු 37 ක්‌ ලබාගත්තේය.

ජයග්‍රාහී ඩෙකෑන් පිල වෙනුවෙන් සොහල් 34 ක්‌, ධවන් 28 ක්‌ සහ නායක සංගක්‌කාර 25 ක්‌ සහ ඩුමිනි 23 ක්‌ වශයෙන් ලකුණු ලබා දායකත්වය දැක්‌වීය.

ලකුණු සාරාංශය

පුනේ වොරියර්ස්‌ 136/9යි(පාන්ඩේ 23, යුවරාඡ් 23, මාෂ් 37, ක්‍රිස්‌ටියන් 13/2, ඕජා 35/2, මිශ්රා 26/2)

ඩෙකෑන් චාජර්ස්‌ පන්දුවාර 19.2 කදී 138/4යි(සොහල් 34, ධවන් 28, සංගක්‌කාර 25, ඩුමිනි 23, ෂර්මා 25/2)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.