සහිරා ඩී.එස්‌.ට පරදියි (26-5)


වයස අවු. 20 න් පහළ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ බී. කොටසේ තරගයේදී කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහල ලකුණු 26 - 5 කින් කොළඹ සහිරා විදුහල පරාජය කරනු ලැබීය.

ඩී. එස්‌. සේනානායක විදුහල ගෝල් 3 ක්‌ සහ ට්‍රයි දිනුමකින් අදාළ ලකුණු 26 ලබාගත් අතර සහිරා ට්‍රයි දිනුමක්‌ මගින් ලකුණු (5) ලැබීය.

තරගයේ ප්‍රථම භාගයේ ලකුණු 12 - 5 ලෙස ඩී. එස්‌. පිල ඉදිරියෙන් සිටියේය.

ඩී. එස්‌. සේනානායක විදුහල වෙනුවෙන් පසුන් ෂාලුක වීරකෝන්, විශ්ව යහම්පත්, රුමේෂ් හසන්ත සහ ඉෂාන් රණසිංහ යන ක්‍රීඩකයෝ දක්‌ෂ ලෙස ක්‍රීඩා කළහ.

තරගයේ අවස්‌ථාවක්‌ ඡායාරූපයෙන් දැක්‌වෙයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.