ජනාධිපති-අශෝක තරගයේ
ජය ජනාධිපති විදුහලට



කෝට්‌ටේ, ජනාධිපති විද්‍යාලය සහ කොළඹ අශෝක විද්‍යාලය අතර 5 වැනි වරටත් සංවිධානය කරන ලද වාර්ෂික එක්‌දින ක්‍රිකට්‌ තරගය තරග විනිසුරුවරුන්ගේ තීරණය මත ජනාධිපති විද්‍යාලයට ජය හිමි විය.

කොළඹ එස්‌. එස්‌. සී. ක්‍රීඩාංගණයේදී ඉකුත්දා පැවැති මෙම තරගයේදී කොළඹ අශෝක විද්‍යාලය පන්දු වාර 44 කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 149 ක්‌ රැස්‌ කළේය. පිළිතුරු වශයෙන් ජනාධිපති විද්‍යාලය පන්දුවාර 39 කදී කඩුලු 8 ක්‌ දැවී ලකුණු 144 ක්‌ ලබා සිටියදී විද්‍යාලවල ආදී ශිෂ්‍යයන්ගේ නොසන්සුන්තාවක්‌ මත තරගය අත්හිටුවීමට විනිසුරුවන් තීරණය කළහ.

ජයග්‍රහණය සඳහා සම්මත "පැරබෝලා" ක්‍රමය අනුගමනය කරමින් තරගය නවත්වන විට ලකුණු 149 ක්‌ ලබා ගත යුතුව තිබූ ජනාධිපති විද්‍යාලය එවිට ලකුණු 144 ක්‌ ලබා තිබූ නිසා තරගයේ ජයග්‍රහණය ජනාධිපති විද්‍යාලයට හිමි විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.