LG සිනමා 3D ස්‌මාට්‌ රූපවාහිනිය
ප්‍රථම වරට අබාන්ස්‌ හඳුන්වා දෙයි



LG නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි නියෝජිතයා වන අබාන්ස්‌ නවීනතම තාක්‌ෂණයෙන් යුතු ෆ්ලැට්‌ පැනල් ඩිස්‌ප්ලේ සහ ඕඩියෝ - වීඩියෝ උපකරණ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත ගෙන එනු ලබයි. මෑතකදී 2011 වසර සඳහා LG සමාගම විසින් අතිනවීන තාක්‌ෂණයෙන් යුතු රූපවාහිනි පෙළක්‌ ඔබ වෙනුවෙන් තිළිණ කර සිටියි. මේ අනුව LG සිනමා ස්‌මාට්‌ 3D LED රූපවාහිනී කාණ්‌ඩ 11 කින් ඔබගේ රසවින්දනයට සරිලන පරිදි හඳුන්වා දී ඇත.

මෙහිදී හඳුන්වා දී ඇති කාණ්‌ඩයන් අතුරෙන් ප්‍රමුඛතම රූපවාහිනිය වශයෙන් LG  LW 6500 ෆුල් HD එඡ් LED සිනමා 3D රූපවාහිනිය හැඳින්විය හැක. මෙම සුවිශේෂී හැඩකාර රූපවාහිනිය මනරම් 3D රසාස්‌වාදනයක්‌ ඔබ වෙත තිළිණ කිරීමට සමත් වෙයි.

අබාන්ස්‌ සමාගමේ අධ්‍යක්‍ෂ බේමන් පෙස්‌ටොන්ජි මහතා ප්‍රකාශ කර සිටින ආකාරයට නවතම LG සිනමා 3D රූපවාහිනි හඳුන්වාදීමෙන් වෙළෙඳපොළ තුළ අලුත් නිෂ්පාදනයක්‌ සඳහා ඉඩ කඩක්‌ මෙන්ම අලුත් අවශ්‍යතාවයක්‌ ඇති කිරීමට ඔවුන් සමත්ව සිටියි. මෙම සුවිශේෂී රූපවාහිනි පෙළ ගෘහස්‌ථ රසාස්‌වාදනයේ අලුත් මංපෙත් විවර කිරීමට සමත්කම් දක්‌වන අතර උසස්‌ම තත්ත්වයේ රූපරාමු ලබාදීමට සමත්කම් දක්‌වයි. මෙයට අමතරව නවීනතම තාක්‌ෂණයෙන් සමන්විත LG බ්ලූ රේ ප්ලේයර් සහ හෝම් තියටර් සිස්‌ටම් දේශීය වෙළෙඳ පොළ තුළ ඉතා ඉහළ සාර්ථකත්වයක්‌ අත්කර ගැනීමට සමත්ව තිබෙන බව පැහැදිලිය.

මෙයට පෙර 3D තාක්‌ෂණයේ දී ඔබට අත්විඳීමට නොලැබුණු විශේෂත්වයන් රැසක්‌ LG සිනමා 3D රූපවාහිනිය ඔස්‌සේ ඔබට අත්විඳීමේ අවස්‌ථාව සලසා දී ඇත. මේ අනුව තියුණු බවින් අනූන මෙන්ම පුළුල් පැතිරුන කෝණයක ඕනෑම ස්‌ථානයක සිට නැරඹීමේ හැකියාව මෙම රූපවාහිනියෙහි ඇත. මෙම රූපවාහිනිවල දැකිය හැකි "µsල්ම් පැටර්න් රිටාඩර්" තාක්‌ෂණය සුව පහසුවෙන් දසුන් නැරඹීමේ අවස්‌ථාව සලසා දෙන අතර පැනලයේ ඇති පෝලෝරයිඩ් ප්ලේට්‌ එක පෝලෝරයිඩ් උපැස්‌ යුවළ සමඟ මනාව සම්බන්ධවෙමින් මනරම් රූපවාහිනී අත්දැකීමක්‌ ලබාදීමට සමත් වෙයි. මෙම තාක්‌ෂණයේදී රූපරාමුවල තත්ත්වය වම් ඇසට සහ දකුණු ඇසට කිසිදු වෙනසකින් තොරව ලබාදීමට සමත්වන අතරම උපැස්‌ යුවළ හරහා ගමන් ගන්නා රූපරාමු මනා පිරිපහදුවකට ලක්‌ව කිසිදු අපැහැදිලිතාවකින් තොර උසස්‌ම තත්ත්වයේ 3D දසුන් ලබාදීමට සමත්වේ.

මෙම නවතම LG සිනමා 3D රූපවාහිනිය සාමාන්‍ය 3D රූපවාහිනිවලට වඩා දීප්තිමත් බවෙන් සහ සුපැහැදිලිතාවයෙන් අනූන රූපරාමු ලබාදීමේ හැකියාව ඇති "ලයිට්‌ බූස්‌ට්‌ තාක්‌ෂණයෙන්" යුක්‌තවේ. මෙහි ඇති දීප්තිය වැඩිදියුණු කිරීමේ හැකියාව ඇති LED බැක්‌ලයිට්‌ මගින් සාමාන්‍යයෙන් රූපවාහිනියට ලැබෙන රූපරාමුවල තත්ත්වය ඉහළ දමමින් පූර්ණ දීප්තියක්‌ සහ උසස්‌ තත්ත්වයේ රූපරාමු පෙළක්‌ තිරය මත පතිත කරවීමට සමත්වෙයි. මෙහි ඇති "ලයිට්‌ බූස්‌ට්‌ තාක්‌ෂණයෙන්" සාමාන්‍ය 3D රූපවාහිනියක්‌ හා සැසඳීමේදී දෙගුණයක දීප්තියක්‌ ලබාදීමට සමත්වන අතර මේ සඳහා විදුලිය වැඩිපුර වැය නොවීම තවත් එක්‌ විශේෂත්වයකි. වඩාත් සුමට බවින් යුතු ත්‍රිමාණ දසුන් සඳහා ටෲමෝෂන් 200 Hz විශේෂාංගය LG ඛඋ 6500 කාණ්‌ඩයේ රූපවාහිනීවල අඩංගු වන අතර වේගවත් චලනයන් වලදී පවා රූපරාමු කිසිදු බොඳවීමකින් තොරව ලබාදීමට සමත් වෙයි.සාමාන්‍ය 3D රූපවාහිනි නරඹන ප්‍රේක්‌ෂකයාට ඇතිවන ගැටලුවක්‌ නම් එහි ඇති සීමාසහිත නැරඹීමේ කෝණයයි. එනම් එහිදී රූපවාහිනියට සෘජුව සිට නැරඹිය යුතුව ඇත. නමුත් LG සිනමා 3D රූපවාහිනියේ එලෙස කිසිදු සීමාවක්‌ දැකිය නොහැකි අතර රූපවාහිනියේ සිට අංශක 180 ක කෝණයක්‌ පුරාවට ඕනෑම ස්‌ථානයක සිට නැරඹීමේ හැකියාවෙන් යුක්‌තවේ. මේ අනුව ප්‍රේක්‌ෂකයාට තමන් කැමැති ඕනෑම ඉරියව්වක සිට ත්‍රිමාණ දසුන් නැරඹීමේ හැකියාවෙන් යුක්‌ත වේ.

මෙහි උපැස්‌ යුවළ ග්‍රෑම් 16 ක්‌ පමණ සැහැල්ලු බරකින් යුක්‌ත වෙයි. CNAT Asia
Editors choice සම්මානයෙන් පිදුම් ලබා ඇති මෙම සුවිශේෂ රූපවාහිනිය අංක 498, ගාලු පාර, කොළඹ 3, යන අබාන්ස්‌ ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.