යුනිලීවර්හි සිග්නල් දන්තාලේපය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි


බොහෝ දෙනෙකු නින්දට යැමට පෙර දත් මැදීම අතපසු කරති. මෙසේ කලක්‌ ගත වුවහොත් අදාළ පුද්ගලයාගේ දන්ත සෞඛ්‍ය ප්‍රබල පිරිහීමකට ලක්‌විය හැක. ඇතැමුත් රාත්‍රියට දත් මැදීම සළකන්නේ අවශ්‍යතාවයකට වඩා අතරින් පතර සිදුකළ හැකි ක්‍රියාකාරකමක්‌ වශයෙනි. කෙසේ වුවද නීරෝගීමත් ජීවිතයක්‌ සඳහා එහි බලපෑම අතිමහත් වේ. රාත්‍රියට දත් මැදීම සෑම දිනකම සිදුකිරීමේ අපහසුවක්‌ ඔබට ඇත්නම් ඒ සඳහා කාල සටහනක්‌ සකසාගත හැකි වේ. මෙම කාල සටහන ඔස්‌සේ ඔබගේ දන්ත සෞඛ්‍යය කෙරෙහි ඔබ නිසි සැළකිල්ලක්‌ දක්‌වන බවට තහවුරු කරගත හැකි වනු ඇත. අපගේ සමාජයේ බොහෝ කාර්යයන් සිදු කෙරෙනුයේ කිසියම් කාල සටහනකට අනුවයි. සේවයෙහි නියුක්‌ත වීම, දරුවන් වෙත සත්කාර කිරීම, ගෙදර දොර කටයුතු සහ රූපවාහිනී වැඩසටහන් වැනි සියලු දේ කාල සටහනකට අනුව සිදුකෙරේ. මෙලෙස ස්‌ත්‍රීන් සහ පුරුෂයින් නිරන්තරයෙන්ම කිසියම් කාල සටහනකට අනුව ක්‍රියා කරති. අපගේ දන්ත සෞඛ්‍ය අප විසින් එදිනෙදා සිදුකරනු ලබන කාර්යයන් රැසකට වඩා වැදගත් තැනක්‌ ගනී. ඔබගේ පුද්ගලික දින සටහනෙහි කාල සටහනක්‌ පවත්වාගෙන යැම ඔබ සහ ඔබගේ දරුවන්ගේ රාත්‍රියට දත් මැදීම ක්‍රමවත්ම සිදුකිරීම සඳහා ආධාර වනු ඇත. කල්ගතවත්ම මෙය නිරන්තරයෙන් සිදු කෙරෙන සුපුරුදු ක්‍රියාකාරකමක්‌ බවට පත්වනු ඇත.

සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකු දිනකට පැය 4 කට වැඩි කාලයක්‌ රූපවාහිනිය නරඹයි. ඒ සඳහා එතරම් කාලයක්‌ යෙදවීමට හැකිනම් දත් මැදීම සඳහා විනාඩි කිහිපයක්‌ වෙන්කර ගැනීම අසීරු කරුණක්‌ විය නොහැක. සැබැවින්ම රාත්‍රියට දත් මැදීම මගින් දත් දිරායාම, ජින්ජිවයිටිස්‌, මුඛ දුර්ගන්ධය සහ හෘදයාබාධ පවා වළකා ගත හැකිවනු ඇත. බොහෝ දෙනා රූපවාහිනී වෙළෙඳ දැන්වීම් නැරඹීම ප්‍රියනොකරන බැවින් එම කාලය දත් මැදීම සඳහා යොදාගත හැකිවනු ඇත.

ඔබගේ දත්වල කුහර ඇතිවීමට ඉඩ සැළසීමට වඩා ඔබගේ ප්‍රියතම වැඩසටහනෙහි කොටසක්‌ නැරඹීම අතපසු කිරීම වුවද ප්‍රයෝජනවත් වනු ඇත. රාත්‍රියට දත් මැදීම වෙහෙසකර අත්දැකීමක්‌ බව අතැමුන් පවසතත් නින්දට යන තෙක්‌ නොසිට රාත්‍රී ආහාරයෙන් පසු ඔබට දත් මැදීම කළ හැකි වේ. ඉහත සඳහන් කළ පරිදි වෙළෙඳ දැන්වීම අතරතුර දත්මැදීමට යොමුවීමෙන් ඔබට නිදිමත ගතිය ඇතිවී දත්මැදීම මගහැරීමේ අවස්‌ථාව උදා නොවනු ඇත.

නීරෝගීමත් ජීවිතයක්‌ කෙරෙහි බාධා පමුණුවන එක්‌ සාධකයක්‌ වන්නේ බොහෝ රෑ බෝවී ආහාර ගැනීමයි. ඔබ දත් මැදීමෙන් අනතුරුවද ආහාර ගතහොත් එහි නිසි ප්‍රයෝජන ඔබට අත් නොවනු ඇත. එසේ ආහාර ගන්නේ නම් නැවත දත්මැදීම සිදුකළ යුතු වේ. රාත්‍රියට දත් නොමැද නින්දට පෙර ආහාර ගතහොත් දිවා කාලයේදී වර්ධනය වුණු බැක්‌ටීරියාවන් මත නව ස්‌තරයක්‌ නිර්මාණය වේ. එය අතිශය හානිකරය. රාත්‍රියට දත් මැදීම සහ බොහෝ රෑ බෝවී ආහාර ගැනීමෙන් වැළකීම යන පුරුදු දෙකම ශක්‌තිමත් දත් දෙපෙළක්‌ සමගින් නීරෝගීමත් ජීවිතයක්‌ ගත කිරීමේ භාග්‍යය ඔබ වෙත උදා කරනු ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.