HUTCH පාරිභෝගිකයන්ට මොබයිල් ඉන්ටර්නෙට්‌


පහසුවෙන් හා ඉතා ඉක්‌මණින් අන්තර්ජාල පහසුකම් දැන් HUTCH පාරිභෝගිකයන්ට මොබයිල් ඉන්ටර්නෙට්‌ තුළින් අත්විඳිය හැක. දින සති මාසික පැකේජ ලෙස රුපියල් 11, 21, 51 ආදී වශයෙන් ඉතා සාධාරණ මිලකට ලබාගත හැකි මෙම පැකේජවලට 50Mb 100Mb හා 300Mb පිළිවෙලින් ලබා ගැනීමට පුළුවන.

Facebook Twitter වැනි සමාජ ජාල තුළින් මිතුරන් සමඟ Chat කිරීමට අදහස්‌ හුවමාරු කර ගැනීමට මෙන්ම ඡායාරූප හුවමාරු කර ගැනීමේ හැකියාවද Music Video Youtube වැනි විනෝදාස්‌වාද ජාලයන් තුළින් සතුට සොම්නස විඳීමට මෙන්ම ප්‍රවෘත්ති සවන්දීමේ හැකියාවද HUTCH මොබයිල් ඉන්ටර්නෙට්‌ තුළින් අත්විඳීමට හැකියි.

තවද පරිගණකයක්‌ නොමැතිව ඔබගේ ජංගම දුරකථනයෙන් ඕනෑම තැනක සිට ඉතා පහසුවෙන් අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි බව HUTCH විශේෂිත සේවාවන් හා රෝමිං හි අංශ ප්‍රධානී අරුල් වාස්‌ මහතා පවසයි.

මොබයිල් ඉන්ටර්නෙට්‌ මගින් අඩු මිලකට සිංදු හා රූපරාමු ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාවද මේ තුළින් හිමිවේ. උදාහරණයක්‌ වශයෙන් Mp3 සිංදු ඩවුන්ලෝඩ් කිරීම සඳහා 3 - 4 Mb ප්‍රමාණයක්‌ වැය වන අතර, HUTCH දෛනික පැකේජයෙන් රුපියල් 11 ක්‌ වැනි මුදලකට 50Mb ලබා ගැනීමේ හැකියාව ඇති නිසා ගීත 15 කට වඩා ඩවුන්ලෝඩ් කිරීමේ අවස්‌ථාව උදා වී ඇත.

මෙම අන්තර්ජාල සේවාව ලබා ගැනීම සඳහා *131# අමතා දෛනික සේවාව සඳහා අංක 1 ද, සතියක සේවා කාලය සඳහා අංක 2 ද මාසික සේවා කාලය සඳහා අංක 3 ද තෝරා ගැනීමෙන් ඉතා ඉක්‌මණින් මෙම සේවාව ලබා ගත හැකිය.

Top Up කාඩ්පත් මගින් ද මෙම අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි අතර, සියලුම HUTCH අලෙවි නියෝජිතයන්ගෙන් ඔදච ඹච කාඩ්පත් ලබාගත හැකිය. ඒ සඳහා රජයේ අනුමත බදු අය කෙරේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.