හේලීස්‌ කන්සියුමර් නවීන තාක්‍ෂණයෙන් යුත්
ෆුජි ෆිල්ම් ඩිජිටල් කැමරා හඳුන්වා දෙයි



පසුගියදා කොළඹ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවැති හේලීස්‌ කන්සියුමර් තාක්‍ෂණික සහ අලෙවි සමුළුවේදී ෆුජි ෆිල්ම් ඩිජිටල් කැමරාවල නවීනතම (2011) මාදිලි පෙළ හඳුන්වා දෙන ලදී. මෙහිදී මෙම අති නවීන මාදිලි පෙල හඳුන්වාදීමට අමතරව දැනට පවතින මාදිලිවල සුපිරි ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමද සිදු විය. හේලීස්‌ කන්සියුමර් ආයතනයේ කාර්යක්‍ෂම අෙවි නියෝජිතයන් සහ බෙදා හරින්නන් ඇගයීම සඳහා පවත්වන ලද පවත්වන ලද මෙම තාක්‍ෂණික සහ අලෙවි සමුළුවට අනුග්‍රහය දක්‌වන ලද්දේ ෆුජි ෆිල්ම් විසිනි.

හේලීස්‌ කන්සියුමර් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජූඩ් සිල්වාණි, ෆුජි ෆිල්ම් ව්‍යාපාර සංවර්ධන කාර්යාලයේ නියෝජිත චින්තක මුහන්දිරම් මහත්වරු තාක්‍ෂණ සහ අලෙවි සමුළුව අමතන අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.