සෙලාන් බැංකුවේ 96 වැනි
බැංකු ශාඛාව චාවකච්චේරියට



සෙලාන් බැංකුවේ 96 වැනි ශාඛාව චාවකච්චේරිය නුවර පාරේ අංක 179, 181, 183 සහ 185 දරණ ස්‌ථානයේදී පසුගියදා සෙලාන් බැංකුවේ සභාපති ඊස්‌ට්‌මන් නාරංගොඩ මහතා අතින් චාරිත්‍රානුකූලව විවෘත විය.

මෙම අවස්‌ථාවට සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඇතුලු ගනුදෙනුකරුවන් රැසක්‌ එක්‌ව සිටියහ.

පාරිභෝගිකයන්ට වඩාත් පහසු හා කාර්යක්‍ෂම සේවාවක්‌ ලබා දීම සඳහා මෙම බැංකු ශාඛාව සෙනසුරාදා විවෘතව පවතී.

සෙලාන් බැංකුවේ සභාපති ඊස්‌ට්‌මන් නාරංගොඩ, විධායක අධ්‍යක්‍ෂ ආර්. නඩරාජා, අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌ සහ සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න යන මහත්වරුන් බැංකු ශාඛාව විවෘත කරමින් පීත්ත පටිය කැපූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.