ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 618 දෙනෙක්‌
ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ලබති


සුසිල් ප්‍රේමලාල්

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය (2010) ලබන 25 දා ප.ව. 2.00 ට කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාව විසින් 18 වැනි වරටත් අඛණ්‌ඩව නෙස්‌ලේ ලංකා සමාගමේ "මයිලෝ" අනුග්‍රහයෙන් පවත්වනු ලබන ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානය සඳහා දිවයිනේ පාසල් 30 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 618 දෙනකු සුදුසුකම් ලබා සිටීති.

ජාත්‍යන්තර මට්‌ටමේ ජයග්‍රහණ හෝ සහභාගිත්වය වෙනුවෙන් මෙන්ම ජාතික මට්‌ටමේ දක්‌ෂතා පදනම් කොටගෙන අදාළ වර්ණ ප්‍රදානය කෙරෙනු ඇත.

උතුරු පළාතේ පාසල් 3 ක්‌ සමග ජාත්‍යන්තර පාසල් 9 කටද මෙවර පාසල් වර්ණ හිමි වී තිබීම කැපී පෙනෙනු ඇත

අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම පාසල් වර්ණ ප්‍රදානය සඳහා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ සහ නෙස්‌ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂ ඇලෝසියස්‌ හොන්බෙවර් යන මහත්වරුන් විශේෂ ආරාධිතයන් ලෙසින් සහභාගි වීමට නියමිතය.

මෙවර වර්ණ ප්‍රදානයට වොලිබෝල් (24), පිහිනුම් (77), මලල ක්‍රීඩා (64), එරොබික්‌ස්‌ ජිම්නාස්‌ටික්‌ (16), බැඩ්මින්ටන් (29), බේස්‌බෝල් (14), පැසිපන්දු (24), බොක්‌සිං (15), කැරම් (9), චෙස්‌ (14), ජූඩෝ (17), මල්ලවපොර (3), ක්‍රිකට්‌ (15), පාපැදි (2), පාපන්දු (9), ජිම්නාස්‌ටික්‌ (12), හොකී (15), කබඩි (4), කරාතේ (55), දැල්පන්දු (40), රග්බි (24), සැහැල්ලු පන්දු ක්‍රිකට්‌ (16), මේසපන්දු (15), ටෙනිස්‌ (15), බර ඉසිලීම (29), වූෂු (4), ශක්‌ති වර්ධන (1), සවි එසවීම (42), කඳුතරණය (10), ඔරු පැදීම (4) යන ක්‍රීඩා අයත් වෙති.

අදාළ පාසල් සංගම්වල යෝජනා අනුව පහත සඳහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ කුසලතා සඳහා නම්කර ඇත.

නැගී එන ක්‍රීඩිකාවන්

නදීශානි හෙන්ඩර්සන් - ගේට්‌වේ විද්‍යාලය, රාජගිරිය (මලල ක්‍රීඩා), නුවනි නවෝද්‍යා - ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ (මේස පන්දු), දිනුක්‌ෂි ප්‍රේමනාත් - උසස්‌ බාලිකා විද්‍යාලය, මහනුවර (චෙස්‌), අචිනි රත්නසිරි - විශාඛා විද්‍යාලය, කොළඹ 5 (බැඩ්මින්ටන්)

නැගී එන ක්‍රීඩකයන්

වයි. ජී. සි. එන්. විඡේසිංහ - වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය (මලල ක්‍රීඩා), හසින්ත සසිරංග - ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ (මේසපන්දු), ආර්.ඒ.අයි. එස්‌. රණසිංහ - ආනන්ද විද්‍යාලය, කොළඹ 10 (බර ඉසිලීම හා සවි එසවීම)

දක්‌ෂතම ක්‍රීඩිකා

අක්‌ෂානා මාරලන්ද - මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර (මලල ක්‍රීඩා), මාධවී වීරතුංග - මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර (පිහිනුම්), තාරුණ්‍යා ශෂිනි -

ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලය, අම්බලන්ගොඩ (බැඩ්මින්ටන්), මිනිරුවනි සමරකෝන් - උසස්‌ බාලිකා විද්‍යාලය - මහනුවර (පිහිනුම්)

දක්‌ෂතම ක්‍රීඩකයා

ලක්‌ෂාන් කොස්‌වත්ත - ආනන්ද විද්‍යාලය, කොළඹ 10 (මලල ක්‍රීඩා), චමීර ගිනිගේ - ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ (මේසපන්දු), ඩිල්ශාන් කාරියවසම් - ආනන්ද විද්‍යාලය, කොළඹ 10 (බැඩ්මින්ටන්), හේෂාන් උනම්බුව - ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර (පිහිනුම්), ෂෙනාල් ඩයස්‌ - ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ 4 (පැසිපන්දු හා රග්බි පාපන්දු)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.