සංස්‌කරණය : නාරද නිශ්ශංක

අහසින් පොළොවට 35 වසරක ගමන් මග
සනිටුහන් කරන ඇගයීමේ උළෙලක්‌!

 

අහසින් පොළොවට, කලාකාමී අර්ථපතියා
යූ. ඩබ්ලිව්. සුමතිපාල

සම්මානනීය සිනමා නිර්මාණ ලාංකික රසිකයනට දායාද කළ යූ. ඩබ්ලිව්. සුමතිපාල කලාකාමී අර්ථපතියාගේ 35 වසරකට පෙර සිනමා සම්ප්‍රාප්තිය අනුස්‌මරණය කෙරෙමින් 1978 තුන්වන කයිරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී තුන්වන ලෝකයේ හොඳම චිත්‍රපටය ලෙස ඇක්‌නටන් සම්මානයෙන් පුද ලැබූ ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ අහසින් පොළොවට චිත්‍රපටයට දායක වූ කලාකරුවන් ඇගයීමේ උළෙල අගෝස්‌තු 2 දා පස්‌වරු 5.00 ට කොළඹ 05, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවතේ, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මීට අමතරව ඒ. ඩී. රන්ජිත් කුමාර විසින් ලියන ලද ''අහසින් පොළොවට, කලාකාමී අර්ථපතියා - යූ. ඩබ්ලිව්. සුමතිපාල කෘතියද අහසින් පොළොවට තරංගා DVD සංගත තැටියද එහිදී දොරට වඩී. මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්‌මරණ පදනම මගිනි.



 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.