සංස්‌කරණය : නාරද නිශ්ශංක

ජපන් චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට
සංස්‌ථාවේ නව සිනමා ශාලාවේදී


සචිත්‍ර ඇල්වලගේ



ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්‌ථාවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයත් එක්‌ව ජපන් චිත්‍රපට උළෙලක්‌ අගෝස්‌තු මස 05 සිට 08 දක්‌වා ජාතික චිත්‍රපට සංස්‌ථා නව සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම චිත්‍රපට උළෙල ජපන් සංස්‌කෘතික මාසය නිමිති කරගෙන ජපන් තානාපති කාර්යාලය විසින් පළමු වතාවට පවත්වනු ලැබේ. මෙහිදී චිත්‍රපට 07 ක්‌ ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර අගෝස්‌තු 05 වැනිදා ප.ව. 7.00 ට ටර්න් ඕවර් (TURN OVER) චිත්‍රපටයෙන් උළෙල ආරම්භ කෙරේ.

මේ අනුව, මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් අගෝස්‌තු 06 සිට අගෝස්‌තු 08 දක්‌වා ප. ව 3.00 හා ප.ව. 5.30 දර්ශනයන් සඳහා ග්ලාස්‌ රැබිට්‌ (GLASS RABBIT)" අ ස්‌ටේ්‍රන්ජර් ඔµa මයින් (ASTRANGER OF MINE), චිබි මරුකෝ චාන් (CHIBI MARUKO - CHAN), හොටෙල් හිබිස්‌කස්‌ (HOTEL HIBISCUS), නාබීස්‌ ලව් (NABBIES LOVE), ෂන්ගිරිලා (SSHANGIRI -LA) යන චිත්‍රපට 06 නොමිලේ පැවැත්වෙනු ඇත.

මෙම උළෙලට සමගාමීව අගෝස්‌තු මස 20-21 දක්‌වා ලයනල් වෙන්ට්‌ඩ්හිදී සංස්‌කෘතික ප්‍රදර්ශනයක්‌ ද අගෝස්‌තු 25 වැනිදා කොළඹ හා මහනුවර දී නැටුම් සංදර්ශනයක්‌ ද පැවැත්වීමට ජපන් තානාපති කාර්යාලය කටයුතු යොදා ඇත.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.