සංස්‌කරණය : නාරද නිශ්ශංක

පාසල් නිවාඩුවට "අපි නාට්‍යයක්‌ හදමු"



සෝමලතා සුබසිංහ ප්‍රවීණ නාට්‍ය ශිල්පිනිය ලංකා ළමා හා යොවුන් රඟහල පදනම පිහිටු වූයේ අපේ දරු පරපුර හා යෞවනයන් වෙත නාට්‍ය කලාව ගෙනයැමේ අරමුණ ඇතිවය. මෙම පදනම මගින් බිහි වූ නළු නිළියෝ රැසක්‌ අද වේදිකාවේත්, රූපවාහිනියේත්, සිනමාවේත් දස්‌කම් පෙන්වති. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංස්‌ථාගත කර ඇති ලංකා ළමා හා යොවුන් රඟහල පදනමේ එක්‌ අංශයක්‌ වන්නේ කෝට්‌ටේ රංග පීඨයයි. මෙවර පාසල් නිවාඩු කාලයේදී මෙම රංග පීඨය මගින් "අපි නාට්‍යයක්‌ හදමු" වන මැයෙන් නිවාඩු වැඩසටහනක්‌ පෙන්වනු ලබයි. වයස අවුරුදු 7 සිට 15 දක්‌වා දරුවන්ට මේ සඳහා ඉල්ලුම් කළහැකිය.

නාට්‍ය විෂයෙහි මූලික අංග දරුවාට අවබෝධ කර දෙන මෙම වැඩසටහනේදී රඟපෑම, කතන්දරයක්‌ ගොඩනැගීම, අධ්‍යක්‍ෂණය, සංගීතය සැකසීම සහ තම වටපිටාවේ සම්පත් භාවිත කරමින් ඇඳුම් පැළඳුම් සැකසීම, වේදිකා සැරසිලි සැකසීම ආදිය පිළිබඳ අවබෝධයක්‌ ද ලබා දේ. සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් ඔස්‌සේ දරුවාට තුලනාත්මක කායික හා මානසික වර්ධනයක්‌ ලබාදීම, ක්‍රීඩාශීලීත්වය, ප්‍රබෝධමත් භාවය, රසඥතාව වර්ධනය, මානුෂික සබඳතා, නිර්මාණයක්‌ තුළින් ලෝකාවබෝධය, සමාජ සංස්‌කෘතික වටිනාකම් අවබෝධය මෙන්ම ආත්මාභිමානයත්, ස්‌වාධීනත්වය හා අවබෝධයටත් දරුවාට ඉඩකඩ ලබා දීම මෙම වැඩසටහන මගින් සිදුකෙරේ.

සතියේ දිනවල පෙරවරු 9.00 සිට දහවල් 1.00 දක්‌වා දින පහක්‌ මෙම වැඩසටහන පවත්වා අවසානයේ දරුවන් විසින්ම නිර්මාණය කරන නාටයයක්‌ දෙමාපියන් ඉදිරියේ රඟ දක්‌වනු ලබයි. අංක 166/1, බෞද්ධ ආයතන මාවත, පාර්ලිමේන්තුව පාර, කෝට්‌ටේ ලිපිනයට මුද්දර කවරයක්‌ සමගින් වැඩි විස්‌තර ලබා ගත හැක.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.