ලන්ඩනයේ ලිබියානු තානාපති කාර්යාලය
කැරලිකරුවන්ට පවරනවා

- විදේශ ලේකම් විලියම් හේග්

බ්‍රිතාන්‍යයේ ලිබියානු තානාපති කාර්යාලයේ සිටින සියලු නිලධාරීන් පිටුවහල් කර එම තානාපති කාර්යාලය ලිබියානු කැරලිකරුවන්ට භාර දෙන බව විදේශ ලේකම් විලියම් හේග් විසින් ප්‍රකාශ කර ඇත.

එසේම තහනම් කළ ලිබියානු වත්කම් එකී කැරලිකරුවන්ට ලබාදෙන බව ද බ්‍රිතාන්‍ය බලධාරීහු දන්වා සිටී.

ස්‌ටර්ලින් පවුම් බිලියන 12 ක්‌ වූ ලිබියානු වත්කම් තහනමට ලක්‌වී තිබිණි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.