අන්තර් පළාත් 20-20 තරගාවලියේ
පිතිකරුවන් අතර දිනේෂ් චන්දිමාල් පෙරමුණේ


චමිල කරවිට

අන්තර් පළාත් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේ පළමු වටය අවසාන වන විට පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට රුහුණු පළාත් කණ්‌ඩායමේ දිනේෂ් චන්දිමාල් සමත්වී තිබේ.

තරග 4 කට පමණක්‌ සහභාගිවී තිබෙන චන්දිමාල් එහිදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 88.5 ක අගයක්‌ රඳවා තබා ගනිමින් මුලූ ලකුණු 177 ක්‌ රැස්‌ කර ගැනීමට සමත් වී සිටියි. චන්දිමාල්ට පසු අදාළ සටහනේ පසුවන්නේ කඳුරට කණ්‌ඩායමේ කුමාර් සංගක්‌කාර වන අතර ඔවුන් දෙදෙනා අතර ලකුණු පරතය ලකුණු 55 ක්‌ වේ. චන්දිමාල් සහ සංගක්‌කාර ඇතුලුව මෙවර තරග වාරයේදී ලකුණු 100 සීමාව පසුකර යැමට සමත්ව ඇත්තේ බස්‌නාහිර කණ්‌ඩායමේ ඩිල්ෂාන් මුණවීර(100) පමණි.

මේ අතර පන්දු යවන්නන් අතුරින් කඩුලු 6 බැගින් බිඳ හෙලු පන්දු යවන්නන් 6 දෙනෙකු සිටින අතර එහිදී ටී.එම්. ඩිල්ෂාන්(බස්‌නාහිර), දිල්රුවන් පෙරේරා(බස්‌නාහිර, ජීවන් මෙන්ඩිස්‌(ඒකාබද්ධ), මුත්තයියා මුරලිදරන්(කඳුරට), සුරාඡ් රන්දීව්(රුහුණ) සහ µර්වීස්‌ මහරූµa(කඳුරට) එම පන්දු යවන්නන් හයදෙනා වෙයි.

මෙහිදී ඩිල්ෂාන් ලබාගෙන තිබෙන කඩුලූ 6 තරග 2 කට පමණක්‌ සහභාගිවී දවා ගැනීමට සමත්වී තිබීම විශේෂත්වයක්‌ වේ.

අදාළ තරගාවලියේ අවසන් පූ+ව තරග හෙට (30 දා) දිනයේත් අවසන් මහ තරගය ලබන ඉරිදා(31 දා)ත් පැවැත්වීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.