ඩිලාන්ට තරග කොමසාරිස්‌වරයෙකු ලෙස බංගලිදේශයට

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ තරග කොමසාරිස්‌වරයෙකු ලෙස පසුගියදා උසස්‌වීම් ලැබූ ඩිලාන් පෙරේරා මහතා එම මට්‌ටමේ තරග කොමසාරිස්‌වරයෙකු ලෙස සිය ප්‍රථම තරගයට සහභාගී වීම පිණිස පෙරේදා (27දා) බංගලිදේශය වෙත ගියේය.

ඒ මහතාට එහිදී 2014 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයක්‌ ලෙසින් පැවැත්වෙන බංගලිදේශය සහ ලෙබනනය අතර තරගයේ කොමසාරිස්‌වරයා ලෙස කටයුතු කිරීම පැවරී තිබේ.

2007 වසරෛ¨දී බංගලිදේශයේ 'සී' බලපත් පාපන්දු පුහුණුරුවකු ලෙසින් සහතික ලැබූ ඔහු එම පුහුණුකරු දක්‍ෂතා හේතුවෙන් එම වසරේදීම මැලේසියාවේ පැවැති 'ප්‍රොජෙක්‌ට්‌ පියුචර්' පාඨමාලාව හැදෑරීමට අවස්‌ථාව ලැබීය. එහිදී ආසියානු පාපන්දු සම්මේලනයේ තරග කොමසාරිස්‌වරයෙකු බවට පත්වීමට ඩිලාන් සමත්විය. එම වසරේදී සමස්‌ත ආසියාවෙන්ම පත්වූ තරග කොමසාරිස්‌වරු ගණන දෙදෙනෙක්‌ පමණක්‌ වීමද විශේෂත්වයකි.

පසුගියදා ආසියානු පාපන්දු සම්මේලනය සහ ජගත් පපන්දු සම්මේලනය ඒකාබද්ධව මැලේසියාවේදී පැවැත්වූ සම්මන්ත්‍රනයේදී සහභාගී වූ තරග කොමසාරිස්‌වරු 90 ක්‌ අතරින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලන මට්‌ටම දක්‌වා උසස්‌වීම් ලැබූ 50දෙනා අතරට එක්‌වීමට ඩිලාන් පෙරේරාට හැකියාව ලැබුණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.