ඩර්හැම් කණ්‌ඩායම එක්‌ කඩුල්ලකට ලකුණු 143 යි

සංචාරක ශ්‍රී ලංකා 'ඒ' ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ඩර්හැම් ප්‍රාන්ත කණ්‌ඩායම අතර චෙස්‌ටර් ලි ස්‌ට්‍රීට්‌හි පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඩර්හෑම් කණ්‌ඩායම එක්‌ කඩුල්ලක්‌ දැවී ලකුණු 143 ක්‌ රැස්‌ කරගෙන සිටියි.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායමේ පළමු ඉනිම ලකුණු 203 කට සීමා කිරීමට ඩර්හැම් පන්දු යවන්නන් සමත්වීය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්‌ඩායමට වඩා ඩර්හැම් ප්‍රාන්ත පිල ලකුණු 60 ක්‌ පිටුපසින් සිටින්නේ තවත් කඩුලූ 9 ක්‌ අතැතිව වීම ඔවුන්ට ප්‍රබල වාසියක්‌ වී තිබේ.

ඩර්හැම් පිල වෙනුවෙන් බොත්වික්‌ ලකුණු 70 ක්‌ සහ මුකල් ලකුණු 11 ක්‌ ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා 'ඒ' පළමු ඉනිම 203 යි(සචිත්‍ර සේරසිංහ 44, භානුක රාජපක්‍ෂ 20, කෝසල කුලසේකර 18, ශමින්ද්‍ර එරංග(නොදැවී) 50, සජීව විරකෝන් 18, බ්‍රැත්වෙයිට්‌ 35/3, රුෂ්වෝර්ත් 15/2, වුඩ් 64/2, බොත්වික්‌ 17/2)

ඩර්හැම් පිල 143/1යි(ස්‌ටෝන්මන් 56, බොවික්‌ (නොදැවී) 70, මුකල්(නොදැවී7 11, නිලංක ප්‍රේමරත්න 36/1)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.