වන්නි හමුදා සේනාංක ස්‌ථානගත කර තිබූ
ප්‍රදේශ ගැනවත් දරුස්‌මාන් දන්නේ නැහැ
- මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

* දරුස්‌මාන් වාර්තාව වැරැදි යෑයි ශවේන්ද්‍ර සිල්වා
  එක්‌සත් ජාතීන්ගේ සංවිධාන ශාලාවේදී කියා සිටියි

* ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සනාථ කිරීමට
   - බී.බී.සී. ඇමරිකානු හඬ - ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සහ කොටි එක්‌වේ

* ශ්‍රීධරන් සහ මාවයි සේනාධිරාජා ගී්‍රස්‌ යකුන්ව ලන්ඩනයට ගෙනියයි

* කංසා වගා කරන ස්‌විස්‌ කාන්තාවක්‌ ශ්‍රී ලංකාවේ

* යුද අපරාධ ගැන අවසාන අනතුරු ඇඟවීමට
   රොබට්‌ බ්ලේක්‌ මෙම 14 වැනිදා මෙරටට පැමිණේ

* කැනඩා කොටි ජාලය යාපනයේ කැනඩා කොන්සල්
  කාර්යාලයක්‌ ආරම්භ කිරීමේ සැලසුමක්‌ දියත් කරයි

* කොටින්ගේ සාවද්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි
   මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලමින් විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ගේ
   ජිනීවා විරෝධතාව සැප්තැම්බර් 13 වැනිදා

* ප්‍රභාකරන්ගේ කකුළක්‌ කැපූ බවට දක්‌වමින්
   රජය රැවටූ පුද්ගලයා ජිනීවා විරෝධතාවයට මුවාවී යළි මතුවේ

* යාපනයේ කොටි ජාලය විශ්වවිද්‍යාල සිසුන්ව උසිගන්වයි

"බොරුව විශාල ලෙස ගෙනියන්න දිගටම පවසන්න.
අවසානයේදී ඔවුන් එය පිළිගනු ඇත." - ජර්මනියේ හිටපු ආඥාදායක හිට්‌ලර්
(Make the lie big - Keep saying it and eventually they will believe it - Hitler)


කොටි වෙනුවෙන් ප්‍රශ්න ඇසූ මැතිව් රසල් ලී

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්‌සත් ජාතීන්ගේ ශාලාව තුළදී දරුස්‌මාන් වාර්තාව ගැන කරුණු දක්‌වමින් - නිත්‍ය නියෝජිත පාලිත කොහොන සහ එක්‌සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සංගමයේ සභාපති ජියම් පාවුලෝ ද මෙහි දැක්‌වේ

ඔස්‌ටේ්‍රලියාවේ ස්‌පර් සංවිධානය යුද්ධය නිමවූවන් රණවිරුවන් අමතක නොකරමින් මුලතිව් කඳවුරට උපාංග පිරිනමමින්

ශ්‍රී ලංකා පොලිස්‌ පරීක්‍ෂක සංගමයේ සභාපති චින්තන ගුණරත්න මහතා නව පොලිස්‌ පතිවරයා හමුවූ අවස්‌ථාව
 



ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට ආරම්භවීමට තව ඇත්තේ විසිහතර පැයකි. මේ සමුළුව වෙත ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බව දක්‌වමින් දැඩි බලපෑම් එල්ල කිරීමට යුරෝපා කොටි ජාලය විසින් අතිවිශාල මුදලක්‌ වැය කරන බව හෙළිවී ඇත. පසුගිය දින කීපය තුළ ජර්මනිය, ප්‍රංශය, ස්‌විට්‌සර්ලන්තය, නෝර්වේ සහ බ්‍රිතාන්‍ය යන රටවල සිටින ඊළාම්වාදීන් වෙත විද්යුත් ලිපි දහස්‌ ගණනක්‌ යෑවීමට යුරෝපා කොටි ජාලය විසින් ක්‍රියා කෙරිණි. මේ විද්යුත් ලිපිවලින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ යුද අපරාධකාර මෘගයන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු බවත් ඒ සඳහා සැප්තැම්බර් 19 වැනිදා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය ඉදිරියට පැමිණෙන ලෙසත්ය. (Take rogue Sri Lankan war criminal beast to criminal courts)

කොටි නායකත්වය විනාශ වුවත් යුරෝපයේ ඉතිරිව සිටින ජාත්‍යන්තර කොටි ත්‍රස්‌තයන් විසින් මාධ්‍ය පාර්ශ්වයන් රැසක්‌ තමන් වෙත නතු කරගනිමින් මානව හිමිකම් සමුළුව වෙත එන්.ජී.ඕ. ප්‍රධානීන් ලවා යෝජනා දෙකක්‌ ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

බෑන් කී මූන් වාර්තාව පිළිගන්නා ලෙසත් ශ්‍රී ලංකා රජයට එරෙහිව සම්බාධක පනවන ලෙසත් එම යෝජනාවල දැක්‌වේ.

යුරෝපා කොටි ජාලයේ මේ ක්‍රියාදාමයට සති දෙකකට පෙර උතුර නැගෙනහිර ගී්‍රස්‌ යකුන් නමැති අබිරහස්‌ මෙහෙයුමක්‌ දියත් විය. මෙය හදිසි නීතිය දීර්ඝ කරගැනීම උදෙසා රජය මගින් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළක්‌ බවට ද්‍රවිඩ සන්ධානය විසින් ප්‍රචාරය කෙරිණි. එහෙත් හදිසි නීතිය අහෝසි විය. එහෙත් මේ "සාවද්‍ය ගී්‍රස්‌ යකුන්" පසුගිය ඉරිදා ලන්ඩනයේ කොටි හිතවාදීන් සිටින හැරෝ ප්‍රදේශයේ සොරොස්‌ ටි්‍රයල් ශාලාවේදී යළි මතු විය.

මෙවර ගී්‍රස්‌ යකුන් මතු වූයේ ද්‍රවිඩ ඩයස්‌පෝරාව සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් වූ ශ්‍රීධරන් සහ මාවයි සේනාධිරාජා සමගය. "මේ ගී්‍රස්‌ යකුන් ද්‍රවිඩ කාන්තාවන්ව ඉලක්‌ක කර තිබෙනවා. ද්‍රවිඩයන්ගේ උපත්වලට අනතුරුදායක තත්ත්වයක්‌ මතුවෙලා"යෑයි මේ ද්‍රවිඩ ඩයස්‌පෝරාව ඇමතූ ශ්‍රීධරන් කියා සිටියේය. (Tamil women are particulary
targeted now and the Fertility of tamils is
systematically Jeopardized)

යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සමීපතම ඥතියකු වූ ශ්‍රීධරන් තවදුරටත් මෙලෙස පවසා ඇත. "උතුරේ තත්ත්වය මෙහෙය වන ආකාරය නිසා තවත් ආයුධ සන්නද්ධ අරගලයක්‌ ඇතිවෙයි. ද්‍රවිඩ ඩයස්‌පෝරාව උතුරේ සිදුවීම් ගැන ක්‍රියාශීලී විය යුතුයි.

මෙහිදී කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ සිටි කොටි ත්‍රස්‌තයන් මාවයි සේනාධි රාජාගෙන් ප්‍රශ්න අසමින් නුඹලා යුද අපරාධ චෝදනා ගැන කියන්නේ කුමක්‌දැයි විමසූහ. මෙරටින් පැන ගිය කොටි මාධ්‍ය පාර්ශ්වයන් ද ඒ අතර විය. "ද්‍රවිඩ සන්ධානය ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනාවලට සහාය දක්‌වනවා" යෑයි ඊට ප්‍රතිචාර දැක්‌වූ මාවයි සේනාධිරාජා කීවේය. (When asked whether the TNA supports war Crimes investigations - maavai answered 'yes')

මේ ද්‍රවිඩ සන්ධාන දේශපාලනය තවදුරටත් පැවසුවේ ඉදිරි තෙමස තුළ දුෂ්කර වූ තීරණ ගන්නා බවයි. මේ අතර ශ්‍රීධරන් ද ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන්ව අවමානයට ලක්‌ කළේය. ගී්‍රස්‌ යකුන් සිද්ධියෙන් බේරීමට රජය ඔවුන් මානසික ව්‍යාකූල වූ පිරිසක්‌ යෑයි හඳුන්වනවා. එසේ නම් යුද හමුදාවේ සෑහෙන සෙබළුන් පිරිසක්‌ මානසික ආබාධයට ගොදුරු වූවන් විය හැකියි. යම් විටෙක සමූල ඝාතනය සිදු කළේ මානසික අවුල් වූ හමුදාව යෑයි කොළඹ බලධාරීන් කියන්න පුළුවන්. කෙසේ වෙතත් දැන් පැහැදිලි වන්නේ ඒකීය ශ්‍රී ලංකාවක්‌ සහ ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන බව යෑයි හෙතෙම පළ කළේය.

මේ පසුබිම මැද සැප්තැම්බර් 6 වැනිදා නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේ පිහිටි ඩැග්හැමර්ෂල්ජෝල්ඩ් ශාලාවේදී ආරක්‍ෂක අමාත්‍යාංශය නිර්මාණය කළ ලයිස්‌ ඇග්රීඩ් අපොන් නමැති වීඩියෝ පටය තිරගත කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ලැබිණ.

මේ නිසා කොටි ජාලයේ අරමුදල් මත යෑපෙන ඉනර්සිටි ප්‍රෙස්‌ නමැති මාධ්‍ය සංවිධානයේ මැතිව් රසල් ලී නමැත්තා කෝපයට පත්විය. චැනල් 4 වීඩියෝ පටය එක්‌සත් ජාතීන්ගේ සංවිධාන ශාලාවේදී තිරගත කිරීමට ඉඩ නුදුන්නේ නම් එකී වීඩියෝ පටයට ප්‍රතිචාර දක්‌වන ශ්‍රී ලංකා රජයේ චිත්‍රපටය තිරගත කිරීමට අවසර දීම වැරදි යෑයි පවසමින් ඔහු එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් වෙත විරෝධතාවක්‌ ඉදිරිපත් කළේය.

එහෙත් මැතිව් රසල් ලිගේ විරෝධතාවය ගැන තැකීමක්‌ නොවිණි. එක්‌සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සංගමයේ සභාපති ගියම් පාවුලෝ ජිසෝලිගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා වීඩියෝ පටය තිරගත කිරීමේ අවස්‌ථාවෙන් පසු නැඟී සිටි මැතිව් රසල්ලී ප්‍රශ්නයක්‌ අසමින් 58 වැනි සේනාංකය පුදුකුඩිඉරිප්පු රෝහලට බෝම්බ දමා තිබෙනවා. ඒ ගැන කියන්නේ කුමක්‌දැයි ඇසීය.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා 58 වැනි සේනාංකය පුදුකුඩිඉරිප්පු රෝහලට බෝම්බ දැමූ බවට කිසිම තැනක සඳහන් වී නැතැයි කියා සිටියේය.

මැතිව් රසල් ලී එම පිළිතුරෙන් සෑහීමකට පත් වූයේ නැත. දරුස්‌මාන් වාර්තාවේ 55 සහ 58 වැනි සේනාංක විසින් පුදුකුඩිඉරිප්පු රෝහලට ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වන්නේ යෑයි පැවසීය.

"දරුස්‌මාන් වාර්තාවේ එහෙම දෙයක්‌ නැහැ. එහි දැක්‌වෙන්නේ පුදුකුඩිඉරිප්පු අල්ලා ගැනීම සඳහා 55 සහ 58 වැනි සේනාංක සම්බන්ධ වූ බවයි. නමුත් ඒ වාර්තාව වැරදියි. පුදුකුඩිඉරිප්පු අල්ලා ගැනීමට ක්‍රියා කළේ 53 සහ 58 වැනි සේනාංකයි. ඔබ දැන්වත් පිළිගන්නවා ද දරුස්‌මාන් වාර්තාවේ වැරදි" යෑයි ජනරාල්වරයා රසල්ලීගෙන් ප්‍රශ්න කළේය.

අවසානයේදී එය වැරදි බව පිළිගැනීමට රසල් ලීට සිදුවිය. කොටි අරමුදල්වලින් ටොරොන්ටෝ නුවර සුවිසල් මැදුරක්‌ ලබාගෙන ඇති රසල් ලී ඊළඟට යොමුවූයේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන වෙතය. නඩේසන්, පුල්තේවන් සම්බන්ධ "සුදුකොඩි" කතාව ගැන ද ඔහු යොමු කළ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්‌වූ කොහොන තමා හිටපු විදේශ ලේකම් බවත් ආරක්‍ෂක කටයුතු ගැන ක්‍රියා කළේ නැතැයි කීවේය.

මේ තත්ත්වය මැද යළිත් වරක්‌ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත යොමුවූ මැතිව් රසල් ලී විද්වත් මණ්‌ඩලයේ වාර්තාවට ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර නොදක්‌වන්නේ මන්දැයි ප්‍රශ්න කළේය. එය දරුස්‌මාන් වාර්තාවයි. එසේ නැතිව එක්‌සත් ජාතීන්ගේ වාර්තාවක්‌ නොවෙයි"යෑයි මේජර් ජෙනරාල්වරයා පළ කළේය.

මෙලෙස එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදීම දරුස්‌මාන් වාර්තාව වැරදි යෑයි සනාථ කිරීමට ශවේන්ද්‍ර සිල්වා ක්‍රියා කරද්දී මැතිව් රසල් ලී එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් හමුවී මහලේකම් බෑන් කී මූන් තවමත් චැනල් 4 වීඩියෝ පටය නොබැලුවේ මන්දැයි විමසා ඇත.

මේ අතර සැප්තැම්බර් 12 වැනිදා ජිනීවා නුවරදී ආරම්භ වන මානව හිමිකම් සමුළුව වෙත දැඩි බලපෑම් ඇති කිරීමට යුරෝපා කොටි ජාලය ක්‍රියා කරන බව හෙළිවී ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි මේ මෙහෙයුමේදී ආර්ථික සම්බාධක පනවන ලෙසටත් දරුස්‌මාන් වාර්තාව පිළිගන්නා ලෙසත් දක්‌වමින් සැප්තැම්බර් 14 වැනිදා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය ඉදිරියේ විරෝධතාවක්‌ දැක්‌වීම යුරෝපා කොටි ජාලය සැලසුම් කර තිබේ.

ඒ සඳහා ස්‌විට්‌සර්ලන්තයේ බර්න් නුවර සිට ජර්මනිය, නෝර්වේ, ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ කැනඩාව යන රටවල කොටි ඒජන්තවරුන් වෙත විද්යුත් ලිපි රැසක්‌ යවා තිබේ. මේ විරෝධතා මෙහෙයුම සඳහා පැමිණෙන කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ වී. කිරුබාහරන් ද අද ජිනීවා නුවරට පැමිණි බව වාර්තා විය.

මේ ක්‍රියාදාමය පසුබිමේ මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා සහ කොටි හිතවාදීන් අතර බර්න් නුවරදී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ.

සිය එන්.ජී.ඕ. ජාලයට සහ කොළඹ තවමත් ක්‍රියාත්මක වන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමට රජය පෙරළා දැමීමට නොහැකිවී ඇත්තේ මන්දැයි යන්න ඔහුට බරපතළ ප්‍රශ්නයක්‌ වී ඇත.

මේ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමේ අයෙක්‌ මෙයට කලකට පෙර කොළඹ ලිප්ටන් වටරවුමේදී ලී පෙට්‌ටියක නැඟී "සහෝදරවරුනි, අපි ජනතාව පෙළගස්‌සනවා" යෑයි බෙරිහන් දුන්නේය.

එහෙත් අද වන තුරු ඔහුට එම පෙළ ගැස්‌සීමට නොහැකි විය. මේ අතර ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් ආයතනය හත්වැනි වරටත් ශ්‍රී ලංකාවට එරෙහිව පිටු 69 ක වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කර ඇත. මෙවර වාර්තාව සකස්‌ වූයේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමට එරෙහිවය. මෙකී ඇමනෙස්‌ටි වාර්තාවට සාක්‌කිකරුවන්ගේ ප්‍රකාශ ඇතුළත් කර ඇත. මේ සාක්‌කිකරුවන් සහන සේවකයන් යෑයි දැක්‌වුවත් ඔවුන් හිටපු කොටි ක්‍රියාකාරීන්වේ.

වන්නිය තළ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 21 ක්‌ ක්‍රියාත්මක වූ අතර ඒ සෑම එන්.ජී.ඕ. සංවිධානයකම සේවය කළේ කොටි ත්‍රස්‌තයන්ය. ඇමනෙස්‌ටි සංවිධානය මෙකී වාර්තාවේ කොටින්ගේ බොරු සාක්‌කි පමණක්‌ නොව සිවිල් වැසියන් 10000 ක්‌ මියගිය බවට ද දන්වා ඇත.

ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භවීමට පස්‌ දිනක්‌ තිබියදී මෙවන් වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කළේ එකී සමුළුව වෙත බලපෑම් කිරීමට බව පැහැදිලිවේ. එසේම එදිනම (සැප්තැම්බර් 7) ලන්ඩනයේ බී.බී.සී. සිංහල සේවය හෙවත් කොටි රූකඩය විසින් වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් 2009 මැයි මස එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් වන්නියේ යුද මුක්‌ත කලාපය උඩින් හෙලිකොප්ටරයකින් යද්දී සිදුවී ඇති විනාශය දුටු බව දක්‌වා ඇත. (Complete destruction seen by moon)

බෑන් කී මූන් මේ බව පැවසුවේ යෑයි හෙළි කර ඇත්තේ එවකට සිටි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරි ඡේම්ස්‌ මුර්ය. මුර් විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යෑවූ රහසිගත පණිවුඩයක මේ බව සඳහන් කර තිබූ බව විකිලික්‌ස්‌ වෙබ් අඩවිය විසින් හෙළි කර තිබිණි.

එහෙත් විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ පළවූ එම රහස්‌ පණිවුඩය සැප්තැම්බර් 7 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට බී.බී.සී. ය කටයුතු කළේ මන්ද යන්න තේරුම් ගැනීම අපහසු නැත.

එහි අර්ථය නම් යුද මුක්‌ත කලාපයට ද හමුදාව ප්‍රහාර එල්ල කර සිවිල් ජනතාව විනාශ කළ බව මානව හිමිකම් සමුළුව වෙත තහවුරු කිරීමයි.

මේ තත්ත්වය මැද විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් ද සැප්තැම්බර් 13 වැනිදා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය ඉදිරියේ කොටි විරෝධී හඬක්‌ නැඟීමට කටයුතු යොදා ඇත. මේ කොටි විරෝධතාව සඳහා වූ පණිවුඩයක්‌ යුරෝපයේ රටවල් රැසක ශ්‍රී ලාංකියන් වෙත යවා තිබේ. "ත්‍රස්‌තවාදයෙන් මුදාගත් ඔබ උපන් මාතෘ භූමියට එරෙහි අසත්‍ය චෝදනාවන්ට එරෙහි හඬක්‌ නඟන්නට එකතු වෙමු. ඔබ උපන්න දේශයට ඔබගේ 'හඬ' අවශ්‍යම මොහොතයි මේ" යනුවෙන් එම පණිවුඩයේ දැක්‌විණි.

මේ අතර යුරෝපා කොටි ජාලයට පසුබිමේ ලන්ඩනයේ බී.බී.සී. ඇමරිකානු හඬ ගුවන්විදුලිය සහ ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය එක්‌ව ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට සනාථ කිරීමේ ක්‍රියාදාමයක්‌ අරඹා ඇත. මෙය තහවුරු වූයේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත්වීමට පෙර එකී වාර්තාවේ යුද අපරාධ ගැන කිසිදු දෙයක්‌ සඳහන් නොවන බව පවසන ඇමනෙස්‌ටි ආයතනය ශ්‍රී ලංකාව කළ යුද අපරාධ ගැන විමර්ශනයක්‌ කරන ලෙස එක්‌සත් ජාතීන්ගෙන් ඉල්ලීමයි. (A govt
inquiry into Sri Lankas Civil war is flawed
at every level providing no accountability
for atrocities - B.B.C)

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් එම කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර එහි අන්තර්ගත දේ ගැන පවසන්නේ කෙසේද යන්නයි.

ඇමනෙස්‌ටි සංවිධානයේ මේ ප්‍රකාශය ඇමරිකානු රජයට සම්බන්ධ වොයිස්‌ ඔµa ඇමරිකා නමැති ගුවන්විදුලි සේවාව ද විකාශනය කිරීමෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව රඟදැක්‌වීමට සූදානම් වන නාටකය සනාථ වේ.

ඒ සමගම කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් හඬ නැඟූ කොළඹ ද්‍රවිඩ පුවත්පත් දෙකක්‌ යළිත් වරක්‌ මෙරට ගිනි ඇවිලවීමේ ක්‍රියාදාමයක නිරත වී ඇත.

මේ සතියේ දිනෙක එක්‌ පුවත්පතක්‌ පැවසුවේ දකුණේ සිට උතුරට යන අයට පහර දුන්නොත් කොළඹ සිටින ද්‍රවිඩයන්ට පහර දෙන බවට හමුදාව තර්ජනය කළ බවයි. (The army had Threatened Tamil people that if
Sinhalese from the south were attacked
they would retaliate by attacking the
Tamils in Colombo)

මෙහිදී අනිත් පුවත්පත පැවසුවේ නවන්තුරේ හමුදා කඳවුරට පහරදීම නිසා පලිගැනීමක්‌ ලෙස විශ්වවිද්‍යාල සිසුන්ට පහර දෙන ලෙස නියෝග ලැබූ බව පොලිස්‌ භටයකු ප්‍රකාශ කළ බවයි. (A Policeman had noted
that this was done on orders given to take
revenge on the Navanturai incident)

කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පත් මෙවන් සාවද්‍ය ප්‍රචාර දියත් කිරීමේ අරමුණ වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් සමුළුව තුළදී ශ්‍රී ලංකාවේ යුද හමුදාව අවමානයට පත් කිරීමයි.

මේ අතර ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ කොටි හිතවාදියකුගේ සේවය මෙම 15 වැනිදා සිට අත්හිටුවා ඇත. ලෙබනන් මාෆියා ජාලය සමග සබඳකම් පවත්වන මොහු නැවත වරක්‌ තානාපති කාර්යාලය වෙත රිංගීම සඳහා දැඩි උත්සාහයක්‌ දරන බව ලෙබනන් ආරංචි මාර්ග කීවේය.

බුද්ධි අංශවලට ලත් තොරතුරු මත මොහු ගැන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිරීක්‍ෂණය කර තිබිණි. ස්‌විට්‌සර්ලන්තයේ කංසා වගා කරන්නියක්‌ ද ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින බව ස්‌විස්‌ පුවත්පතක්‌ විසින් හෙළි කර ඇත. ඉඳුරුවේ පදිංචිව සිටින බව පවසන ඇය ගැන බර්න්සූටින් පුවත්පත විසින් අනාවරණය කර තිබේ.

මේ සතියේ ආරක්‍ෂක ජාලය පිළිබඳ විමර්ශනය කරන විට කැනඩා කොටි ජාලයට යාපනයේ කැනඩා කොන්සල් කාර්යාලයක්‌ විවෘත කිරීමේ අවශ්‍යතාව මතුවී ඇත.

මේ සඳහා කැනඩාවේ කොටි පාරාදීසය වූ ස්‌කාබරෝහි හිටපු මන්ත්‍රීනි මාර්ලින් ගැලියට්‌ව යොදා තිබේ.

යාපනය නගරයේ කැනඩා කොන්සල් කාර්යාලයක්‌ ආරම්භ කිරීමට කොටි ජාලයට අවශ්‍ය වී ඇත්තේ වීසා බලපත් ලබාගැනීම සඳහා බව පැහැදිලිය.

මේ අතර මුරුගේසු චන්ද්‍රකුමාර් නමැති ද්‍රවිඩ මන්ත්‍රීවරයා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු තිදෙනෙක්‌ ද්‍රවිඩ ඩයස්‌පෝරාවෙන් අරමුදල් ලබාගැනීම සඳහා ගී්‍රස්‌ යකුන්ව ලන්ඩනයට ගෙන ගොස්‌ ඇතැයි හෙළි කර ඇත. ද්‍රවිඩ පුවත්පතක්‌ හිමි අයෙක්‌ ද සාවද්‍ය ප්‍රචාර ගෙන යනවා."යෑයි හෙතෙම චෝදනා කළේය.

මේ පසුබිම මැද ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නමැති නෝර්වේ අරමුදල් ලබන එන්.ජී.ඕ. කම්පැනිය පැවැත්වූ මාධ්‍ය සමුළුවකදී චැනල් 4 සහ මානව හිමිකම් සමුළුව ශ්‍රී ලංකාව හමුවේ පවතින බවත් ඒ සඳහා ප්‍රතිචාර දැක්‌වීමට මාධ්‍යවලට නිසි තැන දිය යුතු බවත් පවසා ඇත.

මාධ්‍යවලට නිසි තැන දෙන ලෙස ඉල්ලන්නේ බර්ලිනයේ ෙ-.ඩී.එස්‌. කොටි හිතවාදී මාධ්‍ය සංවිධානය චැනල් 4 වෙත සාවද්‍ය වීඩියෝ දර්ශන යෑවූ ආකාරය තවත් වර්ධනය කිරීමට ද යෑයි මෙහිදී විමසිය යුතුව තිබේ.

නෝර්වේ රාජ්‍යයේ සිවිල් වැසියන් 95 ක්‌ ඝාතනය කළ ඇන්ඩ්රේ බ්‍රේවික්‌ සහ කොටි සංවිධානය අතර සබඳතා පැවතියේ ද යන්න සොයන ලෙස නෝර්වේ රජයෙන් ඉල්ලීම ශ්‍රී ලංකා රජයද තීරණය කර ඇත.

බ්‍රේවික්‌ගේ වාර්තාවක කොටි සංවිධානය ගැන සඳහන් වී තිබිණි.

මේ අතර විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් තමන් උපයාගත් මුදලින් මව්බිම රැක ගැනීම සඳහා මෙම 13 වැනිදා ජිනීවා නගරයට පැමිණෙන අවස්‌ථාවේ ලන්ඩනයේ සිටින දේශපාලන අනාථයෙක්‌ යළිත් මතුවී ජිනීවා විරෝධතාවය තමාගේ මෙහෙයුමක්‌ බවට ප්‍රචාරය කර ඇත. මෙය කාගේවත් මෙහෙයුමක්‌ නොවෙයි. විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් එකතුවී සිදු කරන්නක්‌ යෑයි ලන්ඩනයේ පදිංචි නන්දා කරුණානායක මහත්මිය කියා සිටියාය.

කොටි ත්‍රස්‌තවාදය බිහිසුණු අයුරින් ක්‍රියාත්මක කරන සමයේ මේ දේශපාලන අනාථයා කොහේ සිටියේද? බ්‍රිතාන්‍යය හා ස්‌විට්‌සර්ලන්තයේ තොරතුරු සපයන පිරිස්‌ මා දන්නවා. ඔවුන්ට නිසි පාඩම උගන්වනවා. මම ඉන්නේ ඉහළම කටටිය සමග බව දැනගත යුතු"යෑයි ඔහු පුරසාරම් දොඩා තිබේ.

මෙවන් තක්‌කඩියන්ට රජයේ බලධාරීහු තවදුරටත් රැවටිය යුතුද? මෙවන් තොරතුරු හෙළිවෙද්දී යාපනය කොටි ජාලය විසින් ගී්‍රස්‌ යකුන්ගේ සිද්ධිය යාපනය විශ්වවිද්‍යාලය තුළට ද ගෙන ගොස්‌ ඇත.

එය තවදුරටත් සනාථ වන්නේ ගී්‍රස්‌ යකුන් ගැන විමර්ශනය කරන්නැයි සිසුන් විසින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමයි.

එසේම යාපනයේ කොටි හිතවාදී පුවත්පතක්‌ විශ්වවිද්‍යාලය තුළට ගොස්‌ සිසුන් විරෝධතාව දක්‌වන අන්දම ඡායාරූප ගත කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.