ඇමෙරිකාවේ 9/11ට දස වසරයි

ලෝක ඉතිහාසයට තවත් අනුවේදනීය මතකයක්‌ සනිටුහන් කළ සැප්තැම්බර් 11 ප්‍රහාරයට දස වසරක්‌ සපිරේ. 2001 සැප්තැම්බර් 11 දින අල්කයිඩා ත්‍රස්‌තයන් විසින් මගී ගුවන් යානාවන්aa පැහැරගෙන ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට හා පෙන්ටගනය වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමෙන් 2996 දෙනෙක්‌ මෙහිදී මියගියහ.

එදින උදෑසන අල්කයිඩා ත්‍රස්‌තවාදීන් 19 දෙනකු මගී ජෙට්‌ යානා හතරක්‌ පැහැර ගත්හ. බොස්‌ටන්. තෙවාර්ක්‌ සහ වොෂිංටන් සිට සැන්µ්‍රeන්සිස්‌කෝ සහ ලොස්‌ඇන්ජලීස්‌ වෙත යන ගුවන් යානා මෙසේ පැහැර ගත්හ. අල්කයිඩා ත්‍රස්‌තයන් පැහැරගත් ඇමරිකානු ගුවන් සේවයට අයත් අංක 11 යානය නිව්යෝර්ක්‌ බලා පියාසර කර වූ ත්‍රස්‌තවාදීන් එහි සිටි මගීන්ද සමග එදින උදෑසන 8.46 ට ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ උතුරු කුළුණේ එය හැප්ප වීය. තවත් ත්‍රස්‌තයන් පස්‌දෙනකු පැහැරගත් යුනයිටඩ් ගුවන් සේවයේ අංක 175 දරන ගුවන් යානය උදෑසන 9.03 ට මගීන්ද සමග නිව්යෝර්ක්‌ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ දකුණු කුළුණෙහි හැප්පවීය. පැය දෙකක්‌ තුළ මේ කුළුණු දෙකම කඩා වැටිණි. පැහැර ගැනුණු ඇමරිකානු ගුවන් සේවයේ අංක 77 දරණ යානය මගීන්ද සමඟ උදෑසන 9.37 ට පෙන්ටගනයේ හප්පා අනතුරට පත් කරන ලද්දේ පෙන්ටගනයටද බරපතල අලාභ සිදු කරමිනි. ත්‍රස්‌තයන් සිවුදෙනකු විසින් පැහැර ගැනුණු යුනයිටඩ් ගුවන් සේවයට අයත් අංක 93 යානය පෙන්සිල්වේනියාවේ ශැන්ක්‌ස්‌විල්හිදී වෙඩි තබා බිම හෙළන්නට ඇමරිකානු ආරක්‍ෂක අංශ කටයුතු කළහ.

මෙම ගුවන් යානාවල නියමුවන් පහර දී මරා දමන්ට ත්‍රස්‌තයන් කටයුතු කර තිබූ අතර ගුවන් සේවක සේවිකාවන්ට ද මගීන්ට ද පහර දී තිබුණු බව එම යානා අනතුරට පත්වන්නට පෙර ඒවායේ තිබූ දුරකථනවලින් ඒවායේ සිටි මගීහු තම ඥතීන්ට දන්වා තිබිණි.

මේ ප්‍රහාර සමග ඇමරිකාව තුළ සියලු ගුවන් ගමන් නවතා දමන ලදී.

අන් රටවල්වල සිට ඇමරිකාව වෙත ගුවන් ගමන් අරඹා තිබූ සියලුම ගුවන් යානාවන් ආපසු හරවා යවන ලදී. ඇතැම් ගුවන් යානා මෙක්‌සිකෝව හා කැනඩාව වෙත හරවා යවන ලදී.

මෙම අනතුරුවලින් මියගිය මුළු ගණන 2996 කි. ත්‍රස්‌තවාදීන් 19 දෙනා ද ඊට ඇතුළත්ය. මගී ගුවන් යානාවල සිටි මගීන් 246 දෙනා ද ඊට අයත් ය.

ප්‍රහාරය හමුවේ ඇමරිකාව උඩු යටිකුරු විය. ඇමරිකානුවෝ අන්ද මන්ද වූහ. ජනාධිපති ජෝර්ඡ් බුෂ් හැඬූ කඳුලින් ජාතිය ඇමතීය.

ඒ සමග ත්‍රස්‌තවාදයට එහි යුද්ධය ඇරඹූ ඇමරිකාව ලොව වටා ත්‍රස්‌ත සංවිධාන තහනම් කළේය.

අල්කයිඩා ත්‍රස්‌තයන්ට එරෙහි දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ ඔවුහු 2011 මැයි මාසයේදී අලිකයිඩා නායක බින් ලාඩන්ව ද පකිස්‌තානයේදී මරා දැමූහ. අදටත් සැප්තැම්බර් 11 ප්‍රහාරය ඇමරිකානුවන් සමරනු ලබන්නේ කඳු පිරි දෙනෙතිනි. සැප්තැම්බර් ප්‍රහාරයට දස වසරක්‌ සපිරෙන මේ මොහොතේ යළිත් වරක්‌ ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල වෙතැයි ඇමරිකානු බුද්ධි අංශ සැක පහළ කර තිබේ. ඒ නිසා ඇමරිකාවේ ආරක්‍ෂාව දෙගුණයකින් වැඩි කර තිබේ.

ජනිත සෙනෙවිරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.