ජවිපෙ කැරලිකාරයෝ පක්‍ෂ සම්මේලනයක්‌ ඉල්ලති!

මුළු මහත් ලෝකයේම අවධානය ඇමරිකාව දෙස යොමුව තිබූ තවත් දවස්‌ කිහිපයක්‌ ගතව ගියේය. ලෝකයේම රාජ්‍ය නායකයෝ සිටියේ ද ඇමරිකාවේය. ඒ 2011 වසර වෙනුවෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්‌ඩලයේ රාජ්‍ය නායකයෝ එහිදී එක්‌ව පවත්වන රාජ්‍ය නායක සමුළුව නිසාය.

අප රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්‍ෂ කල්තියාම එම රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන්නට ඇමරිකාවට ගියේ තවත් විශේෂ හමුවීම් රාශියකටම සහභාගි වන්නට සූදානම ඇතිවය.

ඒ අතරතුර ජනාධිපති මහින්දගේ ඇමරිකානු සංචාරය නිසා වඩාත් කලබලයටත් කැළඹිල්ලටත් පත්ව සිටි පිරිසක්‌ ඇමරිකාව කැනඩාව යන ප්‍රධාන රටවල සිටියහ. ඔවුහු ඇමරිකාවේ සංවිධානය වී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ඇමරිකානු සංචාරය වළක්‌වන්නට හැකි හැම උත්සාහයක්‌ම දරමින් පසුවූහ.

මේ පිරිස අන් කවරකුවත් නොව, ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, නෝර්වේ, ස්‌විට්‌සර්ලන්තය ආදී රටවල් කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වන කොටි හිතවාදී දෙමළ බලවේග විසින් මෙහෙයවන කොටි සංවිධානයේ ඉතිරි පහදු වූ සාමාජිකයන් හා ආධාරකරුවන්ය. ජනාධිපති මහින්දගේ ඇමරිකානු සංචාරය වළක්‌වන්නට ක්‍රියාත්මක වූ මේ බලවේග පසුගිය සති කිහිපය පුරා ඇමරිකාවේ ජීවත්වෙමින් ලංකාවට එරෙහි ප්‍රචාරක මෙහෙයුම් සූදානම් කරමින් සිටියහ.

මේ අතරවාරයේ රුද්‍රකුමාරන් ඇතුළු දෙමළ කොටි ත්‍රස්‌තවාදී පිරිස්‌ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලිපියක්‌ යවමින් කියා සිටියේ මානව හිමිකම් කඩකිරීම් ගණනාවකට හා යුද අපරාධ ගණනාවකට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ඇමරිකානු සංචාරය හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මේලනයට සහභාගිවීම වළක්‌වමින් ක්‍රියාත්මක වන ලෙසය.

යුද අපරාධකරුවකු ලෙස මානව හිමිකම් සංවිධාන විසින් ගොනු කොට ඇති නඩුවක නොතීසි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට බාරගන්නා ලෙස බලකරන ලෙස ද රුද්‍රකුමාරන් එම ලිපියෙන් ඉල්ලා සිටියේය.

කොටි ත්‍රස්‌තවාදී සංවිධානයේ අතකොළු හා ඔවුන්ගේ ආධාරකරුවන් අනුගාමිකයන් වන දෙමළ සිංහල කණ්‌ඩායම්වල සියලු අපේක්‍ෂා හා බලාපොරොත්තු බිඳ දමමින් ඇමරිකානු සංචාරයේ චකිතයකින් තොරව නිරත වී සිටි මේ රාජ්‍ය නායකයා දෙස ලෝක රාජ්‍ය නායකයන් කවුරුත් උනන්දු වන්නට වූයේ ඉන්පසුවය. මේ නිසා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද මේ ලෝක සමුළුවේ වඩාත්ම කැපී පෙනෙන රාජ්‍ය නායකවරු කිහිපදෙනා අතර එක්‌ ප්‍රධාන අයකු වීය.

රටේ අර්බුද

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එම ලෝක සමුළුව සඳහා ගොස්‌ සිටින අතරවාරයේ රට තුළ යම් අර්බුද රැසක්‌ම ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඒ ආණ්‌ඩු පක්‍ෂයේ හෝ රටේ රාජ්‍ය පාලනය තුළ නොව... රටේ විපක්‍ෂයේය.

එක්‌ අතකින් රනිල් වික්‍රමසිංහට එරෙහිව එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්ව අර්බුදයේ ලොකු කුඩා හා සියුම් මෙහෙයුම් උඩින් යටින් හා අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඒ එක්‌ පැත්තකි. අනික්‌ අතින් ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා හා සෙසු නිලධාරීන් වෙනස්‌ කිරීමට එම පක්‍ෂය අභ්‍යන්තරයේ බලවත් නායකයන් පිරිසක්‌ දරන උත්සාහයක්‌ ද පසුගිය සතියේ කරලියට පැමිණ තිබිණි. මෙය රට තුළ සක්‍රිය දේශපාලන කතිකාවට පිවිස තිබුණේ ජවිපය දෙකඩ වී තවත් දේශපාලන පක්‍ෂයක බිහිවීමක්‌ ලෙසය. එහෙත් ඒ පෙනෙන හා කතාබහට ලක්‌වන දෙයට වඩා යථාර්ථය බොහෝ වෙනස්‌ බව දැනගන්නට ලැබුණෙන් පසුගිය සතියේ අවසාන දින කිහිපය වන විටය.

පුංචි ඡන්දයේ උණුසුම ද පසුගිය සතිය ආරම්භය වන විට දැඩි ලෙස ඉහළ ගොස්‌ තිබිණි. කොළඹ මහ පුටුවේ සටන සඳහා ලොකු උනන්දුවක්‌ රටේ පාලක පක්‍ෂයේත් ප්‍රධාන විපක්‍ෂයේත් තිබෙන බව දැනෙමින් තිබිණ. නගරාධිපතිකමට හා නගර සභාව පිහිටුවීමට ලොකු ලොකු මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පෙනෙන්නට වූහ.

මේ අතරතුර මැතිවරණ කොමසාරිස්‌වරයා පසුගිය සතිය ආරම්භයේදීම නැවත වතාවක්‌ පක්‍ෂ ලේකම්වරුන් කාර්යාලයට කැඳවූයේ ඔහුට ලැබී ඇති පැමිණිලි හා චෝදනා රාශියක්‌ම විභාග කිරීම හා කතාබහ කර උපදෙස්‌ දීම සඳහාය.

ඒ අනුව තිස්‌ස, සුසිල් ප්‍රේමජයන්ත, ටිල්වින් ඇතුළු පක්‍ෂ ලේකම්වරු කිහිපදෙනෙක්‌ හා අදාළ නිලධාරීහු රැස්‌වීමට සහභාගි වී සිටියහ.

රාජ්‍ය දේපළ යොදාගෙන කරන අයුතු මෙහෙයුම් හා රාජ්‍ය මුදල් යොදාගෙන කරන ආධාර දීම් හා රජයේ වාහන යොදාගෙන කරන කටයුතු කිහිපයක්‌ සහ එජාපයේ පිරිස්‌ පැමිණිලි කර තිබිණි. ඒ අතරතුර යම්කිසි පිරිසක්‌ විසින් කොලොන්නාව ප්‍රදේශයේදී කරන ලද බියගැන්වීම් ගණනාවක්‌ පිළිsබඳව ද පැමිණිලි ලැබී තිබිණි.

මැතිවරණ කොමසාරිස්‌වරයා පක්‍ෂ ලේකම්වරුන්ට අවවාද කරමින් කීවේ මේ කටයුතු පාලනය කිරීමට තමන් පොලිසිය සමඟ එක්‌ව වැඩ පිළිවෙළක්‌ යොදන බවය.

ඡේ. ආර්. ට 105 යි

මේ අතරතුර සෙනසුරාදා දිනයේ සිරිකොතට යාබද ජාතික සේවක සංගම් මූලස්‌ථානයේ තවත් විශේෂ උත්සවයක්‌ පැවැත්විණි. ඒ එජාප නායකයකුව සිටි ඡේ. ආර්. ජයවර්ධනයන්ට වසර 105 ක්‌ සපිරීම නිමිත්තෙනි.

ඡේ. ආර්. පිළිරුවට පුෂ්පෝපහාර දැක්‌වීමෙන් අනතුරුව උපහාර උත්සවය ඇරඹිණි. ඒ හා සමගාමීව ලේ දන්දීම්, අක්‍ෂි සායන ආදී පොදු සුබසාධක වැඩ කටයුතු ද කිහිපයක්‌ම සිදු කෙරිණි. මෙම උත්සවයට රනිල්, කරු, තිස්‌ස, ගාමිණී ජයවික්‍රම, ජෝන් හා රවී කරුණානායක ද පැමිණ සිටියහ.

එම උත්සවය ඉවර වී එදා හවස රනිල් කෙළින්ම දයා ගමගේ සමඟ ගුවනින් ගියේ අම්පාරටය.

18 වැනිදා ඉරිදා සමන්තුරේ හා කල්මුණේ ප්‍රදේශවල එජාප ප්‍රචාරක රැලි කිහිපයක්‌ම තිබිණි. රනිල් ගියේ ඒවාට සහභාගිවීමටය. මේ අතරතුර තිස්‌ස අත්තනායක හා දයාසිරි ජයසේකර කුණ්‌ඩසාලේ ප්‍රදේශයේ පැවැති ප්‍රචාරක රැස්‌වීම් කිහිපයකට ගොස්‌ සිටියහ.

සඳුදා එනම් 12 වැනිදා රත්නපුර දිස්‌ත්‍රික්‌ එජාප බලමණ්‌ඩල රැස්‌වීම පැවැත්විණි. තිස්‌ස හා දයාසිරි ඊට සහභාගි වීමට ද පැමිණ සිටියහ. තලතා, දුනේෂ් ඇතුළු රත්නපුර නායකයෝ මෙහෙයවූ මෙම රැස්‌වීමේදී තිස්‌ස එජාප සාමාජිකයන්ට එක්‌තරා ආරාධනයක්‌ කළේය.

අපි එක්‌සත් ජාතික පක්‍ෂය හැටියට අවුරුදු 34 කින් රත්නපුර නගර සභාවේ පාලනයක්‌ බාරගෙන නැහැ. ඒ තත්ත්වය වෙනස්‌ කරන්න ඔන්න දැන් කාලය ඇවිත්.

එදිනම දොස්‌තර ජයලත් ජයවර්ධන සිටියේ මීගමුවේය. ඔහුද ප්‍රාදේශීය මැතිවරණ ප්‍රචාරක රැලිවලට සහභාගි වෙමින් ඡන්දය වෙනුවෙන් මහන්සි වෙමින් සිටියේය.

අඟහරුවාදා එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීම පාර්ලිමේන්තුවේ පැවැත්විණි. එහෙත් ඊට වැඩි සහභාගිත්වයක්‌ නොවූයේ ප්‍රාදේශීයව සිටි නායකයෝ හුඟදෙනෙක්‌ තම තමන්ගේ පළාත්වල සිට ඡන්ද කටයුතු මෙහෙයවීම නිසාය.

කරු මීගමුවේ

ඉරිදා දිනයේ කරු ජයසූරිය ද මීගමුවේ පිහිටි ප්‍රචාරක රැස්‌වීම් කිහිපයකට ගොස්‌ සිටියේය. ඉන් එක තැනකදී කරු එක්‌තරා කතාවක්‌ කියමින් මෙසේ කීවේය.

දැන් ඔය නෝමෑන්ඩ් පිටියේ හදපු චීන සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ ගෞරවය ආණ්‌ඩුවට ගන්න යම්කිසි පිරිසක්‌ උත්සාහ කරනවා නේ. නමුත් ඒකට ගිවිසුම අත්සන් කළේ 2001-2004 අපේ ආණ්‌ඩුව කාලේ බව අමතක කරන්න එපා.

ඔව්... ඡන්දෙට ඔන්න මෙන්න කියලා රජය ඔය රඟහල තීන්ත ගාලා ඔප දාලා විවෘත කරන්න ඉඩ තියෙනවා. නමුත් අපි ඕකේ නියම ඇත්ත රටට කියන්න ඕන. ජයලත් ජයවර්ධන එහිදී කීවේය.

සියලුම පාර්ශ්ව එකතු කරගෙන වැටී සිටින අලියා නැගිටුවා ගැනීමට වෙර දරන කරු නිතරම කියන කතාවක්‌ ද තිබේ. ඔහු කියන්නේ අපි අපේ පාක්‍ෂිකයන්ට උණුසුමත් රැකවරණයත් ආදරයත් නිරතුරුව දිය යුතුයි කියාය. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හා පක්‍ෂය හැරගියවුන් යළි පක්‍ෂය වෙත එකතු කරගෙන ඔවුන්ගේ ආශිර්වාදය පක්‍ෂය වෙත ලබාත යුතු බවය.

පසුගිය අඟහරුවාදා කරු රාජගිරිය මාදින්නාගොඩ එක්‌තරා නිවසකට ගොඩ වූයේය. නිවසේ සිටියේ එජාප පැරණි පතාක යෝධයකු වූ පෙස්‌ටස්‌ පෙරේරාය. හේ දේශපාලනයෙන් විශ්‍රාම ගෙන නිවසේ සැඳෑ සමය ගතකරමින් සිටියේය. කරු ගියේ පසුගිය 65 වැනි පක්‍ෂ සම්මේලනයේදී පෙස්‌ටස්‌ පෙරේරා වෙනුවෙන් නම් කළ ගෞරවනීය සම්මානය ඔහුට බාරදීම සඳහාය.

පෙස්‌ටස්‌ගේ බිරිඳ ඇතුළු පිරිස කරුව උණුසුමින් පිළිගනිමින් අනගි තේ පැන් සංග්‍රහයක්‌ ද සූදානම් කළේය. මේ අතර එජාප සභාපති ගාමිණී ජයවික්‍රම ද මේ අවස්‌ථාවට පැමිණියේය.

මේ අවස්‌ථාවේ සුහද කතාබහක්‌ ද පැතිර ගියේය. ගාමිණී ජයවික්‍රම පෙස්‌ටස්‌ගේ බිරිඳ ලැරින් පෙරේරාගෙන් අතීතය හාරා අවුස්‌සා අසන්නට ගත්තේය.

කොහොමද ඔබතුමියට පෙස්‌ටස්‌ව හමුවුණේ...

ඒ කාලේ පෙස්‌ටස්‌ තරුණ නීතිඥවරයෙක්‌. එයා තමයි මගේ සියලුම දේපළවල ඔප්පු තිරප්පු ලිව්වේ. ඒවා පාලනය කළේ. ඒ කාලේ තමයි මේ හැඳුනුම්කම ඇතිවුණේ.

ඔබ නම් නියම දක්‍ෂයෙක්‌. මදි නැහැ දේපළ පාලනය කරන්න ඔප්පු ලියන්න ඇවිත් ගිය දුර... ගාමිණී කිවේය.

ඉන්පසු සාකච්ඡා සියල්ල හමාර වී ඒ නිවසින් පිටවුණු කරු සහ ජයවික්‍රම දෙදෙනා එකම වාහනයක නැඟීA පී. සී. ඉඹුලානගේ නිවස බලා පිටත්ව ගියේය.

ජවිපෙ ගැටුම

පසුගිය සතියේ ලංකාවේ දේශපාලන කරලිය තුළ වඩාත්ම කතාබහට ලක්‌වූ සිදුවීම වූයේ ජනතා විමුක්‌ති පෙරමුණේ අභ්‍යන්තර ආරවුලයි.

මේ ආරවුල ජවිපෙය බෙදීමක්‌ ලෙස යම් යම් මාධ්‍ය ඔස්‌සේ රටට වාර්තා වී තිබුණද මූලික වටයේදී ජවිපෙ සෝමවංශ පිලේ නායකයෝ ඒ ආරංචි බොරු කියා නිවේදනය කළහ. එහෙත් ජවිපයේ පතුළ බිඳගෙන ආ අභ්‍යන්තර අර්බුදය කුල්ලෙන් ගෙයි කුණු වසා තබා ගන්නවා මෙන් වසං කර ගන්නට ජවිපෙ නායකයන්ට නොහැකි විය. ජවිපයේ අභ්‍යන්තරයේ සිටි නායකයෝ පිරිසක්‌ වත්මන් නායකත්වයට හා නිලධාරි මණ්‌ඩලයට අභියෝග කරමින් ප්‍රතිසංවිධානයක්‌ ඉල්ලීම තුළ පක්‍ෂයේ අභ්‍යන්තර රහස්‌ එක එක පිටවන්නට පටන් ගත්තේය.

ජවිපෙය රටේ අනෙකුත් පක්‍ෂවලට වඩා බොහෝ සෙයින් වෙනස්‌ පක්‍ෂයකි. පක්‍ෂය අභ්‍යන්තරයේ මතුපිටට නොපැමිණෙන නායකයෝ ද පිරිසක්‌ සිටියහ. ජනතාව ඉදිරියට ප්‍රසිද්ධියේ එන නායකයෝ පිරිසක්‌ ද සිටියහ. වත්මන් අභියෝගය හටගෙන ඇත්තේ මේ පෙනෙන හා නොපෙනෙන දෙපිරිස අතරයි. නොපෙනෙන අභ්‍යන්තර නායකයන් කණ්‌ඩායම මෙහෙයවනු ලැබුවේ ප්‍රේමකුමාර් ගුණරත්නම්, ඕපාත, මාලන්, දිමුතු ඇතුළු පිරිසක්‌ විසිනි. පිටතට පෙනෙන නායකයන් පිරිස මෙහෙයවනු ලැබුවේ සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා, අනුර, හඳුන්, විජිත ලාල් ඇතුළු පිරිසක්‌ විසිනි.

ජනතා විමුක්‌ති පෙරමුණට වර්තමානයේ අත්වී තිබෙන ඉරණම ගැන කල්පනා කරන ප්‍රේමකුමාරන් ගුණරත්නම්ලාගේ කණ්‌ඩායම කියන්නේ මේ සියලු අඩුපාඩු වත්මන් නායකත්වයේ හා නිලධාරීන්ගේ අඩුපාඩු නිසා සිදුවන බවය. ඒ නිසා වහාම පක්‍ෂ සම්මේලනයක්‌ කැඳවා නිලධාරි මණ්‌ඩලයේ තනතුරු සියල්ල ප්‍රතිසංවිධාන කළයුතු බව ඔවුහු යෝජනා කළහ. ගැටුම පටන්ගත්තේ එතැන සිටය.

ජනතා විමුක්‌ති පෙරමුණට 12 දෙනකුගෙන් සමන්විත දේශපාලන මණ්‌ඩලයක්‌ තිබේ. එය පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලයයි. ඒ දොළොස්‌දෙනාගෙන් වැඩි දෙනකු මේ වන විට සිටියේ ප්‍රේමකුමාරන් ගුණරත්නම්ලා සමඟය. දේශපාලන මණ්‌ඩලයේ ගන්නා තීන්දු අනුමත වන්නේ සාමාජිකයෝ 25 දෙනකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවේදීය. එහි සිටියේ ප්‍රේමකුමාරන්ලාගේ පිලට 12 දෙනෙක්‌ හා සෝමවංශලාගේ පිලට 13 දෙනකු ලෙසටය. එහෙත් පසු කලෙක පක්‍ෂයේ භාණ්‌ඩාගාරික ලෙස ක්‍රියා කළ ජී. කුලරත්න සහෝදරයා ප්‍රේමකුමාරන්ලාගේ මතය හා එකතු වීමෙන් ප්‍රේමකුමාරන්ලාගේ බලය 13 දක්‌වා වැඩි විය.

මේ අතර ජනතා විමුක්‌ති පෙරමුණ වර්තමානයේ භුක්‌ති විඳින යම් යම් දේපළවල අයිතිය ද තිබුණේ ප්‍රේමකුමාරන්ලාගේ සාමාජිකයන් අතය. උදාහරණයක්‌ හැටියට දැනට පක්‍ෂ මූලස්‌ථානය ලෙස සලකන පැලවත්ත මහා ගොඩනැඟිල්ලේ නීතිමය දේපළ අයිතිය ඇත්තේ මදනායක කියන සහෝදරයකුටය. ඔහු ප්‍රේමකුමාරන් කල්ලියේ ක්‍රියාකාරිකයෙකි.

මෙතෙක්‌ සමාජයේ වැඩි දෙනකු නොදැන සිටි තවත් කරුණක්‌ ජවිපයේ තිබේ. ජනතා විමුක්‌ති පෙරමුණේ හදවත ලෙස ක්‍රියා කරන පුරෝගාමී පක්‍ෂයක්‌ ජවිපය අභ්‍යන්තරයේ තිබේ. එය බොල්ෂෙවික්‌ පක්‍ෂය නම්ය. එහි සාමාජිකත්වය 190 ගණනකි. අති වාමවාදී අදහස්‌වලින් සන්නද්ධව සිටින මේ බොල්ෂේවික්‌ සාමාජිකයන්ගෙන් 149 දෙනකුම සිටියේ ප්‍රේමකුමාරන්ලා සමඟය.

මේ නිසා වහාම පක්‍ෂ සම්මේලනයක්‌ කැඳවා පක්‍ෂයේ නිලතල ප්‍රතිසංවිධානය කළ යුතුය යන යෝජනාවට මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදීව බලන විට ජය හිමිවී තිබිණ. ඒ අතර ජවිපයේ දේපළ පිළිබඳව ද ප්‍රශ්න මතු වී තිබුණේ ජවිපෙයට අයත් චංචල හා නිශ්චල දේපළවලින් වැඩි ප්‍රමාණයක්‌ ද අර බොල්ෂේවික්‌වාදී පිල මත ර¹ පැවතී තිබුණ නිසාය.

මේ අර්බුදය විස¹ ගැනීමට ප්‍රේමකුමාරන්, ගුණරත්නම් හා සෝමවංශ අමරසිංහ අතර සතරකන් මන්ත්‍රණයක්‌ බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ ඇතිවුණද ඉන් ද හරි ස්‌ථාවරයකට පැමිණීමට නොහැකි වූ බව ආරංචි මාර්ග කියයි....

මේ අර්බුදය ගැන තවත් කතා බහක්‌ බ්‍රහස්‌පතින්දා හවස බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ද ඇතිවිය. කතාබහට එක්‌ව සිටියේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, විමල් වීරවංශ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු පිරිසකි.

මේ පිරිස බ්‍රහස්‌පතින්දා හවස්‌ වරුවේ බොරැල්ල ජයරත්න මල් ශාලාවට පැමිණ සිටියේ ප්‍රවීණ රංගධර ජෝ අබේවික්‍රමයන්ගේ අවමංගල්‍යයට සහභාගි වී අවසන් ගෞරව දක්‌වා ඉතිරි වැඩ කටයුතු සංවිධානය කරන ආකාරය කතා බහ කර ගැනීම පිණිස ය.............

අවසන් ගෞරව සඳහා දේහය ජයරත්න ශාලාවේ තබන්aනටත් 23 වැනිදා උදේ 9.00 න් පසු කලාභවනට රැගෙන යන්නටත් හවස 3.30 ට කලාභවනෙන් බොරැල්ල කනත්ත වෙත රැගෙන යන්නටත් 4.00 ට ඉතා චාම් අවමංගල්‍ය උත්සවයකින් ඒ අසහාය කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කරන්නටත් අවමංගල්‍ය කමිටුව එක්‌වී කතාබහ කරගෙන තිබිණ, රවින්ද්‍ර රන්දෙණිය, සෝමරත්න දිසානායක, ජනාධිපති ලේකම් කාර්යාලයේ සමන් රත්නායක ආදීහු එක්‌ව එම කටයුතු සංවිධානය කරන්නට බාරගෙන තිබිණි.

මේ අතර ඇල්ලේ ගුණවංශ හිමියන් සිටිනු දුටු ගෝඨාභය රාජපක්‍ෂ පැමිණ උන්වහන්සේ සමඟ කතාබහ කරන්නට පටන් ගත්තේය..

දැන් මොකක්‌ද ලේකම්තුමා මේ කොළඹට වෙන්න යන්නේ. මේකට මොනව හරි වෙලා නගර සභාවේ බලය වෙන පැත්තකට ඇදිල ගියොත් කොළඹ ලස්‌සන කරන එක තබා මේ කුණු ඇදිල්ලත් ඉවරවෙලා අර පරණ ක්‍රමයට යාවි. අන්තිමේ කොළඹ ගඳ ගහන්න ගනීවි.

දෙදෙනා ඊළඟට කතා කළේ කොළඹ ජනතාවගේ ජනමතය හැසිරෙන ආකරය ගැනය.

ඔබ වහන්සේ කට පාඩමින් දන්නවනේ කොළඹ වතු ටිකයි, පාරවල් ටිකයි......... අපිට ඔබ වහන්සේවයි ඡන්දෙට දාන්න තිබුණේ...........

මම මේකේ පොළොවේ පය ගහල මිනිස්‌සුන්ගේ සිතුම් පැතුම් අඳුන ගෙන ඉන්න කෙනෙක්‌නේ....... හාමුදුරුවො කීහ.

මේ අතර විමල් වීරවංශ අමාත්‍යවරයා ද එතැනට පැමිණියේය.

ආ....... මේ ඉන්නේ අපේ නිවාස ඇමැතිතුමා. ඒක නොවෙයි..... මොකක්‌ද තමුන්නාන්සේලාගේ පරණ පක්‍ෂයට වෙන්න යන්නේ.... රටේ ප්‍රගතිශීලී කඳවුර ඔය විදියට කාකොටාගෙන ගරා වැටන එක රටක අනාගතයට හොඳ නැහැ. ඇල්ලේ ගුණවංශ හිමියෝ කීහ.

ඇත්තටම විමල් මොකක්‌ද දැන් තත්ත්වය ඇතුළේ....... ගෝඨාභය ඇසීය.

ආයෙත් පාස්‌සන්න බැරි විදිහට පක්‍ෂය දෙකට කැඩිල ඉවරයි. එක්‌ පිරිසක්‌ පක්‍ෂ මූලස්‌ථානයේ බලය අල්ල ගන්නත් මහන්සි වෙනවා. ලංකා පුවත්පතේ වාහන, දේපළ එහෙමත් පැහැරගෙන ගියා කියලත් ආරංචියි.... මේ තත්ත්වය යම්දිනක උදාවෙන බව අපි කලින් කිව්වා. කිසි කෙනෙක්‌ ඇහුවේ නැහැ... විමල් කීවේය.

ඔව්... ලොකු කලබලයක්‌ තියෙනවා. අද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිතුමා ජවිපෙ මූලස්‌ථානයට පොලිස්‌ ආරක්‍ෂාව ඉල්ලලා තිබුණා. ගෝඨාභය කීවේය.

අපි ඔව්වට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. නමුත් අපි මේ තත්ත්වය කලින් පෙන්නලා දුන්නා නායකයන්ට. එදා ඇහුවේ නැහැ. දැන්වත් මේ ප්‍රශ්නය තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්‌. විමල් තරමක්‌ හැඟුම්බරව කියා සිටියේය.

මට නම් හිතෙන්නේ විමල් පිටින් ඉඳගෙන කවුරු හරි මේ ආරවුල සංවිධානාත්මකව මෙහෙයවනවා. ඇල්ලේ ගුණවංශ හිමියෝ කීහ.

අපට නම් හිතෙන්නේ විදේශ ඔත්තු සේවයක්‌ විසින් මේ ගැටුම මෙහෙයවන බව..... විමල් කීවේය.

රට වෙනුවෙන්, රට අමාරුවේ වැටිල තියෙන වෙලාවක රටට ලොකු හයියක්‌ වුණා, සේවයක්‌ කළ පක්‍ෂයක්‌ මේ ඉරණමට මුහුණදීපු එක ගැනයි මට නම් දුක...... විමල් කීවේය.

ඉන් අනතුරුව ඇල්ලේ ගුණවංශ හිමියෝ මතක්‌ කළේ ජෝ අබේවික්‍රම නම් අසහාය රංග ධරයාගේ රංගන ප්‍රතිභාව ගැනය... රට වෙනුවෙන් තිබූ දේශභක්‌ති ය හා ආදරය ගැනයි.

ජෝ කියන්නේ හොඳ යූ. ඇන්.පී. කාරයා ඒත් පසුගිය කාලේ බලන්න එයා කල්පනා කරපු විදිය........ ජනාධිපතිතුමා රට බේරගන්න ත්‍රස්‌තවාදය සමඟ කරපු අරගලය එතුමා තේරුම් ගත්තා. නිකමටවත් ජනාධිපතිතුමාට විරුද්ධව එතුමා වචනයක්‌වත් කිව්වේ නැහැ. ජනාධිපතිතුමාට උදව් කරන්න ගියෙත් නැහැ ඔය ඉන්න සමහර බොරුකාරයෝ වගේ. ඒත් එජාප හිතවත් කලාකාරයකු ලෙස එතුමා වෙහෙසවෙලා ලොකු සේවයක්‌ කළා රට වෙනුවෙන්........... ඇත්තටම එතුමා ඉඩක්‌ ලැබෙන හැම මොහොතකම මාව හමුවෙන්න එනවා. අපි කතා කළේ ඕවා ගැන. මේ රට බේරා ගන්න ඕනය කියන කියන එක ගැන එතුමා තුළ ලොකු අදහසක්‌ තිබුණා.........

ඇල්ලේ ගුණවංශ හිමියෝ එසේ කියාගෙන යද්දී විමල් තවත් රහසක්‌ හෙළිs කළේය...

ජෝ මහත්තයා මීට සති දෙක තුනකට කලින් මාව හම්බවෙන්න ආවා. ඇවිල්ල එතුමාට ඉන්න නිවසක්‌ ගැන ඉල්ලීමක්‌ කළා. ඒ වෙලාවේ මම සුදුසු නිවසක්‌ හෝ ඉඩමක්‌ එතුමාට දෙන්න කියල නිලධාරින්ට උපදෙස්‌ දුන්නා. ඒ සඳහා තැනක්‌ හොය හොයා ඉන්නකොට තමයි මේ කනගාටුදායක ආරංචිය අපට අහන්න ලැබුණේ.

ජනාධිපතිවරයාත් ලංකාවේ සිටියේ නැති පසුගිය සතිය පුරාම අපේ මැතිs ඇමැතිවරු බොහෝ දෙනෙක්‌ සිටියේ විවේකයෙනි............. කැබිනට්‌, කණ්‌ඩායම් රැස්‌වීම්, විශේෂ බජට්‌ සාකච්ඡා ආදී කිසිවක්‌ මේ සතියේ නොවීම ඊට හේතුවයි.

එහෙත් විශේෂ අණපනත් හා විවාද කිහිපයක්‌ නිසා මේ සතියේ පාර්ලිමේන්තුව පැවැත්විණි. ඒ නිසා මැති, ඇමැති, මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක්‌ පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. විපක්‍ෂයේ ද සැලකිය යුතු පිරිසක්‌ පැමිණ සිටියහ.........

විපක්‍ෂය තුළ ද ජනතා විමුක්‌ති පෙරමුණ තුළද ඇති වී තිබෙන ගැටුම්කාරී අර්බුද ගැන පාර්ලිමේන්තුවේ හැමතැනම කතාබහ පැතිර තිබිණි. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ කුතුහලය වී තිබුණේ ජවිපයට දැන් සිදුවී ඇත්තේ කුමක්‌ද කියා දැනගැනීමටය. මේ නිසා ජවිපයේ කලින් සිටි මන්ත්‍රීවරු මැති ඇමැතිවරු දුටු විගස සෙසු අය ඇසුවේ මොකක්‌ද දැන් අලුත්ම තත්ත්වය කියාය........... විමල් වීරවංශ ට මේ පිළිබඳ බේරුමක්‌ ම නැති විය.

මේ අතර එජාපයේ මන්ත්‍රීවරු දුටු විගස ද, දැන් මොකද ඇතුළේ තත්ත්වය කියා අසන්නට රජයෙ මැති ඇමැතිවරු පුරුදුව සිටියහ. සමහරු මෙය ඇසුවේ ඊළඟට මොනවාද වෙන්නේ කියාය.

මේ අතරවාරයේ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා තවත් පිරිසක්‌ සමග රටේ පවතින සමාජ විෂමතාව ගැන කතා කරමින් සිටියේය. ප්‍රියංකර ජයරත්න, ජගත් පුෂ්පකුමාර, මහින්ද යාපා, ශාන්ත බණ්‌ඩාර, චාමික බුද්ධදාස, තේනුක විදානගමගේ, මාලනි ෙµdන්සේකා, හේමාල් ගුණසේකර යන මැති ඇමැතිවරු ද පිරිසක්‌ ඒ කතාබහ සමග එක්‌ව සිටියහ. මේ කතාබහට කුමාරසිරි හෙට්‌ටිගේ ද සම්මාදම් වී සිsටියේය.

සමහරු වියදම් කරන හැටි ගැන පුදුම හිතෙනවා. සමහරු පස්‌දෙනෙක්‌ හෝටලේකට ගිහින් වේලක්‌ කාල රුපියල්a 25,000 ක්‌ 30,000 ක්‌ බිල ගෙවනවා. ඒ අතරේ තවත් සමහර මිනිස්‌සු රු. 25,000 කින් පවුලක්‌ මාසයක්‌ නඩත්තු කරනවා..... හරි පුදුමයි මේ තියෙන විෂමතාව.

ඕක හැමදාම වුණානේ. අපේ සමහර නැති මිනිස්‌සුන්ට එකපාර සල්ලි පහළ වුණාම ඔය වගේ නරක විදියට අනවශ්‍ය වියදම් කරන එක අද විලාසිතාවක්‌ වෙලා... නෙරංජන් වික්‍රමසිංහ කීවේය.

සමහර ව්‍යාපාරිකයෝ අහිංසක මිනිස්‌සුන්ගෙන් සල්ලි හූරගෙන කාලා ඕවාට තමයි වියදම් කරන්නේ. මම ලෑස්‌තියි අලුත් ව්‍යාපාරික ප්‍රජාවක්‌ හම්බන්තොටින් බිහි කරන්න වැදගත් තාලෙට හම්බ කරන.........

ඒක කොහොමද කරන්නේ .... ජගත් ඇසීය.

හොඳට ඉගෙන ගන්න පුළුවන් දුප්පත් පවුල්වල කොල්ලෝ ටිකක්‌ මම හඳුනා ගත්තා. මම ඒ අයට ව්‍යාපාර කළමනාකරණය ගැන උගන්වනවා. උගන්නවලා ඒ අයව ව්‍යාපාරික ප්‍රජාව අතරට ඇතුල් කරවලා හොඳ ව්‍යාපෘතිවලට යොමු කරනවා නාමල් කීවේය.

මේ අතර දොස්‌තර ජයලත් ජයවර්ධන සමඟ බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා එතැනට ආවේය.

ඩොක්‌ටට සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශය ලැබෙන්න වගේ යන්නේ......... කුමාරසිරි හෙට්‌ටිගේ කීවේය. සැවොම සිනාසී ජයලත් දෙස බැලූහ.

නිකන් හිටපල්ලා බං කතා හදල අපට මඩ ගහන්නේ නැතුව...... ජයලත් එසේ කියා හෙට්‌ටිගේ ගේ කරට අත දමා ගත්තේය.

ඇත්තටම ඩොක්‌ටර්..... විපක්‍ෂයේ තව කොච්චර කාලයක්‌ ඉන්න වෙයිද.... ඒක ගැන හිතනකොට දුක හිතෙන්නේ නැද්ද........ නාමල් ඇසීය....

මම ඇමැතිකමක්‌ කරපු කෙනෙක්‌. මේ රටේ නායකයෙක්‌ වෙන්න පුළුවන් සිංහල බෞද්ධයකුට විතරයි. මම කතෝලිකයෙක්‌. මට යන්න පුළුවන් උපරිම තැන ඇමැතිකම. මම එතැනට ගිහිල්ලා ඉවරයි. ඉතින් මට තනතුරු ගැන මට තව දුකක්‌ හිතෙන්න දෙයක්‌ නැහැ ජයලත් උත්තර දුන්නේය.

එතකොට ඩොක්‌ටර් දැන් ඔය ඔයාලයි පක්‍ෂයේ කැරලිකාර කණ්‌ඩායමට මොකද වෙන්නේ.... නාමල් ඇසීය.

ඒ අයට දේශපාලනය තේරෙන්නේ නැහැ. මම තරම් රණසිංහ ප්‍රේමදාස මහත්තයට හිතවත් කෙනෙක්‌ එදා හිටියේ නැහැනේ......... ප්‍රේමදාස මහත්තයාට එදා පක්‍ෂයේ නායකයෝ වට කරල ගහපු හැටි මට හොඳට මතකයි. ඒත් එතුමා සැලුනද..... ජාත්‍යන්තර නිවාස වර්ෂය ලංකාවට ගෙනාපු වෙලාවේ නිවාස සංවර්ධනය වෙනුවෙන් වෙන්වෙලා තිබුණ බජට්‌ එකක්‌ එදා කපල දැම්මා ඒ හිටපු නායකයා. නමුත් ප්‍රේමදාස මහත්තයා නායකයාට එරෙහිව නැඟිට්‌ටද නෑ.... ඒ ඉවසීම මහ පුදුම ඉවසීමක්‌. අපේ අය මේවා ඉගෙන ගන්න ඕන.... නායකයාට විරුද්ධව ඔය වගේ පෙරළි කරන්න යන්න හොඳ නැහැ.

ඔබතුමාල ජ්‍යෙෂ්ඨයෝ හැටියට ඔය කලබලකාරයන්ට උපදෙස්‌ දෙන්න එපායෑ..... හෙට්‌ටිගේ කීවේය.

උපදෙස්‌ දුන්නට අහන්න එපායෑ. සිද්ධ වුණේ එයාලයි අනාගතය අඳුරු කරගත්ත එක විතරයි. බලන්න ඔයගොල්ලන්ගේ නායකයා ආපු ගමන දිහා. එතුමා වරක්‌ රට ගියා කම්කරු අමාත්‍යවරයා හැටියට. එතුමා එනකොට ඒ ඇමැතිකම අයින් කරලා දීල තියෙනවා ධීවර ඇමැතිකම. ඒත් එදා එයා නායකත්වයට විරුද්ධව කැරලි ගැහුවද....... නැහැ........ නායකත්වය කියන්නේ අන්න ඒකට.......... බොරුවට දඟලල පෙරළිකරන එකට නොවෙයි....

නාගසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.