2011 සැප්තැම්බර් 27 අඟහරුවාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
පක්‍ෂ සම්මේලනයක්‌ කැඳවා
දඬුවම් දිය යුතුයි

සෝමවංශ :
ටිල්වින් : අනුර
පක්‍ෂයේ විනය
කඩකරලා

කැරලිකාර පිලේ මාධ්‍ය
ප්‍රකාශක කියයි


සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා සහ අනුර කුමාර දිසානායක යන අය ජනතා විමුක්‌ති පෙරමුණේ විනය බරපතළ ලෙස කඩකර ඇති නිසා වහා පක්‍ෂ සම්මේලනයක්‌ කැඳවා ඔවුනට දඬුවම් දිය යුතු බව ජවිපෙ කැරලිකාර කණ්‌ඩායමේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජාගොඩ මහතා ඊයේ (26 දා) "දිවයින" ට පැවැසුවේය.


හදිසි පිපිරීමකින් ඊයේ
වීරවිල කඳවුරේ
වෙඩි බෙහෙත්
ගබඩාව වැනසෙයි


වීරවිල 14 වැනි ගජබා රෙජිමේන්තු හමුදා කඳවුරේ වෙඩි ද්‍රව්‍ය ගබඩාවේ ඊයේ (26 වැනිදා) පස්‌වරුවේ ඇතිවූ හදිසි පිපිරීමකින් ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. මෙම පිපිරීමෙන් එහි රාජකාරියේ නිරත හමුදා සෙබළුන් දෙදෙනකු තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇත.
 


එස්‌ - 11 දුම්රිය බලවේග
කට්‌ටල ධාවනයෙන්
රියෑදුරෝ ඉවත් වෙති


ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද එස්‌ - 11 වර්ගයේ දුම්රිය බලවේග කට්‌ටල ධාවනය කිරීමෙන් වැළකී සිටීමට දුම්රිය රියෑදුරන්ගේ සංගමය තීරණය කර ඇත. අදාළ දුම්රිය ධාවනය කිරීම අනතුරුදායක බවත් එහි වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ කිසිවකු විසින් භාර නොගන්නා බැවින් මෙම තීරණයට එළැඹි බව එම සංගමයේ සභාපති අයි. එල්. කේ. දිසානායක මහතා "දිවයින" ට පැවසීය.


උ/නැ නැවත පදිංචි
කිරීම් 95% ක්‌ අවසන්
නැවත පදිංචි කිරීමේ

අමාත්‍යංශයේ විෂය
පැවරුම් ළඟදීම වෙනස්‌ වේවි


දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේ කටයුතු සියයට අනූපහකින් පමණ අවසන් වී ඇති බැවින් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ විෂය පැවරීම් ළඟදීම වෙනස්‌වනු ඇතැයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.


අලව්ව දුම්රිය අනතුරේ
අලාභය ඉන්දීය සමාගමෙන්
අය කළ යුතුයි

දුම්රිය දේපළ සුරැකීමේ සංවිධානය කියයි

අලව්ව දුම්රිය ස්‌ථානයේදී පසුගිදා (17දා) සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් ජීවිතවලට සහ දේපළවලට සිදුවූ අලාභය එස්‌ - 11 බලවේග කට්‌ටල මෙරටට සපයනු ලැබූ ඉන්දීය
....


පැල්පත් වාසීන් වෙනුවෙන්
නිවාස තිස්‌දහසක්‌
දසලක්‌ෂ 90,000ක්‌ වෙන් කෙරේ


පැල්පත් වැනි අඩු පහසුකම් සහිත නිවාසවල පදිංචි පවුල් සඳහා නිවාස ඒකක 30,000 ක්‌ ඉදිකිරීමට මහා භාණ්‌ඩාගාරය විසින් නගර සංවර්ධන අධිකාරියට රුපියල් දසලක්‌ෂ 90,000 ක්‌ ලබාදී ඇත.


පෞද්ගලික බස්‌ රථයක
සේවක පිරිසකගේ
ප්‍රහාරයෙන් ලංගම

රියෑදුරුට බරපතලයි


අවිස්‌සාවේල්ල - මහරගම මාර්ගයේ ධාවනය කරන ලංගම බස්‌රථයක රියෑදුරුවරයාට පෞද්ගලික බස්‌රථයක සේවක පිරිසක්‌ විසින් (25 වැනිදා) කොස්‌ගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් අතට සහ හිස ප්‍රදේශයට පහර දීම නිසා බරපතළ තුවාල සිදුවී අවිස්‌සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කොස්‌ගම පොලිසිය පවසයි.


ගැටලූ රැසකට විසඳුම්
ඉල්ලා පේරාදෙණිය
සරසවියේ සිසුහු 500 ක්‌

විභාග වර්ජනයක


ගැටලු කිහිපයකට විසඳුම් දෙන්නැයි ඉල්ලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්‌ත්‍ර පීඨයේ කළමනාකරණ උපාධි පාඨමාලාව හදාරන සිසු සිසුවියෝ පන්සිය දෙනකුට ආසන්න පිරිසක්‌ විභාග වර්ජනයක යෙදී සිටිති.

දිවංගත එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ 52 වැනි ගුණ සැමරුම් උත්සවය ඊයේ (26 දා) හොරගොල්ලේ පිහිටි බණ්‌ඩාරනායක සමාධිය අබියසදී අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍යවරයා බණ්‌ඩාරනායක මහතාගේ දියණියන් වන සුනේත්‍රා බණ්‌ඩාරනායක හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග යන මහත්මීන් සමඟ බණ්‌ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්‌වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
ඡායාරූපය -
සිරිපාල හල්වල


තැපෑලේ පරිගණක
පද්ධතියට රහසේ
ඇතුළු වී වංචා
දූෂණ කරති


තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා තැපැල් සේවකයන් රහසිගතව පරිගණක පද්ධතියට ඇතුළු වී පරිගණක වංචා, දූෂණ සිදුකිරීමට පටන් ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. තැපැල් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්‌ෂණ අංශයේ පුහුණුව ලැබූ ගම්පහ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයක නිලධාරිනියක්‌ 2011.08.29 වැනි දින මෙලෙස අයථා අන්දමින් දුරකථන බිල්පත් ගෙවා මුදල් වංචා කර අතටම අසුවී තිබේ.


"පක්‍ෂය එක්‌සත්
කිරීමට ක්‍රියා කරනවා"

- විජිත හේරත්

පක්‍ෂ සංවිධාන ප්‍රතිපත්ති උල්ලංඝනය කෙරෙන නිසා ජනතා විමුක්‌ති පෙරමුණ තුළ අර්බුදයක්‌ හටගත්තේ යෑයි ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.


ශ්‍රී ලාංකික ද්‍රවිඩ 37 ක්‌
කේරළ පොලිස්‌ දැලේ


කේරළයේ කුලී නිවසක රැඳී සිටි ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 37 දෙනකු කේරළ පොලිසිය විසින් ඊයේ (26 දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


බොරළු කන්දක්‌ කඩාවැටී
9 හැවිරිදි දරුවා මරුට


බැකෝ යන්ත්‍රයකින් කපන ලද බොරළු කන්දක්‌ කඩාවැටී හතරවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයකු අවාසනාවන්ත ලෙස මියයැමේ පුවතක්‌ කුරුණෑගල නගර ආසන්නයේ රැල්ලන්දෙනිය ග්‍රාමයෙන් වාර්තා වේ.


ගාලූ පාරේ තැන් තැන්වලින්
පාර පැන්න 45 දෙනකු
අත්අඩංගුවට


වැල්ලවත්ත ගාලු පාරේÊපදික මාරු භාවිතා නොකරමින් තැන් තැන්වලින් පාර මාරු වූ පුද්ගලයන් 45 දෙනකු වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අවවාද කර ඔවුන්ගේ විස්‌තර ලබාගෙන මුදාහැර තිබේ.


ඉඩම්, නිවාස ඇතුළු ජනතාවගේ සියලු අයිතිවාසිකම්
රැකගැනීමට එක්‌සත්

ජාතික පක්‍ෂය
ජයග්‍රහණය කරවන්න

විපක්‍ෂ නායක
රනිල් වික්‍රමසිංහ
රත්මලානේදී කියයි

ජනතාවගේ ඉඩම්, නිවාස හා අනෙකුත් සියලු අයිතිවාසිකම්
....

  
 
  • අද මේ රටේ තිබෙන්නේ
    පොඩි මිනිසාට විරුද්ධ ආණ්‌ඩුවක්‌


    අද මේ රටේ තිබෙන්නේ පොඩි මිනිහට විරුද්ධ ආණ්‌ඩුවක්‌ බවත් එවැනි ආණ්‌ඩුවකට පළාත් පාලන ආයතනවල බලය ලබාදීමෙන් සිදුවන්නේ පොඩි මිනිසාගේ ගෙල සිරකර ගැනීමක්‌ බවත් එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
     
  • "දක්‍ෂ නිලධාරීන් දෙදෙනකු රටට අහිමි වුණා"
    මහඔය සිද්ධිය ගැන පොලිස්‌ විශේෂ කාර්ය
    බළකාය කනගාටු වෙයි

    අම්පාර මහඔය විශේෂ කාර්ය බළකා කඳවුරේ සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය සහකාර පොලිස්‌ අධිකාරිවරයා සහ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා තිස්‌ වසරක යුද්ධය පැවැති සමයේ දිවි හිමියෙන් කොටි ත්‍රස්‌තවාදයට එරෙහි සටන් කළ දක්‍ෂ නිලධාරීන් දෙදෙනකු බවත් ඔවුන් අහිමිවීම පොලිස්‌ විශේෂ කාර්ය බළකායට පිරිමැසිය නොහැකි පාඩුවක්‌ බවත් එහි අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්‌පති රණවන මහතා පවසයි.

    දිවංගත අග්‍රාමාත්‍ය එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ ගුණසැමරුම් උත්සවයට පැමිණි අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සුහද පිළිසඳරක යෙදී සිටි අයුරු.
    ඡායාරූපය - සිරිපාල හල්වල

 
  • මෙවන් විපතක්‌ මා කෙසේ වාවගන්නද?
    - විශේෂ කාර්ය බළකා ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක
    ශාන්ත රත්නායකගේ බිරිඳ කියයි


    ඔහු නමින් සහ තනතුරින් ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බී. ඒ. ජයතිලක නම් විය. ගෙදර අයත් ගමේ අයත් කීවේ ශාන්ත අයියා කියාය. ඒත් ඔහු සේවය කළ අම්පාර උහන අරන්තලාව බක්‌මීවැව ප්‍රදේශවල ජනතාවත් සහෝදර නිලධාරීනුත් ඔහුව හැඳින්වූයේ "යෝධයා" යන හුරතල් නමිනි. ඒ ඔහු කුරිරු යුද්ධය පුරාවට නැගෙනහිර මායිමේ රැඳෙමින් යුද්ධය වෙනුවෙන් මෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ද සිදු කළ යෝධ මෙහෙවර නිසාය.

 


 
  • මේ සුළිය ටික දිනකින් පහව යාවි
    ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික
    අනුර කුමාර දිසානායක


    පක්‍ෂය තුළ කිසිම මතවාදී ගැටුමක්‌ තිබුණේ නැහැ. හැමදාම තීන්දු තීරණ ගැන සංවාද තිබෙනවා. ඒ ගැන වඩාත් නිවැරැදි තීරණවලට එනවා. එජාපයේ විධායක සභාව පැය එකහමාරකටත්, ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව පැය දෙකකටත් සීමා වෙද්දී අපේ මධ්‍යම කාරක සභාව දින දෙක තුන සංවාද පවත්වනවා.
     
  • සංහිඳියාව බලාපොරොත්තුවයි
    ඒත් විශ්වාසය අඩුයි

    මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජාගොඩ

    මම දැනුත් කතා කරන්නේ ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභිකයෙක්‌ ලෙස එනිසා මට තවම මේ පාර්ශ්ව නම් කරන්න බැහැ. ඕනෑම වාමාංශික පක්‍ෂයක්‌ තුළ විවිධත්වයක්‌ තිබෙනවා. අපි තවමත් මේ ප්‍රශ්න පක්‍ෂ අභ්‍යන්තරයේ විස¹ ගන්නයි උත්සාහ කරන්නේ. එහිදී ආරක්‍ෂා කළ යුතු විනයක්‌ තියෙනවා. ප්‍රශ්න දැනටමත් යම් පමණකින් එළියට ඇවිත්. ඒත් විනයට අනුව හානිය වළක්‌වා ගත යුතුයි.
     
  • ඝාතකයකුගේ බිරිය වෙනුවෙන්
    ඇමරිකානු අධිකරණයේ කැකිල්ලේ තීන්දුව


    වත්සලා දේවි හෙවත් නැගෙනහිර කොටි විශේෂ හමුදා නායකයාව ක්‍රියා කළ බිහිසුණු ඝාතක තුරෙයිරාජසිංහම් දේවි හෙවත් රමේෂ්ගේ බිරිය කොටි කාන්තා බළකායේ ප්‍රධානතම ක්‍රියාකාරිනියකි. ඇය දැන් ඇමරිකාවේ අධිකරණය ලවා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නඩුවක්‌ පවරා ඇත.

  

  


 

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.