මෙවන් විපතක්‌ මා කෙසේ වාවගන්නද?
- විශේෂ කාර්ය බළකා ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක
ශාන්ත රත්නායකගේ බිරිඳ කියයි

මහඔය විශේෂ කාර්ය බළකා 69 කඳවුරේ
සිදුවූ ෙ€දනීය පුවත


ධර්මප්‍රිය ලියනආරච්චි

ඔහු නමින් සහ තනතුරින් ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බී. ඒ. ජයතිලක නම් විය. ගෙදර අයත් ගමේ අයත් කීවේ ශාන්ත අයියා කියාය. ඒත් ඔහු සේවය කළ අම්පාර උහන අරන්තලාව බක්‌මීවැව ප්‍රදේශවල ජනතාවත් සහෝදර නිලධාරීනුත් ඔහුව හැඳින්වූයේ "යෝධයා" යන හුරතල් නමිනි. ඒ ඔහු කුරිරු යුද්ධය පුරාවට නැගෙනහිර මායිමේ රැඳෙමින් යුද්ධය වෙනුවෙන් මෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ද සිදු කළ යෝධ මෙහෙවර නිසාය.

ඔහුගේ සේවා සැමරුම් ලිපිගොනුව පුරා ගොනුව තිබුණේ එවැනි සේවාවන් පිළිබඳ සටහන්ය.

එහෙත් රත්නපුර පොල්හේන්ගොඩ අය ශාන්ත අයියා නැතිනම් බෝගොඩ රාළලාගේ ශාන්ත රත්නායක නමින් හැඳින ගෙන සිටි මහඔය 69 කණුqව 18 කඳවුරේ විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බී. ඒ. ජයතිලක මහතා ඊයේ (26 දා) පෙරවරුවේ යෝධ බල සහිතව නොව නිසල දේහය පමණක්‌ ගෙන සාමාන්‍ය මිනිසකුගේ ලෙසිනි.

ඔහුගේ හදිසි අකල් වියෝව ගැන ඇසූ බිරිඳ ඇතුළු පුංචි දූවරුන් තිදෙනාත් අසල්වැසියෝත් නෑයෝත් නෙත් දල්වාගෙන බලා සිටියේ සිදුවී ඇත්තේ කුමක්‌දැයි නොදැන අන්දමන්දවයි.

පදක්‌කම් බොත්තම් තොප්පි නොපැළඳුවත් යෝධයා පසු පසින් ආ පුංචන් තම නායකයාගේ නිසල දේහය නිවසට කැන්දාගෙන විත් තැන්පත් කළේ නිල ගෞරව නැතත් හදවතින් පිදිය හැකි ඉහළම ගෞරවය පුද කරමිනි.

අම්පාර 18 කඳවුරේ 25 වැනිදා පෙරවරුවේ සිදුවූ ඒ අනුවේදනීය කතාව පිළිබඳ ආරංචිය මාධ්‍ය මගින් රට පුරා පැතිරුණත්, එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජයතිලක මහතාගේ නිවසට ලැබෙන විට තරමක්‌ පමාවිණි. ඒ එම ආරංචිය ලද වහාම අහිංසක බිරිඳ සහ පුංචි දියණියන් තිදෙනාට එය දරාගන්නට ඇති අපහසුව නිසා හිතා මතාම කළ පමාවක්‌ නිසා යෑයි අපට සිතුණි. අම්පාර මහඔය 69 කණුව පොලිස්‌ විශේෂ කාර්ය බළකා කඳවුරේ සහකාර පොලිස්‌ අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කළ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා තමාට ද වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගෙන ඇති බවය පැවැසෙන්නේ.

එහෙත් එම සිද්ධිය ගැන ඇසූ එසේම ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජයතිලක මහතා ගැන දන්නා හැම කෙනකුටම ඇති ගැටලුව වන්නේ ජයතිලක මහතා වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අතින් එවැනි අපරාධයක්‌ සිදුවූයේ ඇයි? ඔහු එවැනි අපරාධයක්‌ සිදු කළේ ඇයිද යන්නය.

සිද්ධියට අදාළ දිනයේ ජයතිලක මහතා සමග විශේෂ බළකා මූලස්‌ථානයට ගිය නිලධාරියකු අපට හමුවූයේ ජයතිලක මහතාගේ දේහයත් සමඟ රත්නපුරයට පැමිණ සිsටියදීය. "අනේ අපේ යෝධයා අපට නැති වුණා. අපේ මහත්තයා අපට නැති වුණේ. අපි වෙනුවෙන් කතා කළා. අපිව ආරක්‍ෂා කළා. අයුක්‌තියට අසාධාරණයට හිස නැමුවේ නැහැ."

මම දැක්‌ක අපේ ඒ. එස්‌. පී. මහත්තයගෙ කටටයි වෙඩි වැදිල තිබුණේ. කටේ දත් කීපයක්‌ කැඩිලා මේසේ උඩ තිබුණා.

අපේ සර්ට නිකම්ම තරහ යන්නේ නැහැ. හොඳ ඉවසීමක්‌ තියෙන ශාන්ත මහත්තය.

ඒ වගේම සිය දිවි නසා ගන්න තරම් බොළඳ හිතකුත් නැහැ. මට නම් දැනෙන්නේ ඒකටත් ලොකු හේතුවක්‌ තියෙයි."

කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔහු කතාව හමාර කළේ අපට හිතා ගන්නම තවත් බොහෝ දෙය ඉතුරු කරමිනි.

ජයතිලක මහතා විශේෂ කාර්ය බළකායට බැඳුනේ එය ආරම්භ කළ මුල්ම අවධියේමය. ඒ 1986 පමණදීය. යුද්ධය පැවැති පුරාවට නැගෙනහිරින් පිටමං නොවුණ ජයතිලක මහතා යුද්ධයේදී පෑ රණවිරු අභිමන් නිසා පදක්‌කම් පිට පදක්‌කම් ලබමින් පොලිස්‌ කොස්‌තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පදවිය දක්‌වා කෙටි කලකින් උසස්‌වීම් ලද දක්‍ෂ නිලධාරියෙකි.

යුද්ධය හමාර කළ පසුද නැගෙනහිර ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැප වී කටයුතු කළ ජයතිලක මහතා නැගෙනහිර ජනතාව හඳුනන්නේ "යෝධයා" යන සුරතල් නමිනි.

ඔහු ඒ තරමට යෝධ වැඩ කළේය. අහිංසක ජනතාවට නිවාස තනා දුන්නේය. ගම් සංවර්ධනය කළේය. පාසල් දරුවනට පොත පත සොයා දුන්නේය.

විරු හා සම්මාන ලද ඔහු සමාජයෙන් උපහාර ලැබුවේ හැම පොලිස්‌ නිලධාරියකු තුළින් නොදැකිය හැකි මට්‌ටමේ සුවිශේෂ වූ දක්‍ෂතා සහ උතුම් ගති තිබුණ නිසාය.

යුද්ධයේදී තිබුණු කැපවීම සහ ඉටු කළ මෙහෙවරට රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් මෙන්ම ඉහළ නිලධාරීන්ගෙන් ද ප්‍රශංසා ලැබුවේය. ගවයන්ට ද බැංකුවක්‌ හැදුවේය. පරිසරයට දැක්‌ වු ආදරය සහ පරිසරය සුරකින්නට දැක්‌වූ සුවිශේෂී දායකත්වය නිසා එවකට පරිසර ඇමැතිව සිටි චම්පික රණවක මහතා ඔහුට විශේෂ සම්මාන හා ප්‍රශංසා පුද කළේය. එවන් ප්‍රශංසාවන්ගෙන් හා ස්‌තුති කිරීම්වලින් ඔහුගේ ලිපිගොනු පිරී ඇත. එහෙත් ඒ සියල්ලෙන් අද ඇති පලය කිම.

අම්පාරේ යෝධයාගේ නිසල දේහය රත්නපුර පොල්හේන්ගොඩ පළමු පටුමග පිහිටි ඔහුගේ නිවසේ ශාන්ත ලෙස තැන්පත්ව සිටියි.

එදා ඔහු පැළඳි තරු පදක්‌කම් නිල ඇඳුම් කිසිවක්‌ නැත. නිල ඇඳුම් නැත. ඒ බලංගොඩ ඇල්ලේaaපොල නිවසින් මෙයට තිස්‌වසරකට උඩදී රැකියාවක්‌ සොයා නිවසින් පිටව ගිය බෝගොඩ රාළලාගේ ශාන්ත ජයතිලක නම් වූ සාමාන්‍ය මිනිසා ලෙසටය.

රට දැය රැකගත් රණවිරුවකුට මෙවන් ඉරණමක්‌ අත්වූයේ දැයේ යුද්ධය වෙනුවෙන් තම සේවා කාලය මුළුමනින්ම කැප කළ ජයතිලක මහතාගේ ඉරණම මෙය වියයුතු ද? අද ඔහුගේ ආදරණීය බිරිඳ දරු තිදෙනකු සමඟ අතරමංව සිටී.

බිරිඳට රැකියාවක්‌ නොමැති දරු තිදෙනාම දූවරුන්ය. වැඩිමහල් දියණියට වයස අවුරුදු 17 කි. දෙවැනියාට දොළහකි. තුන්වැනියාට යාන්තම් වයස අවුරුදු 9 එළැඹුණා පමණකි.

මේ අපරාධයත් සමග නැති වූයේ ජයතිලක මහතාගේ ජීවිතය රැකියාව පමණක්‌ නොව වසර තිහකට වැඩි සේවා කාලය තුළ දිනාගත් වරප්‍රසාද හා සේවා පහසුකම් ද අහිමිවයි. වඩාත් ශෝකජනක දෙය වන්නේ එය නොව, එවන් සම්මානනීය රණවිරුවකුගේ බිරිඳත් අහිංසක දියණියන් තිදෙනාත් මෙම අනුවේදනීය සිද්ධියත් සමඟ හව්හරණක්‌ නොමැතිව අතරමංව සිටිති. අහිමිවී ඇත්තේ ආදරණීය පියකු පමණක්‌ නොව ජීවන මාර්ගයක්‌ද නැත.

සම්මානනීය වූ රණවිරුවකුගෙන් අත්වැරැද්දක්‌ සිදුව ඇත. එම වරදට හේතුව කුමක්‌ද? එවන් ක්‍ෂණික කෝපයක්‌ ඔහුට ඇති වූයේ ඇයි? එවැන්නක්‌ කොට ඔහුත් දිවිනසා ගත්තේ ඇයි?

සිද්ධියෙන් සිද්ධියට ලැබෙන උත්තර ගලා එන තොරතුරු කිසිවිටකත් ජයතිලක මහතා අපරාධකාරයකු ලෙස නම් කරන්නට නොහැකි බවය. අහන කියන කතා වලින් අපට දැනෙන්නේ නීතිය කුමක්‌ වුවත් "ජයතිලක" මහතා නොහොත් අම්පාරේ යෝධයා ගැන සර්ව සාධාරණයක්‌ සිදුවිය යුතු යෑයි සියල්ලෝම කියති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.