2011 දෙසැම්බර් 26 සඳුදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Circulation
   ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
මතුරට, ඔකඳගලම කම්පාවට පත්වෙයි රිළවුන්ට යෙදූ විදුලියට මව,පියා සහ පුතා බිලි
මතුරට, ඔකඳගල පාලම අසල පිහිටි නිවසක පදිංචිව සිටි එකම පවුලේ පියා, මව සහ සිඟිති දරුවා රිළවුන් පළවා හැරීමට යෙදූ අනවසර විදුලි රැහැනකින් විදුලිසර වැදී මරුමුවට පත්වී තිබේ.

ඒ මහ විපතට  අදට වසර 7 යි
හරියටම මීට වසර 7 කට පෙර එනම් 2004 දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ සුනාමි නම් වූ මහා ෙ€දවාචකයෙන් ජීවිතක්‍ෂයට පත් වූ ආදරණීය ජනතාව "දිවයින" ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි. 

තංගල්ලේ හෝටලයක ගැටුමකදී 
විදේශිකයකුට වෙඩි තබා මරා දමලා

බෝතල් කටුවලිනුත් කපති බිරිඳටත් බරපතළ තුවාල
තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඊයේ (25 වැනිදා) අලුයම සංගීත සාදයක ඇති ගැටුමකින් එම හෝටලයේ ලැගුම් ගෙන සිටි එංගලන්ත ජාතිකයකු අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කර ඔහුගේ බිරිඳට ද බරපතළ තුවාල සිදුකර ඇත.

දේශීය ආදායම් පරිපාලනය කාර්යක්‍ෂම කරනවා අද වැඩ භාරගන්නා නව කොමසාරිස්‌වරිය කියයි 
රජයට වැඩි බදු ආදායමක්‌ උපයාදෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය කාර්යක්‍ෂම කිරීමට ඉදිරි වර්ෂ තුනේදී දෙපාර්තමේන්තුව තුළ පුළුල් වෙනසක්‌ ඇති කරන බව දේශීය ආදායම් නව කොමසාරිස්‌ ජනරාල් ධුරයට පත්ව සිටින මල්ලිකා සමරසේකර මහත්මිය "දිවයින"ට කීවාය. 

යාපනය-පොතුවිල් මුහුද රළුවෙයි
අද ධීවර කටයුතු අවදානම්!
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්‌වා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් අද (26 වැනිදා) දින ධීවර කටයුතුවල යෙදීම අවදානම් බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පී. ඩී. යසරත්න මහතා "දිවයින" ට පැවසීය.
නත්තල් දා අනතුරුවලින් 598ක්‌ රෝහල්වල
නත්තල් උත්සව සමයේ ගෙවුණු පැය විසිහතරක කාලය තුළ විවිධ අනතුරුවලට ලක්‌වූ තුවාලකරුවන් 598 දෙනකු කොළඹ ජාතික හා කළුබෝවිල රෝහල්වලට  පැමිණ ඇතැයි එම රෝහල් ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවැසීය.

ලෝකවාසී කිතුණු ජනතාව වෙත සාමයේ පණිවුඩය රැගෙන ආ සාම කුමරුවන්ගේ උපත සිහිපත් කිරීමේ අසිරිමත් නත්තල ඊයේ (25 දා) සැමරූහ. ඒ නිමිත්තෙන් දිවයින පුරා පිහිටි දේවස්‌ථානවල පෙරේදා මැදියම් රැයේ විශේෂ නත්තල් දිව්‍ය පූජාවන් පැවැත්විණි. අම්පිටිය ජාතික දෙව් සත්හලේ අධ්‍යක්‍ෂ එල්මෝ ඩයස්‌ පියනමගේ ප්‍රධානත්වයෙන් දළුගම ශාන්ත ෆ්‍රැන්සිස්‌ සාලෙස්‌ මුනි දෙව් මැඳුරේ මෙලෙස අසිරිමත් කිතු උපත විදහාලමින් දරු දැරියන් ඉදිරිපත් කළ රංගන මධ්‍යයේ පැවැති දිව්‍ය පූජාවට දළුගම මීසම පාලක ජූඩ් ශාමන් ප්‍රනාන්දු පියනම ද එක්‌වු අයුරු. ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

විශේෂිත සිරකරුවන්ට ජනපතිගෙන් පොදු සමාවක්‌ සරත් ෆොන්සේකාටත් සමාව ලැබෙයිද?
මරණීය දණ්‌ඩනය හා ජීවිතාන්ත සිරදඬුවම් හිමිවූවන් ඇතුළු විශේෂිත සිරකරුවන් සඳහා යහපත් කල්ක්‍රියාව මත පදනම්ව පොදු සමාවක්‌ පිරිනැමීම කෙරෙහි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යයන කලාපයන් හි පාසල් වල ප්‍රතිඵල ලේඛන විභාග දෙපාර්තමේන්තුවට පැමිණ අද පෙරවරුවේ ලබාගත හැකි බව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවැසීය.

මිද්දෙණිය ජූලම්පිටියේදී
පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින්  පාතාලයේ දෙදෙනා මරුට
සන්නද්ධ පාතාල සාමාජිකයන් සිව් දෙනකු යතුරු පැදිවල නැගී මිද්දෙණි ජූලන්පිටිය ප්‍රදේශයට පැමිණෙමින් සිටින බව ඊයේ (24දා) අලුයම මිද්දෙණිය පොලිසියට තොරතුරක්‌ ලැබී ඇත.

ජනවාර්ගික ප්‍රශ්නය ගැන රජය  සමග සාකච්ඡා පවත්වා ඵලක්‌ නෑ
ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන්
ජාත්‍යන්තර ප්‍රජාවට හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමත් සමගම ජනතාව එAකරාශී කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී සටනකට ද යොමුවීමේ අවස්‌ථාව මතුවී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.


 
  • වම්ඉවුර
    කට නිසා නිදහස ඇහිරේවිද?

    සිරගතවී සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා තව නොබෝ දිනකින් නිදහස ලබනු ඇතැයි බලාපොරොත්තුවක්‌ පැතිර යැමට පටන්ගෙන ඇත. මෙයට ප්‍රධානම හේතුව සරත් ෆොන්සේකා මහතා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ටිරාන් අලස්‌ මහතා හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවතීමයි.

  


 
  • දෙවැනි ටෙස්‌ට්‌ තරගය - ඩර්බන්
    පිතිකරුවන් සාර්ථකවීම හැර වෙන සරණක්‌ කිම?

    දෙරට අතර පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයේ දින දෙකක්‌ ඉතිරිව තිබියදී ඉනිමක සහ ලකුණු 81 ක දැවැන්ත පරාජයක්‌ ලැබූ ශ්‍රී ලංකාව අද තරගයේදී ජයග්‍රහණය ලැබීමට නම් පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම අනිවාර්ය වී ඇත. එසේ නොවුවහොත් වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත ලෙස සැලකෙන මෙම තරගයේදීද ශ්‍රී ලංකාවට අත්වන්නේ සෙන්චූරියන්හි අත්වූ ඉරණමම වීම කණ්‌ඩායමේ සෑම දෙනාම තරයේ මතකය තබා ගත යුතු කරුණකි.

  

Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.