මානව හිමිකම් නොදත් චැනල් 4 කොටි දත්!

* සිය දිවි නසාගත් අයකුගේ සිරුර ද රජය සිදු කළ
  මිනිස්‌ ඝාතනයක්‌ බවට එන්.ජී.ඕ. සංවිධානයක්‌ විසින්
  ජිනීවාහිදී ප්‍රකාශ කරලා

* දරුස්‌මාන් ජිනීවා පැමිණ ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී
   රටවල අදහස්‌ වෙනස්‌ කිරීමට උත්සාහ කරයි

* ප්‍රභාකරන්ගේ සහ බාලචන්ද්‍රන්ගේ ඡායාරූප
   චැනල් 4 - 2 වීඩියෝ පටයට ඇතුළු කරන්නැයි
   ද්‍රවිඩයන් පිරිසක්‌ චැනල් 4 නිෂ්පාදකවරුන්ගෙන්
   ඉල්ලා සිටි බව ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය හෙළි කරයි

* මෙරටින් ජිනීවා ගිය එන්.ජී.ඕ. කල්ලිය
   ඇමරිකානු යෝජනාවට "ඔක්‌සිජන්" සපයති

* කොටි හිතවාදී ජේ.ඩී.එස්‌. කල්ලිය
   චැනල් 4 - 2 වීඩියෝ පටයෙන් මතුවේ

* ජිනීවා ගිය 2 වැනි මාධ්‍ය කණ්‌ඩායමට
   කාශ්මීර් බෙදුම්වාදියෙක්‌ ද එක්‌වේ

* එන්.ජී.ඕ. කල්ලියට තර්ජන ඇතිවෙලා යෑයි
   හියුමන් රයිට්‌ස්‌ වොච් හි ජිනීවා ශාඛාවේ ප්‍රධානී
   පිලිපේ ඩෑම් විදෙස්‌ තානාපතිවරුන්ට විද්යුත් පණිවුඩ යවයි

* බටහිර රටවල් සමග මිත්‍රවන්න යෑයි සිංගප්පූර් ව්‍යාජ
   යුද මහාචාර්යවරයා රජයට කේවට්‌ට උපදෙස්‌ දෙයි


ඇමරිකානු යෝජනාවට එරෙහිව පැරීසියේදී හා ලන්ඩන් නුවරදී
ශ්‍රී ලාංකික ජනතාව විරෝධය දක්‌වමින්

ප්‍රභා සහ බාලා - චැනල් 4 - 2 වීඩියෝ පටය නිර්මාණය කළ කැල්ලම් මැක්‌රෙ, මෙහෙය වු සම්මන්ත්‍රණයට හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිසේ ආබර්, දරුස්‌මාන් කමිටුවේ සාමාජිකා යස්‌මින් සූකා සහ වීඩියෝ පටයේ ප්‍රකාශක ජෝන් ස්‌නෝ සහභාගිවු අයුරු.


වීඩියෝ පටයේ දැක්‌වෙන දර්ශනයක ඔස්‌ටේ්‍රලියානු ජාතික පීටර් මැකේ වන්නියේදි ඊළම් පොලිස්‌ භටයකු සමග.

කොටි හිතවාදියකු සමග රොබට්‌ ඉවන්ස්‌ නැමැත්තා ජිනීවා වෙත පැමිණි අයුරුයි මේ.

බ්‍රිතාන්‍යයේ සිට ප්‍රභාකරන් හා බාලාගේ මරණ පරීක්‍ෂණ පැවැත්වූ ඩෙනිඩ් පවුන්ඩර්

"එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයක්‌ නොකළහොත් ශ්‍රී ලංකාවේ යළිත් අර්බුදයක්‌ ඇතිවෙයි" - ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌
(U.S warns on another conflict in Sri Lanka)

ශ්‍රී ලංකාව නරකාදියේ විවරයක්‌ - ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ එන්.ජී.ඕ. කල්ලිය පවසති

යුද අපරාධ චෝදනා එල්ලවී ඇති අය ගැන විමර්ශනය කරනවා
- රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්‌ටෝරියා නුලන්ඩ්

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සතුරා හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ය. පසුගිය අඟහරුවාදා ඔහු වොෂින්ටනයේදී ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවේ රජයට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයක්‌ නොකළහොත් යළිත් වරක්‌ අර්බුදයක්‌ (ත්‍රස්‌තවාදය) මතුවන බවට අනතුරු ඇඟ වීය. එවන් තත්ත්වයක්‌ ශ්‍රී ලංකාවේදී දැකිය හැකි"යෑයි ඔහු තවදුරටත් කියා සිටියේය. (We could
see very much that similar situation in Sri Lanka)

උතුරු නැගෙනහිර පාලනය ද්‍රවිඩයන්ට දිය යුතු බවත් සාමය ඇතිවීමට නම් යුද අපරාධ චෝදනා ගැන ක්‍රියා කළ යුතු යෑයි ද බ්ලේක්‌ පළ කළේය.

රොබට්‌ බ්ලේක්‌ ෙද්‍රdaහියා මේ ප්‍රකාශයෙන් රජයට කියා සිටියේ වන්නි මෙහෙයුම දියත් කළ සියලුම හමුදා නායකයන්ට දඬුවම් කළ යුතු බවත් එසේ නැත්නම් නුඹලාට වැඩ වරදින බවයි.

ශ්‍රී ලංකා හමුදාවට කොටි ඝාතකයන්ව පරාජය කළ නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාවේ ජනාධිපති හා ආරක්‍ෂක ලේකම් තමන්ට අවනත නොවීම නිසා 2009 මැයි මාසයේදී සිය ඇමරිකානු කුමන්ත්‍රණය දියත් කළේය.

මේ මෙහෙයුම 2011 දී ජිනීවාහිදී පරාජයවීම නිසා මෙවර අදියර කීපයකින් එය ක්‍රියාත්මක කෙරිණි. බ්ලේක්‌ගේ ඔපරේෂන් ජිනීවා මෙහෙයුම අදියර කීපයකින් සමන්විත විය. ඊට ට්‍රැක්‌ - 1 - 2 - 3 -4 යෑයි නම් කර තිබිණි. (Track 1 - 2
- 3 - 4) මෙම මෙහෙයුම සඳහා ඇමරිකානු විදේශ පිළිවෙත සමග යමින් සබඳකම් පවත්වන හියුමන් රයිට්‌ස්‌ වොච් නමැති රාජ්‍ය නොවන සංවිධානය සම්බන්ධ විය. මේ එන්.ජී.ඕ. සංවිධානයට අරමුදල් සපයන්නේ ඇමරිකානු සමාගම්ය. ට්‍රැක්‌ - 1 හෙවත් මුල් අදියර යටතේ ජිනීවාහි ඇමරිකානු තානාපතිනිය වූ අයිලින් ඩොනහෝ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කළේය.

ඇය ඇමනෙස්‌ටි සංවිධානයේ සේවය කළ තැනැත්තියකි. ඒ සමගම ට්‍රැක්‌ - 2 හෙවත් දෙවැනි අදියර යටතේ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය විසින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ, නිවේදක ජෝන් ස්‌නෝ යන වාර්තාකරු ජෙරමි පෙජ්ව ජිනීවා වෙත කැඳවනු ලැබීය.

ට්‍රැක්‌ - 3 යටතේ හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිසේ ආබර් හා දරුස්‌මාන් කණ්‌ඩායමට අයත් යස්‌මින් සුකා ද කොටින්ගේ අතිජාත මිත්‍රයකු වූ යුරෝපා මන්ත්‍රී රොබට්‌ ඊවන්ස්‌ ද මර්සුකි දරුස්‌මාන් ද ජිනීවා වෙත පැමිණියහ.

එසේම ට්‍රැක්‌ - 4 හෙවත් සිව්වැනි අදියර යටතේ මෙරට එන්.ජී.ඕ. ප්‍රධානියා වූ පාක්‍යසෝති සවරිමුත්තු, නිමල්කා ප්‍රනාන්දු, සුනිලා අබේසේකර, නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ක්‍රියාකරු 1971 කැරලිකරුවකු වූ රංජි මල්ලි ද මේ ජිනීවා මෙහෙයුමට දායක විය. මේ කණ්‌ඩායම්වලින් චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ ජිනීවා පැමිණියේ මළ ප්‍රභාකරන් හා ඔහුගේ පුත් බාලචන්ද්‍රන් මියගොස්‌ සිටින අයුරු පිළිබිඹු වීඩියෝ පටයක්‌ රැගෙනය.

එසේම මැක්‌රේ බ්‍රිතාන්‍යයේ ඩන්ඩි විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය ඩෙරික්‌ පවුන්ඩර් විසින් ලබාදුන් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවක්‌ ද ගෙනවුත් තිබිණි.

මේ මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව බාලචන්ද්‍රන්ට පස්‌ වතාවක්‌ වෙඩි තබා ඇතැයි පවුන්ඩර් විසින් දක්‌වා ඇත. ප්‍රභාකරන්ට ද අධිබල අවියකින් හිසට වෙඩි තබා ඇතැයි ද මළ සිරුරු නැතිව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා සකස්‌ කළ මේ බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයා සඳහන් කළේය.

මෙකී වාර්තාවලින් මැක්‌රේ මානව හිමිකම් සමුළුවට පෙන්නීමට උත්සාහ කළේ හමුදාව විසින් ප්‍රභාකරන් සහ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන ඝාතනය කළ බවයි.

කොටි කොන්ත්‍රාත්තුවක්‌ මත ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීමට වලිකන මැක්‌රේ නමැති තක්‌කඩියා කළ ප්‍රකාශයක්‌ කොටි රූකඩය වූ බී.බී.සී. සංදේශය මගින් ද විකාශනය කළේය. මැක්‌රේ මෙහිදී ජනාධිපති ආරක්‍ෂක ලේකම් හා හිටපු හමුදාපති යුද අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු බවද කියා සිටියේය.

ගෝලීය ද්‍රවිඩ සංසදය ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාවෙන් ලත් ස්‌ටර්ලින් පවුම් මිලියන ගණනකට යටවූ මැක්‌රේ ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ පටය තිරගත කළේය.

මෙහිදී ඡේ.ඩී.එස්‌. නමැති කොටි හිතවාදී මාධ්‍ය සංවිධානයේ ප්‍රධානියා වූ භීෂකයා ද මතුවිය. ඔහු මාධ්‍යවේදීන් 60 ක්‌ පැනගිය බව පළ කළේය.

එම අවස්‌ථාවට හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිසේ ආබර් හා දරුස්‌මාන් කමිටුවේ යස්‌මින් සුකා ද සහභාගි විය. එහිදී මෙරටින් ජිනීවා නුවරට පැන ගිය නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ක්‍රියාකාරියා වූ රංජි මල්ලි ද දේශනයක්‌ කරමින් ශ්‍රී ලංකාවට දෝෂාරෝපණය කෙරුණි.

මෙහිදී කලින් සැලසුම් වී තිබූ අන්දමට හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිසේ ආබර් යුරෝපා මන්ත්‍රී රොබට්‌ ඊවන්ස්‌ සහ හිටපු බ්‍රිතාන්‍ය ඇමැති ජෝන් රයන් ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු බව කියා සිටියාය.

ඒ වන විට ජිනීවාහි ඇමරිකානු තානාපතිනි අයිලින් ඩොනහෝ විසින් ඇමරිකානු යෝජනාව සම්බන්ධව කරුණු විමසීමේ විශේෂ සමුළුවක්‌ කැඳවා තිබිණි. මේ සමුළුවේදී ඇය අසීරු තත්ත්වයකට මුහුණපෑවේ හැකිනම් ගුන්තනාමෝබේ ඇමරිකානු සිරකඳවුරේ රඳවා සිටින සිරකරුවන්ට වධහිංසා පැමිණවීම ගැන යෝජනාවක්‌ ගෙන එන්නැයි කියුබානු තානාපතිවරයා විසින් අභියෝග කිරීම නිසාය.

මේ පසුබිම මත නෝර්වේ රජය ශ්‍රී ලංකා විරෝධී ඇමරිකානු යෝජනාවට පක්‍ෂපාතී වෙමින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණයවීම ගැන ප්‍රමාදයකින් තොරව විමර්ශනයක්‌ කළ යුතු බව කියා සිටියේය.

ප්‍රභාකරන් විසින් තිස්‌ වසරක්‌ තිස්‌සේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරද්දී නෝර්වේ රජය නිහඬව සිටියේය. ඒ සමගම ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පිටු 03 ක වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් සිය ගණනක්‌ නීති විරෝධීව අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් වධහිංසාවලට හා මරා දැමීමට ඉඩ ඇති බවත් පළ කළේය. ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පිටු 03 ක වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් සිය ගණනක්‌ නීති විරෝධීව අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් වධහිංසාවලට හා මරා දැමීමට ඉඩ ඇති බවත් පළ කළේය. ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් වාර්තාවේ තවදුරටත් මෙලෙස සඳහන් විය. රජය විවේචනය කරන සාමකාමී විවේචකයන් හා මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් ඔවුන්ව ද අත්අඩංගුවට ගන්නවා. ශ්‍රී ලංකාව සිදු කළ අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍යයි.

ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ වාර්තාව ප්‍රකාශයට පත්වීමට පැය 24 කට පෙර ජිනිවාහි පිහිටි ජූරි සභිකයන්ගේ අන්තර්ජාතික කොමිසම නමැති රාජ්‍ය නොවන සංවිධානය මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ වෙත සංදේශයක්‌ යවමින් මානව හිමිකම් උල්ලංඝණය කිරීම ගැන ස්‌වාධීන විමර්ශනයක්‌ පවත්වන්නැයි ඉල්ලා ඇත.

මෙයට සමගාමීව කොටි සංවිධාන 13 ක්‌ද නවිපිල්ලේ වෙත සංදේශයක්‌ යවමින් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලවා ශ්‍රී ලංකාවට නියෝග කරන ලෙසත් ඊළම් ද්‍රවිඩයන් සඳහා ඊළාම් රාජ්‍යය ස්‌ථාපිත කිරීමට ජනමතවිචාරණයක්‌ පවත්වන ලෙස හා ඊළම් ද්‍රවිඩයන් සමූල ඝාතනයවීම ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ පවත්වන ලෙසත් සඳහන් තිබේ. මේ අතර යුද අපරාධවලට දඬුවම් නැත යන තේමාව යටතේ චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ නිර්මාණය කළ වීඩියෝ පටයෙන් ප්‍රභාකරන්ව පිළිබිඹු කළේ මන්ද යන්න හෙළි විය. යුරෝපා කොටි වෙබ් අඩවිය විසින් ඊට අදාළ තොරතුරු අනාවරණය කර තිබිණි. "ද්‍රවිඩ ජනතාව චැනල් 4 වීඩියෝ පටය නිර්මාණය කළ නිෂ්පාදකයන් හමුවී ප්‍රභාකරන්ගේ මරණය ඊට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියා." (Tamil people who
met the producers of the second edition of the Lankan
Killing field footage urge them to include the death of
national leader this episode)

එසේම කොටි වෙබ් අඩවිය විසින් චැනල් 4 රූපවාහිනියට දොස්‌ නගමින් ප්‍රභාකරන් සම්බන්ධයෙන් කරුණු දැක්‌වීමට මාධ්‍ය ආයතනවලට හැකියාවක්‌ නැති බවත් වීඩියෝ පටයේ දිස්‌වන ප්‍රභාකරන්ගේ ඡායාරූපය ද්‍රවිඩ ජනතාව පිළිගන්නේ නැති බවද සඳහන් කර ඇත.

මේ හැර ප්‍රභාකරන්ගේ මරණය ගැන නිවැරැදි කාලයේදී හෙළි කරන බවද යුරෝපා කොටි වෙබ් අඩවිය තවදුරටත් දක්‌වා තිබේ. (Tamil people did not believe the
photograph which showed in the Television However
correct time would make elear on death of National
leader)

මෙලෙස චැනල් 4 මළ ප්‍රභාකරන් පෙන්වද්දී යුරෝපා කොටි එය පිළිගත්තේ නැතැයි මින් සනාථවේ.

මේ අන්දමට ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ඒකරාශී වී ක්‍රියා කරද්දී කොටි හඬ නැඟූ මාරි කොල්වින් නමැති ඇමරිකානු මාධ්‍යවේදිනියගේ අවමඟුල පසුගිය සඳුදා නිව්යෝර්ක්‌හිදී පැවැත්විණි.

මේ අවමඟුලට සහභාගි වූ ව්‍යාජ ඊළාම් ආණ්‌ඩුවේ අගමැති යෑයි හඳුන්වා ගන්නා රුද්‍රකුමාරන් නමැත්තා මාරි කොල්වින්ට ඇසක්‌ අහිමි වූයේ ශ්‍රී ලංකාවේ රජයේ හිංසාකාරී ක්‍රියාවක්‌ නිසා යෑයි කියා සිටියේය. එහෙත් ඇගේ එක්‌ ඇසක්‌ අන්ධ වූයේ ප්‍රභාකරන්ව හොරෙන් හමුවීමට ගොස්‌ ආපසු හමුදා කඳවුරක්‌ ආසන්නව එමින් සිටියදී සෙබළකු තැබූ වෙඩි පහරකිනි.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත මෙරටින් ගිය එන්.ජී.ඕ. කල්ලිය කොටි හිතවාදී ගැරි ආනන්ද සංගරී නමැත්තා සමග සංවාද මණ්‌ඩපයකට එක්‌විය. (The panel consisted of Pakyasothi Sarawana muttu and garry Ananda Sangari)

එහිදී සවරිමුත්තු හෙවත් පී. සරා චෝදනාවක්‌ නඟමින් තමා වෙසෙන ප්‍රදේශයේ මියගිය අයකුගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පළ කළේය.

එහෙත් සත්‍යය නම් මේ තැනැත්තා වූ ජේ. ඒ. සිරිපාල සිය දිවි නසාගෙන තිබිණි. මේ සියදිවි නසා ගැනීම රජය සිදු කළ ඝාතනයක්‌ බවට ජිනීවාහිදී පෙන්නුම් කෙරිණි. එසේම සිරිපාලගේ සිරුර වේලායුදන් ෙච්තියන් නමැති ද්‍රවිඩ ජාතිකයාගේ යෑයි දැක්‌වීමට මෙරට ඇතැම් මාධ්‍ය පාර්ශ්වයන් ද ක්‍රියා කර තිබිණි.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ වාර්තාව සකස්‌ කළ දරුස්‌මාන් ද ජිනීවා නුවරට පැමිණ පිලිපීන, තායිලන්ත හා මැලේසියානු තානාපතිවරුන් සමග සාකච්ඡා කර ඇත. මෙය ඇමරිකාවේ ජිනීවා මෙහෙයුමේ ට්‍රැක්‌ - 3 අදියර යටතේ ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී රටවල අදහස වෙනස්‌ කිරීමේ අදහසින් එම රටවල තානාපතිවරු සමග සාකච්ඡා කළ දරුස්‌මාන් ඇමරිකානු යෝජනාවට සහය දක්‌වන්නැයි ඉල්ලා ඇත. දරුස්‌මාන් මෙම ක්‍රියාදාමය එක්‌සත් ජාතීන්ගේ නීතිරීති මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි.

මේ හැර විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 32 ක්‌ ද ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකානු යෝජනාවට සහාය දක්‌වා ඇත. එම සංවිධාන අතර කැනඩා ඒඩ්ස්‌ මර්දන ජාලය නමැති සංවිධානය ද සිටින අතර ඇතැම් සංවිධාන කුමන රටක ක්‍රියාත්මක වන්නේදැයි හෙළිවී නැත. එහෙත් යුරෝපා සංගමය, ප්‍රංශය, නෝර්වේ, කැනඩා, බෙල්ජියම, ඔස්‌ටි්‍රයාව සහ අයර්ලන්තය යන රටවල් ඇමරිකානු යෝජනාව පසුබිමේ සහකාරුවන් වී ඇත.

මේ තත්ත්වය මැද කැල්ලම් මැක්‌රේගේ චැනල් 4 - 2 හෙවත් ප්‍රභා සහ බාලා වීඩියෝ පටය විකාශනය විය. එහෙත් මැක්‌රේට වැරදිනි. බාලචන්ද්‍රන්ගේ යෑයි කියන සිරුර අසල සැරිසරන ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ගේ පාදවල තිබුණේ සෙරෙප්පුයි. සෙරෙප්පුවලින් සැරසුණු හමුදා සෙබළු උතුරේ යුද වැදුනේ නැත. එසේම මේ වීඩියෝ පටයට යොදාගත් දර්ශන රජයේ රූපවාහිනිය මගින් විකාශනය කළ ඒවායි.

මේ වීඩියෝ පටය නිර්මාණය කර ඇත්තේ ඇමරිකානු හා කොටි ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුව මත බව සනාථ වන්නේ චිත්‍රපටය ගැන හැඳින්වීමක්‌ කරන ජෝන් ස්‌නෝ යුද අපරාධ ගැන පුද්ගලයන් තිදෙනකු වගකිවයුතු යෑයි සෘජුව පැවසීමෙනි. (John Snow says there are 3 people who are
responsible the president. The defence secretary and
army Chief)

එහෙත් චැනල් 4 මාධ්‍ය කොන්ත්‍රාත්කරුවන් විසින් ප්‍රභාකරන්ගේ පුත්‍රයා සිය සීයා සහ ආච්චි සමග නොගියේ මන්ද යන්න පවසා නැත. "මගේ ශබ්දකෝෂයේ යටත්වීමක්‌ නැත. යටත් වන්නේ ෙද්‍රdaහීන් පමණයි"යෑයි ප්‍රභාකරන් විසින් තමිල්නාඩුවේ වීක්‌ටන් නමැති කොටි හිතවාදී සඟරාවට පවසා තිබිණි.

මේ අතර මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේගේ හා ජිනීවා ඇමරිකානු තානාපතිනියගේ ජංගම දුරකථනවලට කොළඹ සිට ශ්‍රී ලංකාවට එරෙහි කෙටි පණිවුඩ තොගපිටින් යෑවෙන බව වාර්තා විය. පසුගිය වසරේදී නවිපිල්ලේ පැවසුවේ ඇගේ බ්ලැක්‌බෙරි ජංගම දුරකථනයට එස්‌.එම්.එස්‌. පණිවුඩ දහසකට වඩා ලැබීම නිසා එහි ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවූ බවයි.

මේ පසුබිම යටතේ රජය ජාතික ආරක්‍ෂාවට බලපාන කරුණු ඇතුළත් එස්‌.එම්.එස්‌. පණිවුඩ යෑවීම වාරණය කෙරිණි.

ඒ සමගම නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය රජයට අනතුරු අඟවමින් මෙය මාධ්‍ය වාරණයට මුල පිරීමක්‌ යෑයි පවසා ඇත. එහෙත් මාධ්‍ය නිදහසට මුවාවී ෙද්‍රdaහී ක්‍රියාදාමයන්හි නිරතවීමට රජය ඉඩ දිය යුතුද? ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්ධන් ද පිටු 15 ක සංදේශයක්‌ ජිනීවා වෙත යෑවීය. මිනිසුන් 32 ක්‌ පැහැරගෙන ගිහිල්ලා. ඉන් 10 ක වෙඩි වැදුනු ලකුණු තියනවා යෑයි ඔහු කියා සිටියේය.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට වාර්තා නොවූ සිද්ධියක්‌ ද හෙළි විය. ඒ ජිනීවා ගිය දෙවැනි මාධ්‍ය කණ්‌ඩායමට වන්නි මෙහෙයුමේදී සිවිල් වැසියන් විශාල ලෙස මියගිය බවට ප්‍රකාශ කළ අයකු ද අයත්වීමයි. (It was largely
civilians who died. It is Ordinary people who have been
displaced and forced to live in fear)

මේ මාධ්‍ය පාර්ශ්වය කාශ්මීර් බෙදුම්වාදයට සහාය දක්‌වන්නකු යෑයි තවදුරටත් අනාවරණය විය. කාශ්මීර සහයෝගිතා දිනය නිමිත්තෙන් පෙබරවාරි 11 වැනිදා කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී මොහු පැවසුවේ කාශ්මීර අර්බුදයට ඉතා ඉක්‌මණින්ම යෝජනාවක්‌ අවශ්‍ය බවයි. මෙම පසුබිම මැද කොටි යුද්ධය දිනිය නොහැකි යෑයි පැවසූ සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්යවරයා යළි මතු විය.

දැන් කළ යුත්තේ බටහිර රටවල් සමග මිත්‍රවීම යෑයි මොහු රජයට කේවට්‌ට උපදෙසක්‌ දෙමින් ප්‍රකාශ කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.