මානව හිමිකම් අඬහැරය!

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම අබියස ලඹ දෙන යෝජනාව පසුපස ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීහුත් උන්ගේ ඉඳුල් බුදින දේශීය හා විදේශීය බැලයෝත් සිටිතියි අමුතුවෙන් කිව යුතු නැත. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අමෙරිකාව ප්‍රමුඛ බටහිරට එක්‌ මිණුම් දණ්‌ඩකුත්, ශ්‍රී ලංකාව මෙන්ම ඇමෙරිකාවට නොදිරවන ඉස්‌ලාමීය රටවලට තවත් මිණුම් දණ්‌ඩකුත් භාවිතා කරන බව අපි මීට පෙර අවධාරණය කර ඇත්තෙමු.

චීනය, ඉන්දියාව, රුසියාව වැනි රටවල් ඇමෙරිකන් අභිමතය නො ඉවසුවද ඒ රටවල්වල කටයුතු වලට මැදිහත්වීම අර්බුදයකට මගක්‌ බව ඇමෙරිකාව තේරුම් ගෙන තිබේ. එසේම බටහිර තීරයේ තවත් රටවල් ඇමෙරිකාවේ රූකඩ බවටද පත්ව තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව දක්‌වන නොසතුට රොබට්‌ බ්ලේක්‌, හිලරි ක්‌ලින්ටන් වැනි රාජ්‍ය නිලධාරීන්ද, එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේම ඇතැම් මහ ලේකම්වරුන්ගේද ක්‍රියාකාරකම්වලින් තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකාව එල්. ටී. ටී. ඊ. ය. පරාජය කර එහි µeසිස්‌ට්‌වාදී නායක ප්‍රභාකරන් අවසන් කිරීම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරටම ඉවසා දරා ගත නොහැකි වී තිබේ. ත්‍රස්‌තවාදය ලොවින් අතුගා දැමිය යුතු යෑයි කියන ඇමෙරිකාව හා බටහිර ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදයට දැක්‌වූ මෘදු ප්‍රතිචාර හා සෘජු ආධාර උපකාර කෙබඳුද? ඇමෙරිකාව මෙන්ම බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා නෝර්වේ මේ µeසිස්‌ට්‌වාදියා සමඟ කළ ගනුදෙනු කෙතරම් ලැඡ්ජා සහගතද?

මේ මොහොතේදීත් චැනල් ෙµda නමැති මුග්ධ නාලිකාව ලංකාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පදනම් කරගත් වීඩියෝ පට නිකුත් කරමින් සිටියි. ශ්‍රී ලංකා හමුදාව මිලේච්ඡයින් බව පෙන්වීමට ව්‍යාජ ලෙස සකසන ලද රූපමය දත්ත ඒ වීඩියෝ පටවලින් දැක ගත හැකිය.

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා නැගීමට බටහිර අධිරාජ්‍යවාදයට මුක්‌කු ගසන වසලයන් බොරු සාක්‌ෂි එකතු කරන අයුරු ඇමෙරිකාව නොදනී යෑයි අපි නොසිතමු. ශ්‍රී ලංකාව දඩබිමක්‌ හෙවත් ඝාතන භූමියක්‌ ලෙස හුවා දක්‌වන ඊනියා මානවහිතවාදීන්ගේ කැරට්‌ටුවද අපි දනිමු.

සත්තකින්ම ඇමෙරිකාවට හෝ බටහිරට මානව හිමිකම් සුරැකීම පිළිබඳ සුජාත උරුමයක්‌ නැත. ඔවුන් විසින් ගෙන යන ලද ආක්‍රමණශීලී පිළිවෙත් නිසා අතීතයේ මෙන්ම වර්තමානයේදීත් බොහෝ රටවලට අප්‍රමාණ හිරිහැර හා පීඩා සිදු වී තිබේ. මිනිස්‌ ජීවිත ලක්‌ෂ ගණනින් විනාශ වී තිබේ. එබඳු රටක්‌ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරැකීමේ පරමාදර්ශය ලෙස පිළිගැනීමට අප සුදානම් නැත. එහෙත් ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික උප්පරවැට්‌ටි ඉවසා දරා ගැනීමට අපට මෙන්ම බොහෝ රටවලටද සිදු වී තිබේ. ඇමෙරිකාවේ උදහසට ලක්‌වූ කිසිදු රටක්‌ ඔවුන්ට එරෙහිව මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරන්නේද නැත.

මානව හිමිකම් සුරැකීම නමැති යහපත් සංකල්පය පෙරට දමා ගෙන ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කරන සෙප්පඩ විඡ්ජා කොපමණ අනාවරණය වී තිබුණත් තවමත් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරැකීමේ ප්‍රමුඛයෝ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරයෘ ඒ මොන තරම් හාස්‍යජනක දෙයක්‌ ද ?

මානව හිමිකම් සුරැකීම පිළිබඳ අගනා ප්‍රකාශයක්‌ ජිනීවාහි සිටින ජපන් රජයේ නිත්‍ය නියෝජිත සකෂිතා ඔසමා කර තිබේ. අපගේ දී අයිලන්ඩ් (16.03.2012) පුවත්පතට කරන ලද එම ප්‍රකාශය ඉතා අගනා සහ හරවත් එකක්‌ ලෙස අපි දකිමු.



"කිසිම රටක්‌ මානව හිමිකම් සම්බන්ධයෙන් සියයට සියයක්‌ නිවැරැදි හෝ අංගසම්පූර්ණ වාර්තාවක්‌ තබා නැත. මේ සම්බන්ධයෙන් ඇති අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය පරිසරය ධෛර්ය උපදෙස්‌ හා අවශ්‍ය අවස්‌ථාවල සහයෝගය ලබා දීමද යුතුකමකි. මානව හිමිකම් ගැටලු විසඳීමේදී ඒ ඒ රටවල පවත්නා දේශපාලන, සමාජ හා ආර්ථික ව්‍යqහයද සැළකිල්ලට ගත යුතුය.

සත්තකින්ම හෘදය සාක්‌ෂියක්‌ සහිත කිසිවකුට මේ අදහස ප්‍රතික්‌ෂේප කළ නොහැක. ඡේසුස්‌ වහන්සේ විසින් අවධාරණය කරන ලද්දේත් පව්කාරයාට ගල් ගැසීමට ඉදිරිපත් වන්නා කිසිම පවක්‌ නොකළ අයකු විය යුතු බවය.

ඇමෙරිකාව ප්‍රමුඛව බටහිර අධිරාජ්‍යවාදීන් විසින් හෘද සංවාදයක නිරතව තම රටවල් විසින් වෙනත් රටවලට කරන ලද බලහත්කාරකම්, දුෂ්ටකම්, සැහැසිකම් පිළිබඳව මැනීමක්‌ කළ යුතුය. ඉන්පසු ලෝක සාමය සඳහාත්, මානව වර්ගයාගේ යහපත සඳහාත් තිරසාර සම්මුතියකට එළඹිය යුතුය.

ශ්‍රී ලංකාවේ අවසන් වූ ත්‍රස්‌තවාදී මෙහෙයුම්වලදීත් ඇතැම් අමිහිරි දේවල් සිදුවූ බව අප පිළිගත යුතුය. එසේම ප්‍රභාකරන්ගේ නාසිවාදී, වර්ගවාදී හමුදා මේ රටට මේ රටේ හැම ජනවර්ගයකටම කළ විනාශයද අප සිහි කළ යුතුය. ඉන්දියාවේ රජිව් ගාන්ධි මෙන්ම ශ්‍රී ලංකාවේද ජනාධිපතිවරයකු ඇතුළු සිංහල දෙමළ නායකයන් රැසක්‌ම එල්. ටී. ටී. ඊ. ය විසින් ඝාතනය කරන ලද බවද කව්රුත් දනිති. ඊට අමතරව මේ රටේ සිවිල් ජනතාව විනාශ කළ අයුරුද අපි දනිමු. එහෙත් කනගාටුවට කරුණ නම් ඒ ඝාතකයා වෙනුවෙන් බටහිරත් පෙනී සිටීමය.

අද ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර පෙළ ගැසෙන්නේ ශ්‍රී ලංකාව වැනසූ අධම µeසිස්‌ට්‌වාදියකු වෙනුවෙන් මිස මානව හිමිකම් උදෙසා නොවන බව අපගේ චෝදනාවයි. ඝාතනය, භීෂණය වැපිරූ මෘගයකුගේ අවසානය සිදුවීමට එරෙහිව මානව හිමිකම් බඳු උතුම් සංකල්පයක්‌ භාවිතා වීම ගැන අපි සංවේගයට පත් වෙමු.

මේ රටේ හැම බිම් අඟලකම සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතා එකට සහයෝගයෙන් ජීවත්වන යුගයක පරණ කුණු ගොඩවල් අවුස්‌සා ඒ ජාතික සමගිය පළුඳු කිරීම සහගහන අපරාධයකි. ඇත්තටම අපට වුවමනා ඒ අමිහිරි අතීතය වළලා දමා ජාතියක්‌ ලෙස නැගී සිටීමටය. අමෙරිකාව කළ යුත්තේ එයට අනුබල, අනුග්‍රහ දැක්‌වීම විනා අපගේ කකුලෙන් ඇදීම නොවේ. ප්‍රභාකරන් වැනසීමේ දුක කොටින්ට තිබිය හැක. ඊළාම්වාදීන්ටද තිබිය හැක. එහෙත් බටහිර විතැන් වී සිටින දෙමළ ජනතාවගේ අතලොස්‌සක්‌ මෙහෙයවන දුෂ්ට ව්‍යාපාරයකට වේදිකා සකසා දීමද මානව හිමිකම් අගයන ලොව කවර ජාතියකට, රටකට වුවද අනුමත කළ නොහැක. ජිනීවා මානව හිමිකම් කොමිසම යනු මානව වර්ගයාගේ යහපත හා අභිවෘද්ධිය උදෙසා කැපවිය යුතු සංවිධානයක්‌ මිස, කොටි රූකඩයක්‌ විය යුතු නැති බවද අපගේ අවධාරණයයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.