2012 අප්‍රේල් 07 සෙනසුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Circulation
    ADVERTISING
   RATES
    
    Submit Your Opinion
    contact webmaster

කොටි නායකයන් 5 ක් ඇතුළු
ද්‍රවිඩ ජාතිකයන් 500 ක්‌ රට පැන්නූ ජාවාරම්කරු දැලේ

කොටි ත්‍රස්‌ත නායකයන් පස්‌දෙනකු ඇතුළු ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 500 ක්‌ නීති විරෝධී ලෙස සන් සී නැවෙන් කැනඩාවට ගෙන ගිය ජාවාරම්කරුවකු වන නයාකරන් මාර්නන්දු නමැත්තා ප්‍රංශ බුද්ධි සේවාව විසින් පෙරේදා (5 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

වාහන ආනයනය ගිය වසරේ සියයට 244 කින් වැඩිවෙලා

2009 වර්ෂයේදී වාහන 211,679 ක්‌ ආනයනය කර ඇති අතර පසුගිය 2011 වර්ෂයේදී ආනයනික වාහන සංඛ්‍යාව 523,963 ක්‌ දක්‌වා වැඩි වී ඇත.

ත්‍රස්‌තවාදීන්ට වන්දි ගෙවන් නැයි කළ උගත් පාඩම් නිර්දේශය ඉවතට

කොටි සංවිධානය රුපියල් බිලියන 50 කට වඩා වැඩි විනාශයක්‌ ශ්‍රී ලංකාවට කර තිබියදී ඔවුන්ට වන්දි ගෙවන ලෙස කළ ඉල්ලීම පිළිගත නොහැකි යෑයි එම ආරංචි මාර්ග කීවේය.

වාහන බදු වැඩි කිරීම ගැන රජ යෙන් පැහැදිලි කිරීම් ඕනෑ
- මුදල් අමාත්‍යාංශ ලේකම්ට හඳුන්නෙත්තිගෙන් ලිපියක්‌

බදු වැඩිකිරීමට අදාළව රජයේ ප්‍රතිපත්තිමය පැහැදිලි කිරීම් නිසි ආකාරයෙන් සිදු නොකිරීම නිසා විවිධ පාර්ශ්වයන් අතරද ගැටුම්කාරී වාතාවරණයක්‌ උද්ගත වී ඇත.

කරු ජයසූරිය සාක්‍ෂි ලබා දීමටවත් නොපැමිණ
කමිටු වාර්තාව ඒකපාර් ශ්වික යෑයි කීම පදනම් විරහිතයි
- ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

යුතු සිව් පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු කරුණු ඉතාම කනගාටුදායක ලෙස විකෘති කරමින් මේ රටේ එක්‌තරා පෞද්ගලික මාධ්‍ය ආයතනයක්‌ වැරදි මතයක්‌ සමාජගත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා.

නුවරඑළියේ "වසන්තය සමය" ඇරඹේ

වසරක්‌ පාසා නුවරඑළියේ පැවත් වෙන "වසන්තය සමය" අසිරිය නරඹා විනෝද වීම පිණිස ශීතල නුවරඑළියට පැමිණෙන දහස්‌ සංඛ්‍යා ත පිරිසකගේ විනෝදය පිණිස මෙවර විවිධ වැඩසටහන් ගණනා වක්‌ සංවිධානය කොට තිබේ.

මන්නාරම රදගුරු හිමිගේ
නෝර්වේ සංචාරයක තතු හෙළි වේ

අපේ තානාපති අංශ මන්නාරම රදගුරු සහ නීතිවේදියා වෙනුවෙන් සංග්‍රහයක්‌ද පවත්වා තිබෙනවා යයි නෝර්වේ ආරංචි මාර්ග පැවසීය.

අප්‍රේල් "විරු සමරුව"

ජවිපෙ නායකයන් "විරු ස්‌මාරකයට" පුෂ්පෝපහාර දැක්‌වීමට පැමිණි අයුරු සහ ඊට ආචාර දැක්‌වූ පිරිසෙන් කොටසක්‌ ඡායාරූපයේ දැක්‌වේ.  පින්තූරය - සිරිපාල හල්වල

වැරැදි පැත්තෙන් ඉස්‌සර කළ කැබ් රථය පොලිස්‌ නිලධාරියාගේ ඇඟේ හැපුණා

කහපාට ලාම්පු දැල්වෙද්දී වැරදි පැත්තෙන් කැබ්රථය වේගයෙන් ඉස්‌සර කළා. මෙම කැබ් රථය පොලිස්‌ නිලධාරියා ගේ ඇඟේ හැපීමෙන් පසු එම රථය නැවැත් වූවා. තුවාල ලත් නිලධාරියා ගේ කටින් ලේ ගැලුවා.


ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස දමිළ සඟරාවේ සම්මානයට පාත්‍ර වෙයි

ජාතික සමගිය සඳහා සිදුකළ ගීත මෙහෙවර වෙනුවෙන් ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස මහත්මිය කොළොන්දු දමිළ සඟරාවේ සම්මානයට පාත්‍ර වූවාය.

වී මිල වැඩි නොකළොත් පොළොන්නරුවේ අලූත් සහල් මංගල්‍යය වර්ජනය කරනවා - ඒකාබද්ධ ගොවි සන්ධාන එකමුතුව කියයි

වී විකුණාගත නොහැකිව ගොවීන් ළතැවෙද්දී පවත්වන අලුත් සහල් මංගල්‍යය ඵල රහිත බව පවසන ඔවුහු ඊට තමන් සහභාගි නොවන බවද කියා සිටියි.

ආනයනික වාහන තීරුබදු ඉහළ දැමීම අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වැසීමක්‌ වගේ - ලංකා පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති

ආනයනික වාහන සඳහා අය කරනු ලබන තීරුබදු ඉහළ දැමීම පිළිබඳව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය විසින් රජයට ප්‍රශංසා කර සිටී.

අප ලබාදෙන විධිමත් පුහුණුව සාර්ථක කරගෙන දුම්රිය දෙපාර්තමේන්තුවට සාර්ථක සේවයක්‌ සලසන්න
- ඇමැති කුමාර වෙල්ගම

2015 වසර වන විට පුහුණු ශ්‍රමික යන් 1000 කට වැඩි පිරිසක්‌ විශ්‍රාම ගැනීමට නියමිතය. එය දෛනික දුම්රිය සේවාව පවත්වාගෙන යැමේ ගැටළු රැසක්‌ මතුකරන බවට හඳුනාගෙන තිබේ.

ඇතෙක්‌ බරට වස්‌තුව ගන්න ගිය සංස්‌කෘතික නිලධාරියා ඇතුළු හයක්‌ රිමාන්ඩ්

මෙම කණ්‌ඩායමේ නායකයා සංස්‌කෘතික දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියකු බව අනාවරණය වී තිබේ.

ග්ලවුස්‌ ගන්න දුන්නු තුණ්‌ඩුවට ෆාමසියෙන් සිරප් බෝතලයක්‌ දෙයි
දරුවකුගේ අසනීපයකට ප්‍රතිකාර ගැනීම සඳහා ලුණුවිල රජයේ රෝහලකට ගිය දෙමාපියන්ට අපූරු අත්දැකීමකට මුහුණ දීමට සිදුවී තිබේ.

බක්‌ පෝදා කැලණිය
සිල් සුවඳින් නැහැවී...

බක්‌ පුර පසළොස්‌වක පොහෝ දිනය ඊයේට (06) යෙදී තිබුණි. මෙහි දැක්‌වෙන්නේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්‌ථාන යට පැමිණි සැදැහැවතුන් පිරි සකි. ඡායා - වාසල සේනාරත්න

චාරිත්‍රානුකූලව
අලුත් අවුරුදු නැකැත් සීට්‌ටුව ජනාධිපතිට පිළිගන්වයි!

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම සහ ලිප ගිනි මෙලවීම, ආහාර අනුභව කිරීම, වැඩ අල්ලා ගනුදෙනු කිරීම නව වසරේ රැකියා සඳහා පිටත්ව යැම ආදී කරුණු මේ නැකැත් සීට්‌ටුවේ ඇතුළත්ය.

ජාඇල පාද නමස්‌කාර පෙරහැර - මහ සිකුරාදා ජාඇල කපාලකන්ද පාස්‌කු දර්ශනය අරඹමින් ජාඇල නගරයේ පැවැති පාදනමස්‌කාර යේ අවස්‌ථාවක්‌ ඡායාරූපයේ දැක්‌වේ. ජාඇල -ලෝරන්ස්‌ ප්‍රනාන්දු

ගාන්ධිතුමාගේ හා බාලදක්‍ෂ නිර්මාතෘගේ
මඩකලපුවේ පිළිරූ කඩලා

මඩකලපුව නගරයේ පිහිටි මහත්මා ගාන්ධිතුමාගේ හා බාල දක්‌ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ පිළිරූ දෙක කිසියම් පිරිසක්‌ විසින් පෙරේදා (5 දා) කඩා බිඳ දමා තිබූ අයුරු.

මහ බැංකුව පොලී ඉහළ නංවයි

ණය වර්ධනය පාලනය කිරීමේ සහ උද්ධමනය අඩු මට්‌ටමක පවත්වා ගැනීමේ අපේක්‍ෂාවෙන් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් සිය පොලී අනුපාත නැවතත් වැඩි කිරීමට තීරණය කර ඇත.

සිසුවියන්ට අතවර කිරීමට විදුහල්පතිට
අනුබල දුන්නැයි ගුරුවරියක්‌ රිමාන්ඩ්

සැකකාර විදුහල්පතිවරයා සහ ස්‌වෙච්ඡා ගුරුවරිය වෙනුවෙන් නීතිඥවරු හයදෙනෙක්‌ පෙනී සිටියහ.

දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගය 19 වැනිදා සිට මුළුමනින්ම විවෘතයි

එම දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් සියයකට යා හැකි වන පරිදි ඉන්දීය ණය ආධාර මත ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

පක්‍ෂ නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශන
ජුනි 30 දාට පෙර ඉල්ලයි

ප්‍රධාන දේශපාලන පක්‍ෂවල නායකයන් කිහිපදෙනකුම මේ වන විට සිය වත්කම් ප්‍රකාශන ලබාදීමට කටයුතු කර ඇතැයි මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවැසීය.

උසාවියේදී සිහිසුන්ව ඇද වැටුණු චීවරධාරි යා රෝහලෙන් පලායයි

මෙලෙස පලාගොස්‌ ඇත්තේ පින්පාරේ සුමනරතන නමැති චීවරධාරියෙකි.

ගුවන් පාලමේ සිට බස්‌ රියක්‌ මතට පැන්න සිසුවා තුවාල ලබා රෝහලේ

ගුවන් පාලමකට නැග ගුවන් පාලම යටින් මාර්ගයේ ගමන් ගත් බස්‌ රථයක්‌ මතට පැන ඇති අතර ඉන් මාර්ග යට ඇද වැටී බරපතළ තුවාල ලැබූ ඔහු මාතර රෝහලට ඇතුලත් කොට ඇත.

විශේෂ දක්‍ෂතා දක්‌වන පොලිස්‌ නිලධාරීන්ට
ත්‍යාග හා වරප්‍රසාද ලබා දෙනවා
- පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන්

හංවැල්ලේ නිවසක තිබී හෙරොයින් කිලෝ 08 යි, ග්‍රෑම් 200 ක්‌ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්‌ පරීක්‌ෂක රංගජීව නෙවමාල් මහතාට රුපියල් ලක්‌ෂ දෙකහමාරක්‌ වටිනා චෙක්‌පත පිරිනමන ලදී.

චීන සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ ශ්‍රී ලංකාවේ පිහිටුවීමට තීරණ

චීනයේ සංස්‌කෘතික අමාත්‍යාංශය විසින් ස්‌ථාපනය කර ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත මෙම මධ්‍යස්‌ථානය මගින් දෙරටේ මහජනතාව හා රාජ්‍යයන් අතර මිත්‍ර සබඳතා වැඩිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ෆොන්සේකා නිදහස්‌ කළ යුත්තේ ඇයි?
දෙවැනි කතිකාව අද කළුතරදී

මෙම කතිකාවේ මුලසුන කෝට්‌ටේ නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ උසුලනු ලබති. ප්‍රධාන දේශනය හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පවත්වති.

 
  • යුද්ධය නිමා වුවත් අරමුදල් ලැබීම්
    ගැන සොයන්න

    කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම දියත් වෙද්දීත් එම මෙහෙයුම අවසන්වීමෙන් පසුත් 2011 දක්‌වා මෙරට පමණක්‌ නොව විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන වෙතත් විශාල ලෙස අරමුදල් සපයා ඇත්තේ නෝවීජියානු විදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ "නෝරාඩ්" නමැති සංවිධානයයි.

  • මහේල නැවතත් තනිවම සටනක

    ශ්‍රී ලංකා ඉනිමට නැංගුරම් දැමු මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීරගේ අභියෝගාත්මක පිතිහරඹය හමුවේ මද අස්‌වැසිල්ලක්‌ ලැබූ ශ්‍රී ලංකාව එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ සිව්වැනි දිනට (06 දා) තරගය නතර කරන විට කඩුලු 6 ක්‌ දැවි ලකුණු 218 ක්‌ ලබා ගැනීමට සමත්ව සිටියේය.


Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.