උගුරට හොරා බෙහෙත් කන
න්‍යායෙන් අපරාධ මඩින්න බෑ!


අද මහජනයා විසින් තැන නොතැන බලා කොතැනත් කතා බහට බඳුන් කරනුයේ දැන දැන් රටේ සිදුවන විවිධ අපරාධ පිළිබඳවයි. ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවකට මුහුණදෙන මෙවන් වකවානුවකදී ඒ අතර සිදුවන අපචාර විවිධ අයුරින් දකින්නට, අසන්නට ලැබීම ඉතාම ශෝචනීය වූවකි. බාලපරාධ, ස්‌ත්‍රී දූෂණ, කුඩා දරුවන් දූෂණය කිරීම, පැහැර ගැනීම, මංකොල්ලකෑම්, වංචාව මේ ආදී දූෂණ රැසක්‌ රටේ සෑම දිසාවකින්ම වාර්තා වෙයි. ෙ€දනීය අයුරින් සිදුවන මේ සියල්ල හමුවේ රටේ විවිධ තරාතිරමේ අයවලුන්ද වැරැදි කරුවන් වී ඇත.මෙම චූදිතයන්ගේ නඩු විභාග වසර ගණන් ගත වීම නිසා ඇතැම් විට පැමිණිලිකරුවන්ද නඩු කියා ගැනීමට අදිමදි කරනු ඇත. ඔවුන්ට එය එපා වනු ඇත. මේ නිසා අපරාධ කරුවන් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට උසාවියට සිදු වේ. කරුණු මෙසේ හෙයින් මෙවැනි අපරාධ නඩු මසකින් දෙකකින් නිමා කර අපරාධ කරුවන්ට දඬුවම් පැමිණ වීමේ ක්‍රියා පිළිවෙතක්‌ වහාම සකස්‌ විය යුතුය. මේ පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබුණද ප්‍රායෝගික බවක්‌ නොවිණ. මහාධිකරණ විනිසුරු අඹේපිටිය මහතාගේ ඝාතකයන්ට දඬුවම් පැමිණවීම මසකින් අවසන් විය. මේ ආකාරයෙන් අහිංසක ජනයා වෙනුවෙන් මෙබඳු ක්‍රියා පිළිවෙතකට යැම මෙම අපරාධ අවම කර ගැනීමට හැකි වෙතැයි කල්පනා කරමි. තවද අපරාධකරුවන්ගේ වත ගොත මාධ්‍ය ඔස්‌සේ ප්‍රචලිත කළ යුතුය. දැනට අපරාධවලට සම්බන්ධ වන දේශපාල ඥයන්ගේ වතගොත මාධ්‍ය මගින් ලබා නොදෙන්නකි. එක්‌තරා දේශපාලනඥයෙක්‌, එක්‌තරා පොලිස්‌ නිලධාරියෙක්‌, සුප්‍රසිද්ධ නිළියක්‌ වශයෙන් මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය කර හැරීම පමණක්‌ දැනට සිදුවන්නකි. එය දැඩි ලෙස පිළිකුල් සහගත ක්‍රියාවකි.

තවද රටේ කොතරම් දුරට විසිහතර පැය පුරා දහම් දෙසුවද ධර්ම සාකච්ඡා පැවැත්වුවද රූපවාහිනී නාළිකා මගින් දොරමඬලාව වැනි වැඩසටහන් විසුරුවා හැරියද ඉන්ද පලක්‌ නැති බවට බොහෝ දෙනා කතා බහට ලක්‌ කරති. එය නම් සැබෑය. පසුගිය දිනවල රටේ සිදු වූ ෙ€දනීය මිනීමැරුම් කීපයක්‌ විය. ඉන් කීපයක්‌ම මුළු රටම කලඹන තත්ත්වයට පත් වූවකි. කෝට්‌ටේ විහාරස්‌ථානයක භික්‌ෂූන් දෙනමක්‌ ඝාතනය කිරීම, රත්නපුර ප්‍රදේශයේ තවත් එබඳුම ඝාතන කීපයක්‌ සිදු වීම, වෙනත් පැහැර ගැනීම් ආදියද ගැන විමසා බලන විට මෙම උදාහරණ එකදු ධර්ම දේශනාවකින් හෝ සාකච්ඡාවකින් විමසුමට බඳුන් නොවිණ. අපේ ජාතක කතා පන්සිල් පදයන්හි අගය දන් දීමේ අනුසස්‌, නිවන් අරමුණු කර ගැනීම මේ ආදී දෙසුන් වලින් මෙවන් අපරාධ වළක්‌වාලිය නොහැක. අපරාධයට පෙළඹෙන්නන් වෙනුවෙන් එහි ඇති ආදීනව මෙලොවදීම දඬුවම් ලබන අයුරු උදාහරණ කතා මගින් ගෙන හැර දැක්‌වීමට ඔවුනට හැකිය. නමුත් එවැන්නක්‌ සිදු නොවේ. නිස්‌කාරණේ කාලීන බවින් තොර ධර්ම කතා කීම තුළින් අර්ථයක්‌ සිදුවන්නේ නැත. අපරාධයට පෙළඹෙන්නන්ගේ බිය සැක තව තවත් නැති වීමකි. පවු පින් පිළිබඳව නොසලකා හරින්නකි. මේ නිසා කාලීන වශයෙන් දහම් දෙසීම ධර්ම සාකච්ඡා ආදියට රටේ අවශ්‍ය තරම් මාතෘකා එමටය. එසේ තිබියදී දැනට දෙසන බණ වලින් සාකච්ඡා මගින් කිසිදු පලක්‌ වී ඇද්දයි දේශකයන් වහන්සේලාම තේරුම් ගැනීම නුවණට හුරුය.

කරුණු මෙසේ හෙයින් මෙම අපරාධ අවම කර ගැනීම සඳහා මේ ආකාරයෙන් විකල්ප ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට අවධානය යොමු වේවා.

බෝ නන්දිස්‌සර හිමි හපුතලේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.