අනතුරක්‌ අත ළඟ!
මේ විදුලි කණුවට වගකිවයුත්තෙක්‌ නැද්ද?


බදුල්ලේ පොල්වත්ත ශ්‍රී සුමංගලරාම විහාරස්‌ථානයේ දහම් පාසල් ගොඩනැඟිල්ලට විදුලිය සපයන දැව කණුව මුලින් කැඩී ඇත. තෙදිසාවකට ඇදී ඇති විදුලි රැහැන් හා ආධාරක කම්බිය නිසා බිමට පතිත වී නැත. අබලන්ව පවතින ඊළග කණුවත් කැඩී ගියහොත් විපතක්‌ සිදුවීමට ඇති ඉඩකඩ බොහෝ ය.

එම කණුව අබලන් වී ඇති බව 2011 පෙබරවාරි මුල් සතියේ ලිතව දන්වන ලදී. එසේ දැන්වීමට හේතුව වුයේ එම සතිය පුරාම බදුල්ලට මහ විපත් ගෙන දෙමින් තද වැසි ලැබීමයි.

2011.11.29 කණුව කැඩී ඇති බව බදුල්ලේ, ක්‌ලිනික්‌ පාරේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්‌ථානයට දුරකථනයෙන් ද, 2011.12.05 දින කාර්යාලයට ගොස්‌ වාචිකවටද,

2011.12.07 දින විදුලි අධිකාරී/ ස්‌ථානාධිපතිතුමා වෙත ලිතව ද දැනුම් දුනිමි. නමුත් මේ දක්‌වාම (2012.4.16) එයට නිsසි පිළියම් යොදා නැත.

ආර්. බී සමරසිංහ බදුල්ල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.