ලන්ඩන් නුවර ඔලිම්පික්‌ උළෙල
ආරක්‌ෂාවට සෙබළුන් 13000 ක්‌


ලන්ඩන් නුවර පැවැත්වීමට යෝජිත ඔලිම්පික්‌ උළෙල යුද්ධයක්‌ බවට පත්වී ඇත. ත්‍රස්‌තවාදීන් විසින් ඔලිම්පික්‌ උළෙලට පුපුරණ ද්‍රව්‍ය පිරවූ ෙඩ්‍රාaන් මගින් ප්‍රහාර එල්ල කෙරෙනු ඇතැයි සැකෙන් ප්‍රහාරක යානා නිරීක්‍ෂණ යානා සහ ගුවන් යානා නාශක මිසයිල ඇතුළු සෙබළු 13000 ක ගෙන් යුත් කණ්‌ඩායමක්‌ සීරුවෙන් තබා ඇත.

ඔලිම්පික්‌ ගාඩියන් නමැති මෙහෙයුම යටතේ මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

මෙයට අමතරව ලන්ඩන් නුවර අහස්‌ කලාපය විමර්ශනය කිරීමට ගුවන් විශේෂඥයන් පහළොස්‌ දෙනෙක්‌ යොදා ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.