බුද්ධ රශ්මි ජාතික වෙසක්‌ කලාපය නැරඹීමට
පැමිණෙන බැතිමතුන්ට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌
වෙතින් මිලියන 15 ක රක්‌ෂණාවරණයක්‌...

ජනාධිපති කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාමය ඒකාබද්ධව 06 වන වරටත් සංවිධානය කරනු ලබන 2012 බුද්ධ රශ්මි ජාතික වෙසක්‌ උත්සවය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ප්‍රධාන දායකත්වයක්‌ ලබාදී ඇති අතර ඒ යටතේ වෙසක්‌ නිර්මාණ ඉදිරිපත් කරන ශිල්පීන්ටත් වෙසක්‌ කලාපය නැරඹීම සඳහා අරලියගහ මන්දිරය සහ හුණුපිටිය ගංගාරාමය ආශ්‍රිත ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ටත් මිලියන 15 ක රක්‌ෂණාවරණයක්‌ ලබාදීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ වැඩපිළිවෙළක්‌ යොදා ඇත.

අඩසිය වසරක්‌ පුරා ජාතික ආගමික සංස්‌කෘතික උත්සව අවස්‌ථාවලදී පෙරමුණ ගෙන ක්‍රියාකරන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ 2600 සම්බුදAධත්ව ජයන්ති උත්සවයට සමගාමීව පැවැත්වෙන ප්‍රථම වෙසක්‌ උත්සවය වෙනුවෙන් මෙම බුද්ධ රශ්මි ජාතික වෙසක්‌ කලාපයට ප්‍රධාන දායකත්වය ලබාදෙන ලදී.

මෙම වෙසක්‌ කලාපය සඳහා නිර්මාණ ඉදිරිපත් කරන දහසක්‌ ශිල්පීන්ට මිලියන 10 ක පුද්ගල හදිසි අනතුරු ආවරණයක්‌ ලබාදී ඇති අතර වෙසක්‌ කලාපය නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන්ට මහජන ආරක්‌ෂණ ඔප්පුව යටතේ මිලියන 05 ක ආවරණයක්‌ ලබාදී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.