2012 මැයි 23 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

ඇත් දළ කන්ටේනරය
රේගු දැලේ

කෙන්යාවේ සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි රටට නැව් මගින් ප්‍රවාහනය කෙරෙන රුපියල් කෝටි ගණනක්‌ වටිනා 359 කට අධික ඇත් දළ විශා ල තොගයක්‌ අඩංගු කන්ටේනරයක්‌ රේගු මධ්‍යම බුද්ධි අංශය මගින් ඊයේ (22 දා) අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ජාවාරම අනාවරණය කරගැනීමට හැකිවිය.

කලක්‌ විවේක ගෙන පසුව දේශපාලනය කරන්න
- මල්වතු අස්‌ගිරි මහනාහිමිවරු සරත් ෆොන්සේකාට කියති
අවුරුදු දෙකහමාරක්‌ පමණ මම විවේක ගත්තා දැන් නැවත ජනතා සේවයට ඉදිරිපත් වීමයි මගේ බලාපොරොත්තුව යෑයි සරත් ෆොන්සේකා මහතා පවසා සිටි අවස්‌ථාවේ මහානායක ස්‌වාමීන්ද්‍ර යන් වහන්සේ පැවැසුවේ "එහෙම විවේකයක්‌ තිබුණට මානසික විවේකයක්‌ තිබුණේ නැහැ" යනුවෙනි.

ගෙවා දැමූ සිර දඬුවම ඉවත්
නොකිරීම නිසා

ෆොන්සේකාට සම්පූර්ණ නිදහසක්‌ ලැබී නෑ
ප්‍රජා අයිතිය වසර 7 කට අහිමි වෙලා

ජනාධිපති සමාව යටතේ ෆොන්සේකා මහතාට නිදහස ලබාදීමේදී දෙවැනි යුධාධිකරණය මගින් පනවා තිබූ සිර දඬුවම් කාලසීමාවේ ගෙවී ගිය කාලය උදෙසා නිදහස්‌ කිරීමක්‌ සිදුව නැති බැවින් ඉදිරි වසර හතක කාලයකට ඒ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි වන බව ද හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


සාමයෙන් ජීවත් විය හැකි අභිමානවත් රටක්‌ අනාගත පරපුරට දායාද කිරීම අරමුණයි - කටාර්හි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හමුවේ ජනපති පවසයි

කටාර්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික යන්ගේ සංඛ්‍යාව එක්‌ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ වේ. මේ පිරිසෙන් ඉහළ ගුණාත්මකභාවය කින් යුත් සේවාවක්‌ තම රටට ලැබෙන බව කටාර් එමීර්වරයා පැවසූ බව ජනාධි පතිවරයා මෙහිදී පැවසීය.


අධ්‍යාපන සංවර්ධනයට
ලෝක බැංකුවෙන් ඩොලර් දශ ලක්‍ෂ 100 ක්‌

ඉලක්‌ක ළඟා කර ගැනීමේ පදනම මත මෙම මූල්‍යාධාර පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

බදු ඉහළ නැංවීමත් සමඟ
ත්‍රිරෝද රථ ලියාපදිංචිය අඩකින් අඩුවෙයි

2012 ජනවාරි මාසයේදී ත්‍රිරෝද රථ 12,779 ක්‌ ලියාපදිංචි කර ඇති අතර අප්‍රේල් මාසයේදී එය 7,667 දක්‌වා අඩුවී ඇත.

ඇමරිකානු කොටි ජාලයේ විරෝධතාව දියාරු වෙයි

මෙම විරෝධතාවට ළමා ළපටි ඇතු ළු 45 දෙනකු පමණ සහභාගි වී සිටි බව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා "දිවයින" ට පැවැසීය.

ෆොන්සේකා වටා සිටි එජාප මන්ත්‍රීන්ගේ යටි අරමුණු පැහැදිලියි - ජෝන් අමරතුංග

සරත් ෆොන්සේකා මහතා සමඟ දේශපාලන සම්බන්ධතාවක්‌ තහවුරු කර ගැනීම සඳහා ඔහු වටා මෙම එජා ප මන්ත්‍රීවරුන් සිටි බව ද කී ජෝන් අමරතුංග මහතා තම පක්‍ෂයේ මන්ත්‍රී වරුන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි විමසිල්ලෙන් බලා සිටින බව ද කීවේය.

රජය මුස්‌ලිම් කොංග්‍රසයේ ඉල්ලීම ඉවත දමයි

ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායල් තානාපති කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම අත්හිටු වන්නැයි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

උපවාස කරන කොටි හිරකරුවන්ගේ නිදහස ගැන
ආණ්‌ඩුව වගකීමෙන් යුතු සහතිකයක්‌ දිය යුතුයි

ආර්. සම්බන්ධන් (දෙමළ සංධානය)

වැලිකඩ, කලුතර සහ වව්නියාව සිර කඳවුරුවල එල්. ටී. ටී, ඊ. සිරකරු වන් දෙසිය තිස්‌ හය දෙනා දින කිහිප යක්‌ තිස්‌සේ අඛණ්‌ඩ උපවාසයක යෙදී සිටින බව ද ඔවුන් රඳවා සිටින් නේ කිසිදු චෝදනාවක්‌ නොමැති බව ද සම්බන්ධන් මහතා කීවේය.

ආචාර්ය උපාධිය ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු 205 විදේශ විශ්වවිද්‍යාල වලට යෑව්වා
- උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක

බුද්ධි ගලනය නිසා පිටරට ගොස්‌ සිටින සරසවි ආචාර්යවරුන් එකොළොස්‌ දෙනකු යළි මෙරටට ගෙන්වා තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

මුදල් අමාත්‍යාංශයට අදාළව ප්‍රශ්න හැටඅටක්‌ යොමු කළත් පිළිතුරු ලැබුණේ 5 කට පමණයි
- රවි කරුණානායක (එජාප)

අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු නොලැබීමෙන් තම අයිතිවාසිකම් කඩවී ඇතැයිද කරුණානායක මහතා කතානායකවරයාට පැවසුවේය.

ෆොන්සේකාට පූර්ණ නිදහස ලබාදීමට උවමනා නම් පෞද්ගලික මන්ත්‍රී කෙටුම් පතට සහය දිය හැකියි
- එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක

ෆොන්සේකා මහතා කිසිදු වරදක්‌ නොකළා සේ සලකා ඔහුව නිදොස්‌ කොට නිදහස්‌ කරන ලෙස ඉල්ලා පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක්‌ ඉදිරිපත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කළ අතර එහි කටයුතු මේ වනවිටත් අනාවරණය කර ඇති බව හෙතෙම කීය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව

"මේ නඩුවේ සියලුම දේට මුල තමයි සී.අයි.ඩී. එක (අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව) අධිකරණයට කිසිම උත්තරයක්‌ දෙන්නෙ නැති එක. මිනිස්‌සු අධිකරණයට ඇඟිල්ල දික්‌කරන්නේ අධිකරණ නියෝග අනුව අදාළ ආයතන නිසි පියවර නොගන්න නිසා.

නායකත්ව පුහුණුව දින නියමයක්‌ නැතිව කල්යයි

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්‌ විභාග වන හෙයින් මෙම තීරණය ගත් බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. ජී. ජයසිංහ මහතා "දිවයින" ට ඊයේ (22 වැනිදා) පැවැසීය.

18 වංගුව පාරේදී ඊයේ ටිපර් රියක්‌ අනතුරක


සහකාර ඉන්දීය මහ කොම සාරිස්‌ගේ නිල නිවසෙන්
සොරාගත් රන් භාණ්‌ඩ සමඟ මෙහෙකාරිය දැලේ

නිල නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ සැකකාරියගේ තලාතු ඔය ප්‍රදේශයේ නිවස පරීක්‍ෂා කිරීමේදී ස්‌වර්ණාභරණ කොටසක්‌ සහ මුදල් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ අත් අඩංගුවට ගත් විශාලතම ඇත් දළ තොගයෙන් කොටසක්‌ නිලධාරී න් විසින් පරීක්‍ෂා කළ අයුරු. ඡායාරූපය : නිශාන් එස්‌. ප්‍රියන්ත

තාත්තත් අපිත් අතර තිබුණේ දැඩි බැඳීමක්‌!
සරත් ෆොන්සේකාගේ දියණිය අප්සරා කියයි

දැන් අපිට හරිම සතු ටුයි. ආයෙත් තාත් තත් එක්‌ක පවුලක්‌ විදිහට අපිට එකතු වෙන්න ලැබුණා. තාත්තා ගෙදර ආපු පෙරේදා දවස අපේ ගෙදර තිබුණේ පුදුමාකාර සතුටක්‌. ඇත්තෙන්ම ඒක වචන කරන්න බැහැ.


දරුවන්ගේ අධ්‍යාපන අවස්‌ථා ආණ්‌ඩුව කප්පාදු කරනවා

අපොස සාමාන්‍ය පෙළ සමත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන් ගේ විභාග ප්‍රතිඵල අනුව වඩා ත් පහසුකම් ඇති ජාතික පාස ලක්‌ තෝරාගැනීමේ අයිතිය දැන් අහිමි කර තියෙනවා. මේ වසරේ තාවකාලිකව අත් හිටවූවත් ලබන වසරේ සිට ඉතා තදින්ම මේ නීතිය ක්‍රියා ත්මක කරන බව අධ්‍යාපන ඇමතිවරයා පවසනවා.


ගමේ දරුවන් ජාතික පාසල් ඒමේ අවස්‌ථා අඩු කරන්නේ නැහැ
- අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන

කවුරුන් හෝ අයකුගෙන් ලද සාවද්‍ය තොරතුරු මතයි විප ක්‍ෂ නායකතුමා මේ ප්‍රශ්නය කළේ. අ. පො. ස. සාමාන්‍ය පෙළට පසු උසස්‌ පෙළට සිසුන් ඇතුළත් කිරීමේ විධිමත් චක්‍රලේඛයක්‌ වාර්ෂිකව නිකුත් කරනවා.

ජාතික රෝහලේ නව අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මීට පෙර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශ යේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් වසර හයක කාලයක්‌ද කළු බෝවිල මහ රෝහලේ අධ්‍ය ක්‍ෂවරයා වශයෙන් වසර 04 ක කාලයක්‌ද සිය සේවය ඉටුකර ඇත.


අනධ්‍යයන වර්ජනයෙ න් සරසවි අධ්‍යයන කටයුතු අඩාල වේ
- අද විසඳුමක්‌ නැතිනම් අඛණ්‌ඩ වර්ජනයක්‌

පරිපාලන අංශ සේවයට වාර්තා කළද දේශන ශාලා හෝ පුස්‌තකාල හෝ විවෘත කිරීමට අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය නොසිටි හෙයින් අධ්‍යයන කටයුතු කිසිවක්‌ සිදු නොවූ බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පැවසීය.

හිරු රූපවාහිනි නාලිකාව අද ඇරැඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල්, HD රූපවාහිනි නාළිකාව වන හිරුTV, ABC මාධ්‍ය ජාලයේ ඉදිරිපත් කිරීමකි.

විනය පරීක්‍ෂණයට තහනමක්‌ ඉල්ලා කරු උසාවි එයි

තමාට එරෙහිව එක්‌සත් ජාතික පක්‍ෂය විසින් විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට සූදානම් වන බැවින් ඊට එරෙහිව අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා කරු ජයසූරිය මහතා පෙත්සමක්‌ ඉදිරිපත් කරන ලදී.

විදුලි සේවකයෝ 25 වැනිදා උද්ඝෝෂණයේ

මෙම වැඩවර්ජනය පිළිබඳ විදුලිබල හා බලශක්‌ති අමා ත්‍යාංශයෙන් කළ විමසීමේදී එහි ප්‍රකාශකයකු කීවේ එය ඒ හැටි ගණන් ගතයුතු දෙයක්‌ නොවන බවයි.

වසර 8කට වඩා ජාතික පාසල්වල සිටින ගුරුවරුන්ට මාරුවීම්

ඇතැම් ගුරුවරු වසර විස්‌සක ට වඩා වැඩි කාලයක්‌ එකම පාසලක ගුරු සේවයේ යෙදී සිටිති.

ගමේ දරුවන් ජාතික පාසල් ඒමේ අවස්‌ථා අඩු කරන්නේ නැහැ
- අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්‌ විභාග වන හෙයින් මෙම තීරණය ගත් බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. ජී. ජයසිංහ මහතා "දිවයින" ට ඊයේ (22 වැනිදා) පැවැසීය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් මාධ්‍යයට ප්‍රකාශයක්‌
දෙවියන්ට පොල් ගැසී ම කන්නලව් කිරීම අපේ සංස්‌කෘතියේ කොටසක්‌

මේ ගැන අපේ නීතිඥතුමා කීවේ මා අධිකරණයට අපහාසයක්‌ කළා කියලා චෝදනාවක්‌ ගෙනාවොත් ඊට එරෙහිව ජාත්‍යන්තරයට යනවා කියලා.

දේශපාලන විසඳුමක්‌ සඳහා වන තේරීම් කාර ක සභාවට සහභාගි වීම එජාපයේ ස්‌ථාවරය අද

තේරීම් කාරක සභාවට සහභාගි වීම සම්බන්ධව එක්‌සත් ජාතික පක්‌ෂයේ ස්‌ථාවරය ප්‍රකාශ කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයත්, ආණ්‌ඩුවත් ඉදිරි සාකච්ඡා පිළිබඳ සිය ස්‌ථාවරයන් ප්‍රකාශ කිරීමට නියමිතය.

මිතුරා සමග එක්‌වී අනි යම් බිරිඳගේ දියණිය කෙළෙසූ සැකකරු අත්අඩංගුවට

දෙදෙනාම හමුදාවෙන් පලා විත් සිටින අය බව පොලිසිය සඳහන් කරයි. දූෂණයට ලක්‌ වූ දැරිය මේ වනවිට නොච්චි යාගම රෝහලට ඇතුළත් කර ඇත.

අනෝද කන්න කතා කර දැරියට අතවර කළ
අසූ හැවිරිදි අය අල්ල න්න පරීක්‍ෂණ

12 හැවිරිදි දැරියක්‌ දූෂණය කළ බවට සැකපිට අවුරුදු 80 ක පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

බාල වයස්‌කාර දැරියක අපයෝජනය
සවුදි ජාතිකයින් දෙදෙනා සහ දැරිය විකුණූ කාන්තාව රිමාන්ඩ්

මෙම දැරිය මඩකලපුවේ ප්‍රදේශයේ පදිංචි කාරියක වන අතර එම සවුදි අරාබි ජාතිකයන් දෙදෙනා දැරිය හික්‌කඩුවේ සංචාරක හෝටලයක රඳවාගෙන සිටියදී හික්‌කඩුව පොලි සිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

 

  


 
  • පෙර සේ...!

    15 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ
    ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සම්බන්ධව සහ
    ඊට මේ වන විට දක්‌වා ඇති පූර්ව සූදානම ඇමැති
    වරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස පුළුල් ලෙස ආසියානු මලල ක්‍රීඩා මහ ලේකම්වරයාට කරුණු දක්‌වා ඇති බවත් ඊට කඩිනම් ප්‍රතිචාරයක්‌ ලෙස අදාළ තරගාවලිය ශ්‍රී ලංකා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.