දෙහිගස්‌තැන්නේ බුදු පිළිමයෙන් රැස්‌ විහිදෙයි

ෂේන් වීරසිංහ - ගිනිගත්හේන

අඹගමුව කෝරළයේ ගිනිගත්හේන - දෙහිගස්‌තැන්නේ ශ්‍රී අභයවර්ධනාරාම විහාරස්‌ථානයේ බුදු පිළිම වහන්සේගෙන් රැස්‌ විහිදෙන්නට පටන්ගෙන ඇතැයි විහාරාධිපති පූජ්‍ය ඩී. සද්ධානන්ද හිමියෝ "දිවයින"ට පැවැසූහ.

එහි ගිය අපට දකින්නට ලැබුණේ පහළොස්‌ රියන් උස ඇති බුදු පිළිම වහන්සේගේ දකුණු උරහිසට ආසන්නව සිවුර අතරින් දේදුනු පැහැයෙන් ආලෝක කිරණ නිකුත්වන ආකාරයයි.

1980 ජනවාරි මාසයේ 03 වැනි දින නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කරන ලද මෙම බුදුපිළිම වහන්සේගෙන් වසර 33 කට පමණ පසුව ජූලි මස 21 වැනි දින උදේ 07 ට පමණ මුලින්ම මෙම රැස්‌ විහිදීම විහාරාධිපති හිමියෝ දැක ඇත.

එතැන් සිට මේ දක්‌වාම දිනපතා විශාල පිරිස්‌ මෙය දැක බලා ගැනීමට පැමිණෙති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.