2012 සැප්තැම්බර් 20 බ්‍රහස්‌පතින්දා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster
"යුද්ධය ඉවරයි - දැන් සරණාගත කතා වැඩක්‌ නෑ"
බ්‍රිතාන්‍යයේ රැකවරණය
පැතූ ශ්‍රී ලාංකිකයන්
පිටුවහල් කරයි

දෙමළ ජනයාට හිරිහැර කරන බවට කිසිම සාක්‍ෂියක්‌ නෑ
බ්‍රිතාන්‍ය රජය කියයි
බ්‍රිතාන්‍යයේ මානුෂික අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය දැඩි විරෝධයක්‌ දැක්‌වුවද සරණාගතයන් ලෙස බ්‍රිතාන්‍යයේ ජීවත්වීමට ඉල්ලීම් කරන ලද දෙමළ ජනයා නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

සරසවි ඇදුරු සටන
400දෙනකුගේ නීතිඥ සිහිනය
තවත් වසරකින් කල්යයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් නීති පීඨ උපාධි පාඨමාලා අවසන් කර සිටින සිසුන් හාරසියයකට පමණ නීතිඥවරුන් ලෙස දිවුරුම් දීම වසරකින් කල්යැමේ තත්ත්වයක්‌ උද්ගත වී ඇත.

ඕන දේකට ලෑස්‌තියි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය සඳහා අලුතින් බස්‌ රථ යොදවන්නේ රජයේ ප්‍රතිපත්ති මත බවත් එය නතර කිරීමට පෞද්ගලික බස්‌ හිමි සංගම් සඳහා කිසිදු අයිතියක්‌ නැති බවත් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා 'දිවයින' ට පැවසීය.

අලි ප්‍රහාරයෙන් පුතා මියගිය පසු සිත් වේදනාවෙන් පියා ගෙල කපා ගනී
ගල්කිරියාගම නගරය අවට දින කිහිපයක සිට සැරිසරන වල් අලියකු 18 දා රාත්‍රියේ යතුරු පැදියක ගමන් කළ තරුණයන් දෙදෙනකුට පහරදීම නිසා එක්‌ තරුණයකු එම ස්‌ථානයේදීම ජීවිතක්‍ෂයට පත්වූ අතර අනෙක්‌ තරුණයා බරපතළ තුවාල ලැබීය.

ඉන්දීය අගමැතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට රාත්‍රි භෝජන සංග්‍රහයක්‌
ඉන්දියාවේ නිල සංචාරයක්‌ සඳහා පැමිණෙන ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙනුවෙන් ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා අද (20 දා) රාත්‍රියේ සිය නිලනිවසේදී විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ පැවැත්වීමට නියමිතය.

වයිකෝගේ විරෝධතා ගමනට
මධ්‍ය ප්‍රදේශයේ දී වැට බැඳේ!
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාංචියේ පැවැත්වෙන උත්සවයට සහභාගිවීම ගැන විරෝධය පෑමට බස්‌රථ 41 කින් පැමිණෙමින් සිටින ඊළාම්වාදීන් 2000 ක්‌ දෙනා සමග එම්. ඩී. එම්. කේ පක්‍ෂයේ නායක වයිකෝ එන ගමන මධ්‍ය ප්‍රදේශ දේශ සීමාවේදී නවත්වන බව බෝපාල් පොලිසිය පවසයි.

මුස්‌ලිම් ආගමික නායකයන්ට අපහාස වන අයුරින් ඇමරිකාවේදී චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමට විරෝධය පළ කරමින් මුස්‌ලිම් ජාතිකයෝ විශාල පිරිසක්‌ ඊයේ (19 දා) කොළඹ දී උද්ඝෝෂණයක නිරත වූහ.කොළඹ, කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ විශාල පිරිසක්‌ ඉන් අනතුරුව ගාලුමුවදොර වටරවුම තෙක්‌ පෙළපාලියෙන් ගිය අයුරු මින් දැක්‌වේ.ඡායාරූප - කමල් බෝගොඩ

දොස්‌තර වුණ කම්කරුවාට
අත්හිටුවූ සිර දඬුවම්
ගම්පොළ පෞද්ගලික රෝහලක කම්කරුවකු ලෙස සේවය කළ අයකු එයින් ඉවත් වී වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යමින් වෛද්‍යවරයකු ලෙස රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටිය දී ගම්පොළ කොට්‌ඨාස අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන...

එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩල තීරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
එක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය මගින් එම පක්‍ෂයේ නායකත්වය තෝරා පත්කර ගැනීම වසර හය දක්‌වා දීර්ඝ කිරීමට එරෙහි ඉදිරිපත් වූ පෙත්සම ගල්කිස්‌ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (19 දා) නිෂ්ප්‍රභ කරන ලදී.

කැබිනට්‌ ඇමැති ධුරයෙන්
එස්‌. එම්. අස්‌වෙයි
මල්ලීට මහ ඇමැති වෙන්න ගත් තීරණයක්‌
උතුරුමැද පළාතේ මහ ඇමැති ධුරය සිය සොහොයුරා වන එස්‌. එම්. රංජිත් මහතාට ලබාගැනීම සඳහා ගොවිජනසේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (19 දා) සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාරදී තිබේ.

  • ඇමරිකානු චිත්‍රපටයට එරෙහි වූවෝ
    සමන්තුරේ අධිකරණයට ගල් ගසති


    නබිනායකතුමාට අපහාස වන අයුරින් ඇමරිකාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට විරෝධය පළ කරමින් ඊයේ (19 වැනිදා) පෙරවරුවේ සමන්තුරේ සහ සයින්දමරුදු නගරවලට රැස්‌වූ දහසකට අධික මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ කලහකාරී ලෙස හැසිරෙමින් සමන්තුරේ අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් පොලිස්‌ නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල කිරීම නිසා එම...
     
  • ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවූයේ දැයි නොසොයා
    තොරතුරු හෙළි කළ මා අත්අඩංගුවට ගන්න හදනවා

    ලංකා ගුරු සංගමයේ ලේකම් මානව හිමිකම් කොමිසමට කියයි

    මෙවර පැවැත්වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිට වූයේ දැයි පරීක්‍ෂණ පැවැත්වීම වෙනුවට ඒ පිළිබඳව තොරතුරු හෙළිකළ තමන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරන බව පවසමින් ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (19 වැනිදා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේය.නීතිඥ ජානක අධිකාරී මහතා ඇතුළු ලංකා...

 
  • මහා පැරකුම්බාවන්ගේ
    සීත මාලිගාවටත් හානි පමුණුවලා

    මහා පැරකුම්බාවන්ගේ අග්‍රේසර නිමැවුමක්‌ වන සීත මාලිගාව වාස්‌තු විද්‍යාව පිළිබ`දව වන මහා අනර්ඝ උරුම සම්පතකි. මහා පරාක්‍රම සමුද්‍රය මධ්‍යයේ උස්‌ ගොඩැල්ලක්‌ මත පිහිටුවා ඇති මේ විශිෂ්ට නිමැවුම එතුමන්ගේ ගිම්හාන මාලිගාව ලෙස පැවතිනි.මේ උත්තම උරුම සම්පතේ තේජෝගුණය කියාපානා සියවස්‌ අටක්‌ පමණ පැරණි පුරාණ බදාම තට්‌ටුවත්, පුරාණ...

 

  • හෙට දවසේ ආර්ථික අපේක්ෂා!

    රටක ආර්ථික ප්‍රගතිය මනින ප්‍රමාණාත්මක මිනුම් අතර ප්‍රධානතම තැනක්‌ ගන්නේ ආර්ථික වර්ධන වේගයයි. ආර්ථික වර්ධන වේගය යනු දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගයයි. කිසියම් වර්ෂයක ආර්ථික වර්ධනය මැනීමේදී එම වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතය, ඊට පෙර වසරට සාපේක්‍ෂව කෙතරම් ප්‍රතිශතයකින් වෙනස්‌ වී ඇති ද යන්න මනිනු ලබයි. රටේ විවිධ නිෂ්පාදන අංශවල නිෂ්පාදිත...

  

  • ඇෆ්ගනිස්‌තානය සටනක්‌ දී පරදී
    ඉන්දියාවට ලකුණු 23ක ජයක්‌

    විස්‌සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (19 දා) පැවැති දෙවැනි තරගය වූ ප්‍රභල ඉන්දීය කණ්‌ඩායම සහ ආධුනික ඇෆ්ගනිස්‌තාන අතර තරගයේදී තියුණු සටනකින් පසු අවසානයේ ලකුණු 23 ක පරාජයක්‌ අත්විඳීමට ඇෆ්ගනිස්‌තානයට සිදුවිය.ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 8 කට ආසන්න වේගයක්‌ රඳවා තබාගත...

  

Kapruka Shopping |  News

 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.