2012 සැප්තැම්බර් 27 බ්‍රහස්‌පතින්දා

 
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster
ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු පිරිසක්‌ සම්බන්ධයි
කහවත්තේ කාන්තා ඝාතන හයම එක කල්ලියේ වැඩ
කහවත්ත ප්‍රදේශය භීතියට පත්කරමින් ඉකුත් මැයි සහ ජුලි මාසවලදී සිදුවූ කාන්තා ද්විත්ව ඝාතන සිද්ධීන් දෙකම සිදුකර ඇත්තේ මිනීමැරුම් චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින රත්නපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු සංවිධානාත්මක පිරිසක්‌ විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බවට තොරතුරු අනාවරණය වී ඇත.

බර්ටිගේ තීන්දුවලට අපි එකඟ වෙනවා
අනුරපුර ප්‍රාදේශීය දේශපාලනඥයෝ කියති
ඉදිරි දිනක උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා යම් දේශපාලන තීන්දුවක්‌ ගතහොත් තමන්ද එම තීන්දුවට අනුව ක්‍රියා කරන බව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ ඊයේ (26 වැනිදා) සවස දැත් ඔසවා ප්‍රකාශ කළහ.

ඌවේ ලංගම ලොක්‌කෝ තිදෙනෙක්‌ නිවාස අඩස්‌සියේ
සේවක වැටුප් ප්‍රශ්නය ගැන සොයා බැලීමට ගිය ශ්‍රී ලංගම ඌව පළාතේ ප්‍රාදේශීය ප්‍රධාන කළමනාකාරවරයා, ඌව ධාවන කළමනාකාරවරයා සහ සහායක නිලධාරියා මහියංගන ඩිපෝවේ සේවකයන් විසින් ඊයේ (26 දා) නිවාස අඩස්‌සියට ගෙන ඇත.

සතියක්‌ ඇතුළත වැටුප් විෂමතා ඉවත් නොකළොත් දැඩි වෘත්තීය ක්‍රියා
අන්තර් විශ්වවිද්‍යාල ඒකාබද්ධ කමිටුව කියයි
වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීමට සතියක්‌ ඇතුළත විසඳුම් නොලැබුණොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ඒකාබද්ධ කමිටුව ඊයේ (26 වැනිදා) සවස තීරණය කළේය.
 

ජනපති ශ්‍රී මහ බෝ සමිඳු වැඳ පුදා ගනී
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (26 දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. එහිදී උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන් ජනාධිපතිවරයාට පිරිත් නුලක්‌ ගැට ගැසු අයුරු. මෙම අවස්‌ථාවට උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද නව මහ ඇමැති එස්‌. එම්. රංජිත් හා හිටපු වනජීවී හා ගොවිජන සේවා අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන යන මහත්වරුද එක්‌වූහ.
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු ඡයා-සිරිල් බස්‌ණායක

සුළි සුළඟකින් රිදීමාලියද්දේ සහ මොනරාගල නිවාස රැසකට හානි
මොනරාගල දිස්‌ත්‍රික්‌කයට පෙරේදා (25 දා) සවස ඇද හැළුණු මහවැසි සමඟ හමාගිය දැඩි සුළඟින් නිවාස 81කට හානි සිදුවී ඇතැයි මොනරාගල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක ඒ. එච්. රවීන්ද්‍ර කුමාර මහතා "දිවයින"ට පැවැසීය.

නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි ගාල්ලේ වෛද්‍යවරු වර්ජනයේ
ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙනුර කේ. සිංසාරච්චි මහතාට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් ගාල්ල....

  • "ලංකා ආලෝක" ඉදිකළ පසු පැයකට ලක්‍ෂ 22 ක ඉතිරියක්‌
    විදුලිබල මණ්‌ඩලය කියයි

    කෙරවළපිටියේ ඉදිකිරීමට යෝජිත ලංකා ආලෝක එල්. එන්. ජී. බලාගාරය ඉදි කළ පසු එමගින් පැයකට ලංකා විදුලිබල මණ්‌ඩලයට රුපියල් විසිඑක්‌ලක්‌ෂ හැටහය දහස්‌ හත්සිය විස්‌සක (2,166,720) මුදලක්‌ ඉතිරි කර ගත හැකි බව ගණන් බලා තිබේ.මේ වනවිට ලංකා ආලෝක බලාගාරය ඉදිකිරීමට කෙරවළපිටියේ ඉඩමද වෙන්කර ඇති අතර බලාගාරය මගින් මෙගොවොට්‌ හාරසීය අසූඅටක්‌ ජාතික විදුලි පද්ධතියට එක්‌කිරීමට නියමිතය. මෙම බලාගාරයේ විදුලි ඒකකයක්‌ රුපියල් එකොළහකටත් අඩුවෙන් නිපදවිය හැකි බව ද ගණන් බලා ඇත.
     
  • දත් අටකට හානි කළ දොස්‌තරට එරෙහිව පොලිසියට පැමිණිලි කරයි

    මාතර ප්‍රදේශයේ රාජ්‍ය ආයතන කීපයකට හොස්‌ නොමිලේ දත් පරීක්‍ෂා කිරීමේ සායනයක්‌ ඇරඹූ දන්ත වෛද්‍යවරයකු විසින් එක්‌තරා ආයතනයක උසස්‌ නිලධාරියකුගේ දත් අටක්‌ පළුදු කිරීම නිසා එම නිලධාරියා දන්ත වෛද්‍යවරයාට විරුද්ධව මාතර පොලිසියට පැමිණිලි කර ඇත.

 
  • අක්‌ෂි සෞඛ්‍යය ආරක්‌ෂා කර ගැනීමට අක්‌ෂි තාක්‌ෂණවේදීන්ගෙන් ලැබෙන සේවය අති විශාලයි
    ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න

    අක්‌ෂි සෞඛ්‍යය ආරක්‌ෂා කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපි උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට යනතුරුම අපගේ ඇස්‌ වීඩීයෝ කැමරාවක්‌ සේ ක්‍රියාකරමින් අප අවට පරිසරයේ තොරතුරු ග්‍රහණය කරගන්නවා. අපගේ දිවිය හා බැඳි පවතින මෙම ඇස්‌ දෙක ආරක්‌ෂා කරගැනීම සඳහා අක්‌ෂි තාක්‌ෂණවේදීන්ගෙන් ලැබෙන සහයෝගය අතිවිශාල යෑයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

 

  • "දිවි නැඟුමට" එරෙහි කුමන්ත්‍රණය !

    දුප්පත්කම යනු සෑම සමාජයක්‌ම අඩු වැඩි වශයෙන් මුහුණ දෙන ගැටළුවකි. ආර්ථික සංවර්ධනය කරා ගමන් කිරීමේදී මේ දුප්පත්කම නමැති ප්‍රධාන ආර්ථික හා සාමාජයීය ගැටලුවට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය ය. බොහෝ විට අපි ආර්ථික වර්ධනය පිළිබඳව කතා කරමු. එහෙත් ආර්ථිකය ඉහළ අගයන්ගෙන් වර්ධනය වූ පමණින් රටේ දුප්පත්කමට සිදු වූයේ කුමක්‌ද, විරැකියාවට සිදු වූයේ කුමක්‌ද හෝ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු වී තිබේද යන්න පිළිබඳව අපට කිසිවක්‌ කිව නොහැකිය.

  

  • නවසීලන්ත- ශ්‍රී ලංකා ගැටුමෙන් සුපිරි වටය අද සිට
    සමබර කණ්‌ඩායම් දෙකක්‌
    තීරණාත්මක සටනක්‌


    විස්‌සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ උද්වේගකර මෙන්ම තීරණාත්මක තරග වටය වන සුපිරි කණ්‌ඩායම් 8 අතර තරග වටය සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ නවසීලන්ත අතර තරගයෙන් අද (27 දා) මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ප.ව. 3.30 ට ආරම්භ වේ.

  

Kapruka Shopping |  News

 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.