ජපානයේ එන්ජින් තෙල් ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක්‌ ශ්‍රී ලංකාවට

ලසිත දුමින්ද

ජපානයේ සියුස්‌ ලංකා සමාගම එන්ජින් තෙල් ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක්‌ ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇත.

ජපානයේ සුමිමොටෝ සමාගමට අනුqබද්ධ සමාගමක්‌ වන සියුස්‌ ලංකා සමාගම වසර 50 කට අධික කාලයක්‌ තිස්‌සේ සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස "සුපර් නෙප්රෝන්" තාක්‍ෂණය යටතේ මෙම එන්ජින් තෙල් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

බස්‌, ලොරි, ට්‍රක්‌ හා නෞකාවන්හි හා ජෙනරේටර් යන්ත්‍රවල භාවිතා කරනු ලබන එන්ජින් තෙල් කිසියම් කිලෝමීටර් ප්‍රමාණයක්‌ හෝ කාලයක්‌ ධාවනය කිරීමෙන් පසු ඉවත් කිරීමට සිදුවේ. එසේ ඉවත් කරනු ලබන එන්ජින් තෙල් වාහනය තුළදීම ප්‍රතිචක්‍රීයකරණය කොට නැවත භාවිතා කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුවේ.

එම නිසා එන්ජින් තෙල් සඳහා වැය වන මුදලින් සියයට 60 ක ප්‍රමාණයක්‌ ඉතිරි කරගත හැකි බව සමාගම සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මාලඹේ ප්‍රදේශයේ ඉදිරි දින කිපයය තුළ ආරම්භ කිරීමට නියමිතය.

ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, සී. බී. රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජපානයේ සුමිමොටෝ සමාගමේ සභාපති මොරියෝ සුමිමොටෝ හා සියුස්‌ ලංකා සමාගමේ සභාපති අකියාමා සුසුමෝ, ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සුනිල් ගමගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.