Suzuki සහ Suzuki ඵ්රමඑස අලෙවියෙන් පසු සේවා ජාලය තවදුරටත් පුළුල් වේ

සුසුකි සහ සුසුකි මරුටි අලෙවියෙන් පසු සේවය උසස්‌ සහ වැඩි දියුණු කිරීමේ අරමුණින් AMW සමාගම විසින් දීප ව්‍යාප්ත සේවා ජාලය සඳහා Island Wide Dealer's Development Training Program යන නමින් සාර්ථක පුහුණු සැසියක්‌ දින තුනක්‌ පුරා පවත්වන ලදී.

සුසුකි සහ සුසුකි මරුටි ප්‍රාදේශීය කළමනාකරුවන්ගේ සම්බන්ධීකරණය මත ලංකාව පුරා විහිදී ඇති සේවා ජාල හිමිකරුවන්, කළමනාකරුවන් සහ තාක්‍ෂණික නිලධාරීන් සඳහා මෙම පුහුණු වැඩ සටහන ඉතාමත් සාර්ථකව පවත්වන ලද අතර, එහිදී සුසුකි සහ සුසුකි මරුටි නිෂ්පාදකයන්ගේ සම්මත තත්ත්වය අනුව අලෙවියෙන් පසු උපරිම සේවාවක්‌ ගනුදෙනුකරුවන්ට ලබාදෙන්නේ කෙසේද යන්න ගැන මනා අත්දැකීමක්‌ ලබා ගන්නට සහභාගි වූවන්ට හැකි විය.

මෙම වැඩමුළුව සුසුකි සහ සුසුකි මරුටි විකුණුම් සහ අලෙවි, නඩත්තු සේවා අමතර කොටස්‌හි සාමාන්‍යාධිකාරි විරාන් ද සොයිසා මහතාගේ මඟ පෙන්වීම යටතේ "අප ඔබ සමගයි" සංකල්පයේ නිර්මාතෘ ලහිරු සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සේවා කළමනාකරණය සහ අනාගත සැලසුම් මැයින් සේවා ප්‍රධාන ලහිරු සිල්වා, පාරිභෝගික සත්කාරය මැයෙන් පුහුණු කළමනාකරු පණ්‌ඩුල මඩුගල්ල, එදිනෙදා අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සේවා හා පුහුණු කළමනාකරු ඉන්ද්‍රජිත් නාවින්න යන මහත්වරුන් දේශන පවත්වමින් තම විපුල අත්දැකීම් සහභාගිවන්නන් සමග බෙදාගනු ලැබීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.