2012  ඔක්තෝබර් 06 සෙනසුරාදා

 
 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Circulation
    ADVERTISING
   RATES
    
    Submit Your Opinion
    contact webmaster

නියෝජ්‍ය ඇමැති ලෙස
අස්‌වුණ එස්‌.එම්. යළි දිවුරයි

තම සොහොයුරාට උතුරු මැද ප්‍රධාන ඇමැති ධුරය ලබාදීම සඳහා ගොවිජන සේවා හා වනජීවී කැබිනට්‌ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූ එස්‌.එම්. චන්ද්‍රසේන මහතා සති දෙකක්‌ ඇතුළත යළිත් එම අමාත්‍යාංශයේම නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ඊයේ (05 වැනිදා) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පියාගේ අභිරහස්‌ මරණය ගැන දියණිය ආරූඪයෙන් කියයි!
"මිනීමරුවන්ට නිසි දඬුවම් දුන්නොත් මා මේ ශරීරයෙන් අයින් වෙනවා"

පසුගිය වසරේ (2011) නොවැම්බර් 25 වැනිදා පානදුර ගොරකානේ සොහොන් භූමිය අසලදී මියගිය තිදරු පියකුගේ අභිරහස්‌ මරණය ගැන සියලු විස්‌තර මියගිය අයගේ බාලම දියණිය විසින් ආරූඪයෙන් මෙන් ප්‍රකාශ කර තිබේ.

දඹුල්ල නියෝජ්‍ය නගරාධිපති අල්ලස්‌ දැලේ

දඹුල්ල නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ වෙළෙඳ ව්‍යාපාරිකයකු රුපියල් ලක්‍ෂයක අල්ලස්‌ මුදලක්‌ ලබාගනිමින් සිටියදී අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ(5 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ලෝක ගුරු දිනය අද

ඒ නිමිත්තෙන් වන ගුරු ප්‍රතිභා ප්‍රණාම උළෙල අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 9 වැනිදා පෙරවරුවේ පාදුක්‌ක මීපේ ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදී පැවැත්වෙයි.

එකිනෙකාගේ බලය පෙන්වීමට නොව
විධායකය, ව්‍යවස්‌ථාදායකය හා අධිකරණය ජනතා පරමාධිපත්‍යය රැකෙන සේ කටයුතු කළ යුතුයි
විධායකය, ව්‍යවස්‌ථාදායකය මෙන්ම අධිකරණය කටයුතු කළ යුත්තේ එකිනෙකාගේ බලය පෙන්වීමට නොව ජනතා පරමාධිපත්‍යය සුරැකෙන අයුරින් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව තවත් කුමන්ත්‍රණයක්‌ !

නොවැම්බර් 12 වැනිදා ජිනීවා නුවරදී ආරම්භ වන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමාලෝචන සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව තවත් සාවද්‍ය යුද අපරාධ චෝදනා ඇතුළත් යෝජනාවක්‌ ගෙන ඒමට ජාත්‍යන්තර කොටි ජාලය විසින් ඊයේ සැලසුමක්‌ දියත් කර ඇත.

ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ අරලියගහ මැඳුරට එති
තමන්ගේ තැන්පත් මුදල් යළි ලබාගැනීමට මැදිහත් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කිරීමට ගෝල්ඩන් කී තැන්පත්කරුවන් ඊයේ (05 දා) අරලියගහ මන්දිරය වෙත පා ගමනින් පැමිණි අයුරු සහ එA ගමනට ආබාධිත පුද්ගලයකු ද එක්‌ව සිටි අයුරු. ඡායාරූපය - සුජාතා ජයරත්න

මම බර්ටිථ නැහැ 'නෝටි'

උතුරු මැද පළාත් සභාවේ සභාපති තනතුරට එක්‌සත් ජාතික පක්‍ෂය යෝජනා කළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ඩී. එම්. ආර්. සිරිපාල මහතා පත්කිරීමට ක්‍රියා කිරීමට තමා කිසිම විටක කුමන්ත්‍රණයක්‌.....

රන් සහ යෙන් ජාවාරම සුන්!

දාහත් ලක්‍ෂ දසදහසක්‌ වටිනා රන් කැබලි 4 ක්‌ හා ජපන් යෙන් නවලක්‍ෂ හැටපන්දහසක්‌ නීති විරෝධීව චෙන්නායි නුවරට සහ ජපානයට රැගෙන යැමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීහු දෙදෙනෙක්‌ පෙරේදා (04 වැනිදා) ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මුදල් අධීක්‍ෂණ බලතල තානාපතිවරුන්ගෙන් ඉවතට

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන මුදල් සම්බන්ධව අධීක්‍ෂණය කිරීම සඳහා තානාපතිවරුන්ට පැවරී තිබූ බලය ඉවත් කර ඇත.

ජලාශ 400ක රොන් මඩ ඉවත් කිරීම එන සතියෙන් අවසන්

ජලාශ 400 ක පමණ රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරෙන බවත් ඉදිරි සතිය ඇතුළත එය අවසන් කෙරෙන බවත් වාරිමාර්ග ජලසම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා "දිවයින"ට පැවැසීය.

 
 
  • දිවි නැඟුම පනත '13' ට පටහැනියි
    - කරු ජයසූරිය

    දිවි නැඟුම පනත 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ පරමාර්ථවලට පටහැනි යෑයි එක්‌සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
     

  • 20-20 ලෝක ශූරයෝ ශ්‍රී ලංකාවද කොදෙව්වන්ද
    තීරණය හෙට රාත්‍රියේදී

    ලෝක ක්‍රිකට්‌ පිටියේ වත්මන් වේගවත්ම ක්‍රිකට්‌ ශූරයන් තීරණය කරන මහා සටන හෙවත් විස්‌සයි විස්‌ස 2012 ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම අතර හෙට (07 දා) පැවැත්වේ. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7.00 ට ආරම්භ වේ.
     


Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.