රසායනාගාර "මාµsයාවක්‌"

ඒමන්ති මාරඹේ

මුදල් වාසි මුල් කර ගෙන නුපුහුණු වෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥයන් (එම්.එල්.ටී) සේවය කරනු ලබන හා රසායනාගාර පරීක්‍ෂණ සඳහා රෝගීන්ගෙන් මුදල් අධික ලෙස ගසා කන පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සඳහා බලධාරීන් විසින් ප්‍රමිතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන්ගේ සංගමය පවසයි.

මෙසේ පෞද්ගලික රසායනාගාරලවලට ප්‍රමිතිය ලබා දීමේදී සැලකිල්ලට ගන්නා නිර්නායකයන් සකස්‌ කර අවසන් වී නොතිබියදීත් එම රසායනාගාරවලට ශ්‍රී ලංකා පුතීතන මණ්‌ඩලයේ 'එස්‌. එල්. ඒ. බී' ප්‍රමිතිය ලබා දුන්නේ කෙසේද යන්න ගැටලුවක්‌ බව එම සංගමය කියයි.

මෙසේ ප්‍රමිතිය ලබා දී ඇති සමහර පෞද්ගලික රසායනාගාර මගින් රුපියල් 100 ක්‌ වැය කෙරෙන පරීක්‍ෂණයක්‌ සඳහා රෝගීන්ගෙන් රුපියල් 600 ක්‌ ද, රුපියල් 600 ක්‌ වැය වන පරීක්‍ෂණ සඳහා රුපියල් 1000 ක්‌ ද අය කර ගන්නා බව අනාවරණය වී ඇතැයි වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන්ගේ සංගමයේ ප්‍රකාශකයකු 'දිවයින' ට පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.