බානගොඩ මාතෘ සායනයට
අවු: 2 කින් වෛද්‍යවරිය ඇවිත් නෑ

මවුවරු හා දරුවෝ දැඩි අපහසුතාවක

පැල්මඩුල්ල - තුසිත් සාගර

රත්නපුර - බාතගොඩ හන්දියේ පිහිටුවා ඇති සෞඛ්‍ය මධ්‍යස්‌ථානයට දැනට අවුරුදු 2 ක කාලයක සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය නොපැමිණීම නිසා මාතෘ හා ළමා සායනයට ප්‍රතිකාර සඳහා පැමිණෙන 350 ක්‌ මවුවරුන්ද කිරි දරුවන්ද අපහසුතාවට පත්ව සිටිති.

ජංගම සායනයට ප්‍රවේශ වන මාර්ගය බෝවැන්න හන්දියේ සිටම අබලන්ව පවතින හෙයින් වෛද්‍ය නිලධාරිනිය නොපැමිණෙන්නේ යෑයි එහි ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින මවුවරු පවසති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.