2012 ඔක්තෝබර් 07 ඉරිදා
 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු මේ වසරේ දෙන්න බෑ

පසුගිය (2011) වසරේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු මේ වසරේ නිකුත් කිරීමට නොහැකි වනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග අනාවරණය කළේය.


නියඟයෙන් මහකන්නයේ වගා කටයුතු නවතී

නියඟය තවදුරටත් පවතින බැවින් මහ කන්නයේ වගා කටයුතු ආරම්භ නොකරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවි ජනතාවට දැනුම්දී තිබේ.

ලෝක කුසලානය අද

2012 පන්දුවාර 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගය අද (07 වැනිදා) ප.ව. 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අලුත් භාණ්‌ඩාගාර බිල්පත්වලිනුත් කෝටි 7960 ක්‌ ණය අරන්

ගිය වසරේ (2011) භාණ්‌ඩාගාර බිල්පත් නව නිකුතුවලින් රජය ලබා ගැනීමට අපේක්‍ෂා කළ ණය ප්‍රමාණය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

දුම්රියට බාල ඩීසල් ලීටර් 78000 ක්‌ දීලා

ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දෙන ලද තත්ත්වයෙන් බාල ඩීසල් ලීටර් 78000 ක තොගයක්‌ කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකිව දුම්රිය දෙපාර්තමේන්තු ධාවනාගාර පිරවුම්හල්වල ගොඩගැසී ඇතැයි එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයක්‌ "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂයෙන් විරෝධතා රැල්ලක්‌

අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සහ පසු ආණ්‌ඩුවට එරෙහිව විරෝධතා දියත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයත්, ජනතා විමුක්‌ති පෙරමුණ හා ඊට සම්බන්ධ වෘත්තීය සමිතිත් තීරණය කර ඇත.

බුද්ධගයාව තවදුරටත් (තෝරා) බේරාගත යුතුව ඇත

"සිංහලයෙනි අවදිවව්" "බුද්ධගයාව බේරාගනිව්" කියමින් සිංහලයන් අවදි කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාණන් ගැන සිංහලයන් මෙන්ම බෞද්ධයන් හැටියට අප අසන්නේ පාසලේ කියාදුන් පාඩම් තුළිනි.

අම්පාර ප්‍රදේශයේ පවතින උග්‍ර ජලහිඟය නිසා අම්පාර මඩවෙලලන්ද විද්‍යාලයේ සිසු දරු දැරියන් ජලය සිඳීගිය ආරක්‌ මධ්‍යයේ පූවළක්‌ හාරා ජලය ලබාගැනීමට උත්සාහ දරන අයුරු.

ඕස්‌ටේ්‍රලියාවට පලා යමින් සිටි  2409 ක්‌ මේ වසරේ අත්අඩංගුවට අරන්

නාවික හමුදාව මෙම වසරේ සිදුකළ නාවික මෙහෙයුම්වලින් ඔස්‌ටේ්‍රලියාව බලා නීති විරෝධී ලෙස මුහුදින් පලා යමින් සිටි අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 2409 දෙනකු සමඟ බෝට්‌ටු 47 ක්‌ අත්අඩංගුවට ගෙන රහස්‌ පොලිසිය වෙත භාරදී ඇතැයි නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවැසීය.

පොලිසියට තවත් අශ්වයෝ 18 ක්‌

රුපියල් ලක්‍ෂ 486 ක පමණ මුදලක්‌ වැයකර පොලිස්‌ අශ්වාරෝහක අංශයට අලුතින් අශ්වයන් 18 දෙනකු පිටරටින් ගෙන ඒමට පොලිස්‌ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

තමිල්නාඩු - ශ්‍රී ලංකා අලුත් කොටි සබඳතා හෙළි වේ

තමිල්නාඩුව තුළ ක්‍රියාත්මක වන කොටි හිතවාදී සංවිධාන තුනක්‌ සමඟ ශ්‍රී ලංකාවේ හිටපු කොටි සබඳකම් පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි සේවා විසින් තවදුරටත් විමර්ශනයක්‌ අරඹා ඇත.

උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගයීම් හෙට ඇරඹේ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය අවසන් වනතෙක්‌ උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගැයීම්වලට සහභාගි නොවන බව ගුරු වෘත්තීය සංගම් ප්‍රකාශ කළ ද උත්තර පත්‍ර ඇගයීම් හෙට (08 වැනිදා) සිට ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. විෂයයන් දාහතරකට අදාළව ඇගයීම් ආරම්භ කෙරේ.

ගල්අඟුරු - ටොන් මිලියන දෙකක්‌ නොරොච්චෝලෙට වැඩිපුර ගෙනත්

නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා අවශ්‍ය තරම් ගල්අඟුරු තිබියදී ඉන්දුනීසියාවෙන් 2013 වසර සඳහාත් ගල්අඟුරු ටොන් මිලියන දෙකක්‌ ඇනවුම් කිරීමේ සිද්ධියක්‌ අනාවරණය වේ.

එල්ලන්න වටිනා බන්ධනාගාරය

"නීතියේ පහරණ බන්ධනාගාර ත්‍රස්‌තවාදය", "පිනා ගොනා වී බිඳින බන්ධනාගාර වළං කද" මේ සටහන් කෙරුණේ මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ කලක පටන් පවතින ගරා වැටීම සම්බන්ධයෙන් ඉකුත් කාලයේ අප තැබූ සටහන් රැසක්‌ අතරින් දෙකක්‌ සඳහා යොදා ගැනුණු ශීර්ෂ පාඨ පමණකි.

මගීන් 19 දෙනකු බිලිගත් නේපාල ගුවන් යානය බිම හෙළුවේ ගිජුලිහිණියාද?

නේපාලයේ මේ නොබෝදා සිදුවූ ගුවන් අනතුර ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. කුඩා වර්ගයේ එම ගුවන් යානය කත්මණ්‌ඩු නුවර සිට එවරස්‌ට්‌හි මූලික කඳවුරක්‌ කරා යැමටයි උත්සාහ කළේ.


 
  • කහවත්තේ ඇත්ත හා දේශපාලන තොත්ත බබාලා

    කහවත්ත කොටකෙතනෙන් යළිත් මේ රටේ සිවිල් මිනිස්‌සුන්ගේ ජීවිත ස්‌වරූපය පිළිබ`ද තක්‌සේරු වාර්තාවක්‌ ඉදිරිපත් වී තිබේ. එය ඉදිරිපත් කරන්නේ දැනට කුරුවිට බන්ධනාගාරයේ පසුවන රටේ රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වරයෙක්‌ වූ, ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුව සිටි එල්.එම් ධර්මසිරිය.
     
  • මාලිනී එන්න යළිත් දිව්රුම් දෙන්න!

    පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වරප්‍රසාද ලත් තනතුරක්‌. ආණ්‌ඩුවේ මන්ත්‍රීවරයෙක්‌ නම් බලතල, පිළිගැනීම් වඩාත් වැඩියි. එවන් තනතුරකින් ඉල්ලා අස්‌වන අයත් සිටීද? තවත් කෙනකුට අවස්‌ථාව ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින නිළි රැජිණ මාලිනී ෆොන්සේකා මහත්මිය පසුගියදා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වූවාය. වරප්‍රසාද රැසක්‌ භුක්‌ති විඳිය හැකි තනතුරකින් ඉල්ලා අස්‌වීමට තරම් ඕ පරිත්‍යාගශීලී වූයේ කෙසේද? ඊට හේතුව ඈ කලාකාරියක වීමය. සියුම් සංවේදී චරිතයක්‌ වීම නිසාය.
     
  • නයෙකුට පෙම්කළ වරදට විඳවන නළගන මෑ!

    නයි නළඟන දැන් හරි ප්‍රසිද්ධය. පසුගිය අගෝස්‌තු මස 28 වැනිදා කොල්ලුපිටිය, ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ, ක්‌ලියෝපැට්‍රා රාත්‍රි සමාජ ශාලාවේදී (නයිට්‌ ක්‌ලබ්) මේ නයි නළඟන පොලිසිය අත්අඩංගුවට ගත්තේ, නාගයකු සමග සිටියදීය.

     
  • උපකුලපතිවරු මෙසේ කියති

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය මේ වන විට අපේ රට තුළ බරපතළ ප්‍රශ්නයක්‌ නිර්මාණය කර තිබේ. මෙවර අපොස උසස්‌ පෙළ විභාග උත්තරපත්‍ර අගැයීම් කටයුතුවලින්ද ඔවුන් ඉවත්වී සිටීම මේ අර්බුදය වඩාත් තීව්‍ර කිරීමට හේතුවක්‌ වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පිළිබඳව විශ්වවිද්‍යාල කිහිපයක උපකුලපතිවරුන් දරන අදහස්‌ කිහිපයකි මේ....

  • උතුරුමැද අවුල කැබිනට්‌ මණ්‌ඩලයට කියමින්
    දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය ගැන ජනපතිගෙන් පාඩමක්‌

    උතුරුමැද සභාපති තනතුර මෙවර වුණේ දිට්‌ඨධම්ම වේදනීය කර්මය මතක්‌ කර දීමක්‌
    උතුරුමැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා අලකලංචිය ටිකෙන් ටික නිවී යමින් තිබෙන අතරවාරයේ තවත් වේගවත් දේශපාලන සතියක්‌ ගෙවී ගියේය.

     

  • "ශ්‍රී ලංකාව දෙකඩ කරනවා"
      තමිල්නාඩුවේ වයිකෝ

    තමිල් සෙල්වන් වෙනුවෙන් කඳුළු සැලූ ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්වයක්‌ මැණික්‌ෆාම් ප්‍රදේශයේ සැරිසරයි
    මුල්ලිවෙල්ලිවයික්‌කාල්හි මිනී වළවල් හෑරීමට උත්සාහ කරන අබිරහස්‌ මාධ්‍ය කණ්‌ඩායමක්‌
    සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්ය යළි මතුවී ජාතික හෙළ උරුමය තහනම් කරන්න යෑයි කේවට්‌ට උපදෙස්‌ දේ

       

  • විදුලිබල මණ්‌ඩලය මාෆියාවකට යට වෙලාද?

    බලශක්‌තිය අද ලෝකයට අත්‍යවශ්‍ය දෙයකි. ජලය, ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් තරමටම බලශක්‌තිය ද නැතුවම බැරි තත්ත්වයට පත්ව ඇත. පොසිල සීග්‍රයෙන් මිහිපිටින් තුරන්ව යමින් තිබෙන බැවින් බලශක්‌ති අර්බුදයකට මුළු ලෝකයම පත්වෙමින් තිබේ. පොසිල තව වසර හතළිස්‌පහකින් පමණ අවසන් වනු ඇතැයි ගණන් බලා තිබේ.

  • මොබිටෙල් ආයතනය නවීන තාක්‍ෂණයන් ඔස්‌සේ සන්නිවේදන ජාල පුළුල් කිරීමේ මෙහෙයුමක

    ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය 'TE Corporation සහ Huawei Technologies ආයතන සමග ව්‍යාපාර සහයෝගීතාවකට එළඹේ. මෙම ව්‍යාපාර සහයෝගීතාවට අදාළ ගිවිසුම්වලට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති නිමල් වෙල්ගම මහතා අධ්‍යක්‍ෂ ඒ. එච්. ඩබ්ලිව්. අඹවත්ත මහතා සහ 'TE Corporation Huawei Technologies ආයතනවල නියෝජිතයන් අත්සන් තැබීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ චීනයේ ජාතික ජනතා කොන්ග්‍රසයේ සභාපති වූ බැන්ගූ මහතා ඉදිරියේ පසුගිය දින සිදුවිය.

 

  • බොරු සහතික නැහැ
    ඒත් හොඳ සෙන්ස්‌ එකක්‌ තියෙනවා...


    සුපිරි තරු මාවතේ ගමන් කළ ඔහු සැබෑවටම සුපිරි තරුවකි. එදා අනුන්ගේ ගීතයකින් වේදිකාවට ගොඩ වී අද වන විට තමන්ටම කියා අනන්‍යතාවක්‌ ගොඩනගාගෙන ඇත. ඔහු සංගීත අධ්‍යක්‍ෂණයෙන්, මෙන්ම කටහඬ පුහුණු උපදේශකවරයෙක්‌ ලෙසද කටයුතු කරයි.

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.